Uncategorizedවෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල්

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල්

-

spot_img

වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල් – Devilled Squid

දැල්ලෝ කියන්නේ සී ෆුඩ් අතරෙ ජනප්‍රියම කෑමක්. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ දැල්ලො කරියක් විදිහට හදා ගන්න. ඒත් මේ දැල්ලො ඩෙවල් එක කියන්නෙ වෙනස්ම රසයක් තියෙන කෑමක්. කටට රසට කන්න කැමති අයට ගැලපෙනම කෑමක්. ගෙදරදිම දැල්ලො ඩෙවල් එකක් හදා ගන්නෙ කොහොමද බලමු. 

Devilled Squid

අවශ්‍ය ද්‍රව්‍ය

දැල්ලෝ 500g

ලොකු ළූණු ගෙඩි 2ක්

මාළු මිරිස් කරල් 2ක් Devilled Squid

තක්කාලි ගෙඩියක්

අමුමිරිස් කරල් 3, 4ක්

ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1ක්

කෑලි මිරිස් මේස හැඳි 1½ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි ¼ක්

සෝයා සෝස් මේස හැඳි 1ක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

සීනි තේ හැඳි ½ක්

රස අනුව ලුණු

පොල්තෙල් අවශ්‍ය පමණට

කරපිංචා

රම්පේ

සාදන ආකාරය

මුලින්ම දැල්ලෝ හොඳින් පිරිසිදු කරලා සෝදාගෙන රවුමට කපාගන්න. දැල්ලෝ ටිකට කහ කුඩු, ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට විනාඩි දහයක් විතර සීසන් වෙන්න තියන්න.

දැන් තාච්චියක් ලිපේ තියලා පොල්තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්න. තෙල් රත් වුණාට පස්සෙ දැල්ලෝ ටික තාච්චියට දාලා විනාඩි 3–4ක් විතර බැදගන්න. දැල්ලො ගොඩක් වෙලා බැදගන්න එපා. එතකොට තද ගතිය වැඩි වෙනවා. බැදගත් දැල්ලො ටික වෙනම භාජනයකට අයින් කරගන්න.

Devilled Squid

ඊළඟට දැල්ලෝ බැදගත් තෙල් තාච්චියටම තවත් තෙල් ස්වල්පයක් තවත් එකතු කරලා ඒකට රම්පේ සහ කරපිංචා දමා සුවඳ එනතුරු බැදගන්න. මේකට ඉඟුරු, සුදුළූණු පේස්ට්ත් එකතු කරලා තත්පර කිහිපයක් බැදගන්න. ඊට පස්සෙ ලොකු ළූණු, මාළු මිරිස් සහ අමුමිරිස් එකතු කරලා වැඩි තෙම්පරාදු කරගන්න. දැන් ලිපේ ගින්දර අඩු කරලා කෑලි මිරිස් සහ ඉතිරි ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරන්න. ඊළඟට සෝයා සෝස්, තක්කාලි සෝස් සහ සීනි එකතු කරලා හොඳට කලවම් කර ගන්න. සීනි ස්වල්පයක් එකතු කිරීමෙන් සෝස්වල සැර රසය බැලන්ස් කර ගන්න පුළුවන්.

දැන් දැල්ලෝ ටික තාච්චියට එකතු කර ගන්න. ඒකටම ලොකුවට කපාගත් තක්කාලිත් දාලා හොඳට කලවම් කරලා විනාඩි කිහිපයක් පමණ පිසගෙන ලිපෙන් බාගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you