Travelස්ටාර් ගේට් ලකුණ සහිත ගල පිහිටි රන්මසු උයන

ස්ටාර් ගේට් ලකුණ සහිත ගල පිහිටි රන්මසු උයන

-

spot_img

ස්ටාර් ගේට් ලකුණ සහිත ගල පිහිටි රන්මසු උයන 

අනුරාධපුරය ආගමික, සංස්කෘතික ලෙස වැදගත් වීම වගේම අපේ රටේ විශ්මිත වාරි කර්මාන්තය මුළු ලොවක් හමුවේ නමක් තබන්නට සමත්ව ඇත. මේ නිසාම අනුරාධපුරය වසර පුරාම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතින්නේය. බෞද්ධ මෙන්ම අන්‍ය ආගමිකයන්ද ගෞරව ආදරයට පාත්‍ර වූ මෙම පුදබිම ඔබත් බොහෝ වරක් සංචාරය කර තිබෙනවාට නොඅනුමානයි. 

Anuradhapura Sacred City

අනුරාධපුරය සංචාරය කරන ඔබ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළුව පුදබිම් වැඳ පුදා ගන්නට අමතක නොකරති. එහෙත් මෙයට අමතරව බෞද්ධ සිද්ධස්ථාන සහ ඓතිහාසික තැන් රැසක් එහිදී දැකබලා ගැනීමට ද හැකියි. දවසක් දෙකක් නොව දවස් කීපයකින් නරඹා අවසන් කිරීමට නොහැකි තරම් වූ සුවිශේෂී තැන් බොහොමයක් අනුරාධපුරය සතුයි.

Anuradhapura Sacred City

ඒ අතරින් ඉසුරුමුණියද විශේෂිතම සංචාරක ආකර්ෂණය ලද ස්ථානයකි. මහාවංශයේ සඳහන් වන්නේ මුලින්ම විහාරයක් කරවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 250- 210 දී දේවානම් පියතිස්ස රජු විසින් බවයි. තවදුරටත් සඳහන් වන්නේ පන්සියයක් පුරුෂයන් මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූ නිසා විහාරය ඉසුරුමුණිය වූ බවයි.

Anuradhapura Sacred City

ඉසුරුමුණිය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මෙහි ඇති චිත්තාකර්ෂණීය කැටයම් නිසයි. ඉසුරුමුණිය විහාරයේ තව තවත් ආකර්ෂණය වැඩි කරන වටපිටාවක් නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දිය හැකියි. දේවානම්පියතිස්ස රජු කර වූ තිසා වැව ඉසුරුමුණියට ඉහළින් නිර්මාණය කර ඇත. පසෙකට වන්නට ඇත්තේ වෙස්සගිරියයි. ඒ වගේම මනරම් කුඹුරු යායක්ද එක් පසෙක දිස්වෙයි.

Anuradhapura Sacred City

මේ සියල්ල අතර ඉසුරුමුණියේ සුවිශේෂී ස්ථානය ලෙස සැලකෙන්නේ රන්මසු උයන මඟුල් උයන එහි පිහිටා ඇත. ඉසුරුමුණිය මෙරට පැරැණි සිංහල කලා කුසලතාව විදහා පාන ඓතිහාසික ස්ථානයකි. මෙහි නෙත ගැටෙන සුවිශේෂී කැටයමක් ලෙස දුටුගැමුණු රජ පවුල පිළිබිඹු කෙරෙන කැටයම සැලකිය හැකියි.

Anuradhapura Sacred City

ඉසුරුමුණියේ ඉතිහාසය සොයා බැලීමේදී සඳහන් වන්නේ දහනව වැනි සියවසේ මැද භාගයක් වන තෙක්ම ඝන කැලෑවක් බවට පත්ව තිබූ බවයි. එසේම ඉසුරුමුණිය අවට කුඹුරු හා වැව් බැමිවල කිඹුලන් බහුලව සිටි බව සඳහන්වේ. 1213 දී මාඝ ආක්‍රමණයෙන් පසුව සිංහලයන් නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ රජරට වල් බිහි බිහි වීමෙන් ඉසුරුමුණියද වන සතුන්ගේ රජ දහනක් බවට පත්ව ඇත. පසුව අනුරාධපුරය සහ පොළොන්නරුව යුගවලදී සිංහල ජනතාව අතර ජනප්‍රිය ස්ථානයක් සහ පුදබිමක් බවට පත්ව තිබේ.

Anuradhapura Sacred City
වෙනත් ග්‍රහලෝක සමඟ සබඳතා පැවැත් වූ ස්ථානයක් ලෙසද සැලකෙන ස්ටාර් ගේට් ලකුණ

රන්මසු උයන අලංකාරවත් උයනකි. මෙහි වැදගත්කම් රාශියකි. මේ හා බැඳුණු සුවිශේෂිම කාරණයක් වන්නේ සාලිය කුමරා හා අශෝකමාලාගේ ප්‍රේම වෘත්තාන්තයයි. සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තයේ රසවත් සිද්ධි බොහොමයකින් සමන්විත වී ඇත. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු තම පිරිවර සමඟ මෙම ප්‍රදේශය අසලින් ගමන් කරන අවස්ථාවේදී උයනෙහි මල් නෙලමින් සිටි රූප ශෝභාවයෙන් පිරිපුන් වූ අශෝකමාලා දැක ඇත.

Anuradhapura Sacred City

ඇය සැඬොල් කුලයෙහි ගොල්ලෙගි නම් ගමනායකගේ දියණියයි. ඇයගේ රූප ස්වභාවයට වසඟ වූ කුමරු ඇයට ප්‍රේම කළ බවත් කෙතරම් ප්‍රේම කළාද යත් මවුපියන්ට පවා අකීකරු වී රජකම අතහැර විවාහ වී තිබෙනවා. දුටුගැමුණු රජතුමා මෙම විවාහය නිසා සාලිය කුමරු සමග උරණ වී සිට ඇත. එහෙත් පසුව පුතා පිළිබඳ ඇති වූ ස්නේහය නිසා ඔවුන් හමුවී ආශිර්වාද කළ බවද ඉතිහාසයේ සඳහන් වනවා.

Anuradhapura Sacred City

මෙම උයන තුළ තවත් බොහෝ කලා නිර්මාණ දැක ගැනීමට හැකියි. එකල රජ බිසෝවරු දිය නෑ පොකුණ එදා අපේ කලාකරුවන්ගේ තාක්ෂණය ඉහළින්ම විදහා පායි. එපමණක් නොව මෙහි ඉදිකළ සීත මාලිගය වටේට දිය අගල් තනා මාලිගය ඇතුළතට සිසිල ලබාදීමට එදා කලාකරුවන් කටයුතු කර ඇති අයුරු අපූරුය. විද්වතුන් සඳහන් කරන්නේ ලෝකයේ පළමු වායු සමනය කළ මාලිගය මෙය විය හැකි බවයි.

Anuradhapura Sacred City

රන්මසු උයනේ තවත් සුවිශේෂිතම ස්ථානයක් ලෙස ස්ටාර් ගේට් නම් තවම තහවුරු කර නොගත් සලකුණ සහිත ගල දැකගැනීමට හැකියි.මෙය වෙනත් ග්‍රහලෝක සමඟ සබඳතා පැවැත් වූ ස්ථානයක් ලෙසද සැලකේ. අනුරාධපුර සංචාරය කරන ඔබ මෙවන් දේවල් පිළිබඳව දැනුවත්ව සිටිය යුතුය. ඔබගේ දරුවන්ටත් අධ්‍යාපනික ලෙසින් වැදගත් මෙවන් ස්ථාන දෙක බලා ගැනීමට සලස්වන්න. එයින් ඔබගේ සංචාරය තව තවත් මතකයේ රැඳෙන සංචාරයක් වනු නොඅනුමානයි.

Shan Bandu Weerasinghe
සටහන සහ ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...
- Advertisement -spot_img

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි?

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි? - Childhood vaccination වර්තමානය වනවිට ⁣විවිධ ලෙඩ රෝගාදිය ගැන අප කොතෙකුත් අසා ඇති....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you