බුලතා යෝධයාගේ විශ්මයජනක නිර්මාණය සොරබොර වැව
බුදුන් වහන්සේගේ පහස ලද මහියංගනය බෞද්ධයන්ගේ පූජනීය පුදබිමකි. දෙස් විදෙස් සංචාරකයන්ට මහියංගනය සංචාරයේදී දැක බලා ගැනීමට බොහෝ ස්ථාන ඇත. ඒ අතරින් වස්ගමුව ජාතික උද්‍යානය, දඹාන, රත්න ඇල්ල, සීතාකොටුව (ගුරුළුපොත) බඹරගල, මීමුරේ, මාදුරුඔය ඉන් කිහිපයකි. මහියංගන සංචාරයේදී තවත් සුවිශේෂී මතකයක් ලෙස 18 වංගුව සඳහන් කළ හැක. වසර කිහිපයකට පෙර දහඅට වංගුව අසීරු ගමනක් විය. ඒත් ඉතාම චමත්කාරජනක අත්දැකීමකි. අදද එය නොවෙනස්ය. සොබාදහමේ අපූරත්වය විඳගැනීඹට මාර්ගය දෙපස සංචාරකයන් රැඳී සිටිනු නිරතුරු දැකගත හැකිය.

මෙවන් අත්දැැකීම් සමග මහියංගනය සංචාරය කරන ඔබ යා යුතුම වූ සංචාරක ස්ථානයක් අද අප හඳුන්වා දීමට සූදානම් වන්නේ. මෙය තෙිහාසික වූත් ලෝකය විශ්මයට පත් කළ නිර්මාණයකි. එය තවත් සුවිශේෂී වන්නේ තනි පුද්ගලයකුගේ ප්‍රතිඵලයක් වීම නිසයි. එය විස්මිත නිර්මාණයක් වූ සොරබොර වැවයි. සොරබොර වැව ක්‍රිස්තු පූර්ව 102 දුටුගැමුණු රජ දවස ඉදිකර ඇත. මෙහි නිර්මාතෘවරයා ලෙස සඳහන් වන්නේ බුලතා නම් තරුණයායි. ඔහු කවුරුත් හඳුන්වා දී ඇත්තේ බුලතා යෝධයා ලෙසයි. ඔහු සහ සොරබොරවැව සම්බන්ධ ජනප්‍රවාද කීපයක් තිබේ. එයට පෙර ඔබ දැකගත යුතු කරුණු කිහිපයක් තිබේ.

සොරබොර වැව සංචාරය සැලසුම් කර සංවිධානය කළ මවුන්ට් ඒජ් සභාපති නිශාන්ත මල්බැද්දගේ මුලින්ම සිහිපත් කළ යුතුයි. මෙම සංචාරක හෝටලය ගුරුළුපොත ප්‍රදේශයේ පිහිටා තිබේ. ඒ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික ස්ථාන සුන්දර තැන් පිළිබඳ දැනුවත් කරන අතර ඔවුන්ට ඒ් අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙයි. විශේෂයෙන්ම විදේශිකයන්ට අපේ ප්‍රෞඩත්වය, අභිමානය පිළිබඳ දැනුවත් කරන සුවිශේෂිත වූ චරිතයකි.

සොරබොර වැව පිළිබඳ දැනගත යුතු විශේෂික වූ කරුණු කිඑහිපයක් ඇත. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 3136ක් උසින් පිහිටා තිබෙනවා. ජල මට්ටම අඩි 16800කි. වැව් බැම්මේ දිග අඩි 1590කි. පළල අඩි 20කි. උස ප්‍රමාණය අඩි 28.6කි. වැව් ජලයෙන් වගා බිම් අක්කර 2000 ක් පෝෂණය වේ. මේ දත්ත අනුව ඔබට සොරබොරවැවේ විශාලත්වය වටහා ගැනීමට හැකියි. මෙවන් නිර්මාණයක් අප රටට කොයිතරම් අභිමානයක් ගෙන දෙනවාද?

දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද වදින සමයෙහි මාගම්පුර සිට රජරටට යන ගමනේදී මහියංගනය ආශ්‍රිතව කඳවුරු බඳීමින් සේනාංක රැස් කළ බව ඉතිහාසයේ සඳහන් වනවා. මේ කාලය තුළ දුටුගැමුණු රජතුමා වෙහෙර විහාර දාගැබ් ඉදිකර ඇත. එම කටයුතු අත්හැර ජනතාව සමග සමීපව සම්බන්ධව සිටි දුටුගැමුණු රජතුමා ගම්මුන් මෙන්ම බුලත් සැපයීමට විශ්වාස වූ පුද්ගලයකු පත් කර තිබෙනවා.

ඒ් සඳහා උඩුදුම්බර කිරිපිටිය නම් කුඩා ගමේ සිටි ජවසම්පන්න තරුණයකු වන බුලතා පත් කර ඇත. බුලතා රජතුමාට සේවය කිරීමට ගමන් කරන අතරතුර මෙම ගල්තලාව (සොරබොර වැව) දැක ඇත. කුඩා කඳු දෙකක් මැදින් ගලාවිත් බැස යන ජලකඳ හරස් කර වේල්ලක් බැන්දොත් කෙත්වතු කොතරම් සරුසාර කළ හැකිද යන්න සිතින් මවා ගත් ඔහු ගලින් ගල ඒක්කොට මෙම ජලාශය ඉදිකළ බව ජනප්රවාදයේ සඳහන් වෙනවා. මෙම කටයුත්තට බුලතාගේ බිරිඳද සහායක් වී ඇති බවක් සඳහන් වෙනවා. මෙහි ඉදිකළ බිසෝකොටුව, ඒදා මෙන්ම අදද කිසිදු වෙනසක් නොකර ආරක්ෂා වී තිබෙන අයුරු දැක ගත හැකිය.

මෙම සොරොව්ව නිර්මාණය අද්විතීය ඉංජිනේරු තාක්ෂණය හුවා දක්වයි. මෙවන් විශ්මයජනක නිර්මාණයක් ලෙස සොරබොර වැව සඳහන් කළ හැකිය. මෙම ජලාශය වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස ලබන ඔවුන්ට විනෝදයක් ලබා දෙන සංචාරක ස්ථානයක් ලෙසට පත්ව ඇත. සොරබොර වැවෙහි බෝට්ටු සංචාරයක යෙදිමට සංචාරකයන්ට අවස්ථාව තිබේ. මෙයට අමතරව අවට සංචාරක හෝටල්වලින් සංවිධානය කරනු ලබන camping පහසුකම්ද ඇත. ජලාශයේ පිහිටි කුඩා දූපත්වල Tree Hut තුළ රාත්‍රිය ගත කිරීමට හැකි බවත්, ආහාර පාන ලබා ගැනීමට BBQ පහසුකම් සලසා ගැනීමටද හැකි බවයි නිශාන්ත මල්බැද්දගේ සඳහන් කර සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සංචාරක හෝටල්හි නවාතැන් ගන්නා අයට පමණක් නොව අන් අයටද එම පහසුකම් සලසා ගත හැකි බවයි. මහියංගනය දඹාන හෝ ඒම ප්‍රදේශය ආශ්රිත සංචාරය කරන ඔබට ඔබගේ පවුලේ හැමෝටම දිනක් විනෝදයෙන් ගත කිරීමට සොරබොර වැව තෝරා ගන්නේ නම් ඒය සැබැවින්ම චමත්කාරජනක අත්දැකීමක් වනු නොඅනුමානය.





