NovelsShort Storiesෆේ සහ ඒන්ජල්

ෆේ සහ ඒන්ජල්

-

spot_img

ෆේ සහ ඒන්ජල් – Mama

මම නාන බේසමට වී දෙපා ශේව් කරමින් සිටින අතරතුරදී මගේ අම්මා මියගොසින් ය යන ඇමතුම ලැබුණි. රෝස පැහැ නාන බේසමේ කෙළවරට දෙපා තියාගෙන අම්මා ඇගේ ඇඳ මත සිහිසුන්ව සිටි අන්දම සහ ඇය අසල හිස් වූ නිදි පෙති බෝතලයක් තිබූ අයුරු නිලධාරී හෙන්ඩර්සන් පවසන අයුරු අසා සිටියෙමි. ඔහු කතාකරන අතරේ මම කරාමයෙන් ක්‍රමානුකූලව මුදා හරින ජල බිඳිතිවල හඬ අසා සිටියෙමි.

“ඔයා දන්නවද, ඇගේ අසල්වැසියා දැකලා තියෙනව අම්මට ආව ලියුම් බොක්ස් එක ළඟ එකතුවෙලා තියෙනවා. අහ්, ඇයට ඒකයි සැක හිතිලා තියෙන්නෙ..”

නිලධාරි හෙන්ඩර්සන් පැවසුවේය.

“ඇය කොච්චර කාලයක් එහෙම ඉඳලද ?”

“මොකක්?”

“එයා මැරිලා කොච්චර දවස්ද?”

“ඕකේ. අපි හිතන්නේ සතියකට වැඩියි. මම කියන්නෙ නරක් වෙලා තියෙන විදිහෙන්”

ඔහු දිගු හුස්මක් ගත්තේය. ඇමතුම විසන්ධි කෙරූ මම නාන බේසමට වමනය කළෙමි.

Mama

—————————————————————————————————————————————————————————————

මෙක්සිකානු දේශසීමාවට නුදුරින් පිහිටි ඇරිසෝනාවල, මම හැදී වැඩුණ කුඩා නිවහන දෙස බලා සිටියෙමි. අම්මා සතු වූයේ එය පමණකි. දැන් මේ නිවස මගේය. එය විහිළුවක් මෙනි. සමහරවිට අපි ආයෙමත් ඇරඹූ තැනටම කැරකී එයි. ටෙක්සාස් වලදී මට හොඳක් සිදු නොවූ නමුත් ජීවිතය ඇත්තේ එතැන බව මට දැනුණි. පැය මම ජීවිතය පුරාම කරදරවලට මුහුණ දුන්නෙමි. වැඩිමනත් අනුන්ගේ කරදරවලට. රිය පැදවීමෙන්ම ගතට වෙහෙසක් දැනේ. මට වේදනාව සමනය කිරීමට යමක් අවශ්‍යය. විනාඩි 45 කට පමණ පෙර මත්පැන් සාප්පුවක් පසු කළ බව මට මතක් විය. මම කිසි විටෙකත් මේ නිවසට නැවත පැමිණෙනු ඇතැයි කිසි විටෙකත් නොසිතුවෙමි.

ගබඩාව බවට පත් වූ සමාජ ශාලාවට පැමිණෙන විට, “HAPY HOR 6-8 BOGO BEER” යනුවෙන් ලියා ඇති විශාල අකුරු පුවරුව පෙනේ. ඇතුළත, ඇස් අන්ධකාරයට හුරු වීමට සුළු වෙලාවක් ගත වේ. නමුත් අවසානයේ, හෝර්ග්ලාස් හැඩැති වේදිකාවක දෙපස කණු වටා කැරකෙන ගැහැණු ළමයින් දෙදෙනෙකු දැකගත හැකිය. මෙතැනට යන විට හුරුපුරුදු බවක් දැනෙන නමුත් මම වැරදිය. මට මෙතැන නොගැළපේ. මම අවුරුදු 30ක ගැහැණියකි. කාමරයම මා දෙස හැරී බලයි. පිරිමින් සිනාසෙමින් ඔවුන්ගේ සුඛෝපභෝගී පුටු වලට වී සිටිති.

“සාදරයෙන් පිළිගනිමු.”

ඝෝෂාකාරී හඬක් ඇසේ.

“හායි. මට මොනවද කරන්න පුළුවන්.…,”

ඇලිස් අසයි.

“හේයි, ඇලිස්,”

මම පුටුවක් ගෙන ඇය පපුවට තද කරගෙන සිටින රෙදි කඩ දෙස බලා සිටිමි.

“ෆේ.. ඩාලිං, මට ඔයාගෙ අම්මා ගැන හරි කණගාටුයි.”

ඇය රෙදි කඩ බිම තබා ඇගේ අත් මගේ අත් මත තබයි. ඇය සමහර විට මම කුඩා කාලයේ දී කාර්යබහුල වේලාවන්හිදී අම්මා මට නවාතැන් දුන් පැරණි VIP කාමරයේ දොර විවෘත කළාය. ස්ටූල් එකෙන් ස්ටූල් එකට කැරකෙමින් සහ පිම්මේ යන ආකාරයත් ඇගේ සිහින් සිරුර අස්වාභාවික ආකාරයෙන් සෙලවෙන ආකාරයත් මම බලාසිටියෙමි. ඈ පෙනුනේ තව දුරටත් සෙල්ලම් කිරීමට අකමැති කැඩුණු බෝනික්කෙකු මෙනි.

Mama

“ස්තූතියි, ඇලිස්. මම ආවා… තවම ගෙදර ගියෙත් නැහැ. බීමක් ගන්න ඕනෙ .”

“ඇත්තටම, පැටියෝ. ඔයා මොනවටද කැමති?”

“බියර් එකක් ගන්නම්. දෙකක්ම දෙන්න.”

“ඇත්තෙන්ම, පැටියෝ.”

ඉදිරිපස දොර විවෘත වන අතර නව අනුග්‍රාහකයෙකු ඇතුළු වෙයි. ඇලිස් ඔහුට ආචාර කරන්නේ මට බියර් පිරිනමමිනි. ඔහු පුටුවක් තබාගෙන, කාමරයේ මැද සිටින උඩුකය නිරුවත් කාන්තාවන් දෙස නොබලා අප දෙස බලා සිටියි. පිරිමියෙකුගේ අවධානය වළක්වා ගන්නා ආකාරය මම කුඩාවියේම ඉගෙන ගත්තෙමි.

“ඔයා කවදාවත් ඇස් දිහා බලන්න එපා බබා. තේරුණාද? ඔළුව පහත් කරන් ඉන්න.”

අම්මා කියා දුන්නාය. ක්ලබ් එකට යනවිට ඈ මගේ ඇඟ ආවරණය කරන විශාල ෂර්ට් එකක් මට ඇන්දුවාය. එය ලාභ එකකි. එය මගේ තාත්තාගේදැයි දැන ගැනීමට සිතුණත් මම ඒ බැව් ඇගෙන් නොඇසුවෙමි.

“මම මෙහෙ වැඩ කරන්නේ නැහැ, සොරි,”

මම කෑගසා අර මිනිසාට පැවසුවෙමි.

“ලැජ්ජයි,”

මිනිසා ගොරෝසු හඬින් පැවසුවේය. ඔහුගේ මුහුණ කව්බෝයි තොප්පියකින් වැසී ඇත. දෑත් අඳුරු වී රැළි වැටී ඇත. අඳුරු කාමරයේ, ඔහු මිනිසෙකුට වඩා සෙවනැල්ලකි.

“ඔයා ඔයාගේ අම්මා වගේ,”

ඔහු පැවසුවේය. මගේ පපුවේ මොකක්දෝ පුපුරා යනු දැනුණි. හකු දෙපස හා ගින්නක් ගමන් කරයි. මම පුටුවෙන් නැගිට වේදිකා ආසනයකට ගමන් කෙරුවේ, යළි මෙහි නොඑන බව සිතාගෙනයි.

අම්මා කවදාවත් ඇගේම උපදෙස් පිළිපැද්දේ නැත. මම හැම පිරිමියෙකුටම No, thanks කියන අතරේ ඈ හැම එකෙකුම ඈ වෙත ඇද ගත්තාය. ලොකු සිනහවක් දාගෙන සිහින් දිගු ඇඟිලි වටා සිය රන්වන් විග් එකේ කෙහෙරැලි කරකවමින්. ඔවුන් ඇයට කොතරම් ආස කළාද යත් සමහරවිට අපේ නිවසටත් ආවෝය. එවිට මම කාමරයට වී සිටියෙමි. ඉතින් මෙහි ඈ නොදන්නා පිරිමියෙක් නොමැති තරම් ය.

“අද රෑ ඔයාට කොහොමද?”

ඉණ දක්වා දුඹුරු පැහැති හිසකෙස් ඇති ගැහැණු ළමයෙක් මා ඉදිරිපිට සිටියි. ඇගේ දෑස් බලාපොරොත්තුවෙන් දිලිසේ.

“මම ඒන්ජල්. ඩාන්ස් කරන්න එනවද?”

“නෑ, ස්තූතියි. මම බලාගෙන ඉන්නම්,” 

මම පිළිතුරු දෙමි. අනතුරුව තැළුණු ඩොලර් නෝට්ටු දෙකක් එළියට ගෙන වේදිකාව මත තැබුවෙමි. සෙවනැලි මිනිසා සෙමෙන් වේදිකාව දෙසට ගමන් කරමින්, ඇය දෙසම බලා සිටින්නීය. හදිසියේම ඔහු ඒන්ජල්ගේ අත අල්ලා ඇගේ ඇඟිලි ඔහුගේ මුඛයට දා ගනී. ඒන්ජල් ගැස්සෙයි, නමුත් නිසොල්මන්ය.
මම නැඟිට වටපිට බලමි. ඇලිස් බාර් එකේ අසුනක ඉඳ ගත්තාය.

“ඒයි! මම ඩාන්ස් කරන්නම්.”

මම ඒන්ජල් දෙසට හැරී කෑගැසුවෙමි. ඇය සහ සෙවනැලි මිනිසා මා දිහා බලාගෙන සිටි අතර අනතුරුව ඈ එතනින් ඉවත් විය.

“ඉක්මන් කරන්න,”

ඇය මුමුණමින් වේදිකාව පිටුපස පබළු තිරයක් හරහා මට අත වැනුවාය.

“ඒයි, ඉන්න, කොච්චරද? මට තියෙන්නේ පහළොවක් විතරයි.”

“ඒක හොඳයි!”

ඒන්ජල් ඇගේ උරහිසට උඩින් කතා කරයි. පසුව කුඩා කාමරයකට මාව රැගෙන ගොස් ඇගේ යට ඇඳුම් සකස් කිරීමට පටන් ගනියි.

“ඔහ්, ඔයා ඩාන්ස් කරන්න ඕනෙ නෑ. මට ඒක බලන්න ඕන වුණේ නෑ.” 

Mama

“ඔයා මෙහෙට අලුත් වෙන්න ඇති. ඒ එඩ්. ඔහු කරන්නේ ඔහුට අවශ්‍ය දේ, අපි ඔහුට ඉඩ දෙන්න ඕනෙ. කලබල වෙන්න එපා.”

“ඇයි? ඔයා ‘නැහැ’ කිව්වොත් මොකද වෙන්නේ?”

මම අසමි.

“ඔහුට එකඟ නොවුණු අවසාන කෙල්ල පැට්. එයා ආයෙ මෙහෙ ආවෙ නෑ. මාස තුනකට පස්සෙ එයාගෙ මිනිය හම්බුනා අතෑරලා දැම්ම කාර් එකක තිබිලා.”

“ඒත්…”

“මට දුවෙක් ඉන්නවා,”

ඒන්ජල් දෑස් පියා ගනී. ඇගේ දෑත් මෘදු ලෙස මගේ දණහිස් මත රැඳේ.

“මට මේ රස්සාව ඕනෙ .”

“මාත් එක්ක ගෙදර එන්න,”

මම නැගිට පවසමි.

“මොකක්ද?”

ඇය සිනාසෙමින් අසයි.

“නිකන්… ඔයාට මෙතන ඉන්න බෑ..”

“මගේ ගෙදර සල්ලි තියෙනවා, ඒ නිසා අද රෑ ඔයා හොයන ඕනෑම දෙයක් ඔයාට දෙන්න පුළුවන්,”

මම පවසන්නේ අම්මා තවමත් ඇගේ යට ඇඳුම් ලාච්චුවේ මුදල් තොගයක් තබාගෙන සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇය බැංකු විශ්වාස කළේ නැත.

“මම දන්නේ නැහැ…”

ඒන්ජල් ඇගේ දෑත් නවාගෙන, කුඩා පියයුරු ආවරණය කර ගනියි.

“බලන්න, මගේ අම්මා මෙහෙ වැඩ කරා. මේ ශාලාවේ කෙළවරේ පිටුපස දොරක් තියෙනවා කියලා මම දන්නවා, අපිට එතනින් යන්න පුළුවන්. ඔයාට මගේ කාර් එක එළවන්න පුළුවන්.”

“මට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද ”

ඒන්ජල් අහනවා.

“හොඳයි, ඔයා කැමති තාක් කල්.”

—————————————————————————————————————————————————————————————

අම්මාගේ නිවසින් දොර අගුළු ඇර මම ඈ හා ඇතුළට යමි. ගෙදර මොන තත්වෙකද බව මම නොදනී. එය කුඩා තැනකි.

“හොඳයි, මම ඔයාට ඒ සල්ලි දෙන්නම්. කීයද?”

“ඩොලර් 250ක් ”

ඒන්ජල් පවසයි. ඇය විසිත්ත කාමරයේ අපැහැදිලි රෝස පැහැති සෝෆාව මත වාඩි වී සිටියි. මම අම්මාට වයස අවුරුදු පහේදී මිලදී ගැනීමට ඒත්තු ගැන්වූ බාබි සෝෆාව.

“මගේ ඇත්ත නම ක්‍රිසී.”

“මගේ නම ෆේ.”

අම්මාගේ නිදන කාමරය ඉතා පිළිවෙලය. මම ඇගේ ඇඳුම් ආයිත්තම් ලාච්චුව විවෘත කරන විට, රබර් පටියකින් බැඳ ඇති මුදල් තොගයක් තිබේ. එය පැල්ලම් සහිත කපු යට ඇඳුම් තට්ටුවක් යට තිබේ. මට එය මතක ඇති තැන. නමුත් තවත් දෙයක් ද ඇත. ඉදිරිපස “ෆේ” යනුවෙන් ලියා ඇති කුඩා ලියුම් කවරයකි. ඒ ඇගේ අත් අකුරුය.

Mama

මගේ ආදරණීය ෆේ,

ඔයා මේක කියවනකොට මම මේ ලෝකෙ නැහැ. ඔයාට මෙහෙට එන්න කොච්චර කාලයක් යයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔයත් අන්තිමට එයි කියලා මම දන්නවා. පොලිසිය මම වගේ ගෑනියෙක්ගෙ දේවල් ඒ තරං හොයන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා එයාලා කියන දේවල් විශ්වාස කරන්න එපා. ඔයා ගෙදරින් ඔයාට ඕන දේවල් අරන් අනිත් ඒවා අයින් කරන්න. ඕන නම් පුළුස්සලා දාන්න. ඊට පස්සේ ඔයා යාවි. ආපහු එන්නේ නැහැ. නයිට්ක්‍රෝලර්ගෙන් පරිස්සම් වෙන්න. මම ඔයාට ආදරෙයි ෆේ. මම ඔයාව ආඩම්බර වෙන්න පුළුවන් විදිහට හැදුවා.

ඔයාගේ අම්මා

වෙවුලන ඇඟිලිවලින් මම ලියුම සාක්කුවේ දමා ගත්තෙමි. හිතම බර වී ඇත. ක්‍රිසී ඡායාරූපයක් ඇතැතිව විසිත්ත කාමරයේ සිටියාය.

“මේ ඔයාගේ අම්මාද?”

එහි මට වයස අවුරුදු තුනක් හෝ හතරක් පමණ වන්නට ඇත. මගේ පිරුණු කම්මුල් මත වැනිලා අයිස්ක්‍රීම් තැවරී ඇත. අම්මා මා දෙස බලමිනි. ඇය අතිශයින් රූමත්ය.

“ඔව්,”

කඳුළු නොනැවතී ගලා යයි.

“මම ඇයව දන්නවා, ඇය සමාජ ශාලාවට එනවා. කෙල්ලන්ට කෑම, ඇඳුම් එහෙම අරගෙන. ඇයව ටික කාලෙකින් දැක්කෙ නෑ”

“ඇය මැරිලා,”

මගේ හඬ බිඳී ඇත.

“අනේ..මට සමාවෙන්න. ඇය හොඳ කෙනෙක්”

“නයිට්ක්‍රෝලර් කියන්නෙ කවුද කියල ඔයා දන්නවද?”

ඒන්ජල් තිගැස්සුණේය.

“ඔව්, ඒ එඩ්ගෙ අන්වර්ථ නම.”

උදුනේ ගිනි පුපුරු නිවී යයි. ගින්න සීතලව ඇත. මම සිටිය යුතු තැනට පැමිණ ඇති බැව් මට වැටහේ.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Lauren Staehle විසින් රචිත Mama කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි.]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you