සැමියාට අමතරව පෙම්වතෙකුත් ඉන්න නිළියක් – Sydney Sweeney
Euphoria, Anyone but You වැනි නිර්මාණ හරහා ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත් Sydney Sweeney ආයෙමත් ආදරේ කරන්න පටන් අරන්. ආරංචි පැතිරෙන්නෙ සිඩ්නිගෙ පෙම්වතා ව්‍යාපාරිකයෙක් වන Scooter Braun කියලා. සංගීත ක්ෂේත්‍රයටත් සම්බන්ධ Scooter, Justin Bieber සහ Ariana Grande වැනි තරු එක්කත් වැඩ කරලා තියෙනවා.

Scooter සහ Sydney මුලින්ම හමුවුණේ පහුගිය අවුරුද්දෙ තිබුණ විවාහ උත්සවයකදි. ඉන්පසුව මේ දෙන්නා නිතර ඔවුන් එකට කාලය ගත කරන ආකාරය දැකගන්න ලැබුණා. මේ අවුරුද්දෙ මුල ඉඳලා මේ දෙන්නා ප්‍රසිද්ධියේම එකට දකින්න ලැබුණා. සමහර ආරංචිවලින් කියැවෙන්නෙ ඔවුන් විවාහ වෙන්න සූදානමින් ඉන්නව කියලා.

මේ ආදර කතාව ගැන ආයෙමත් අවධානය යොමුවුණේ සිඩ්නිගෙ අලුත් චිත්‍රපටය The Housemaid’s Secret රූගත කිරීම් නිසා. එහිදී සිඩ්නි සහ නළු Stephen Kalyn ගෙ සිප ගැනීමේ දර්ශනයක් රූගත කරන ආකාරය දැකගන්න පුළුවන් වුණා. ඒ ෆොටෝ සහ වීඩියෝ ප්‍රසිද්ධ වීමත් එක්ක මිනිස්සු ඒ ගැන විවිධ අදහස් දැක්වුවා. Scooter එක්ක ආදරෙන් ඉන්න ගමන් වෙනත් කෙනෙක් එක්ක මෙහෙම දර්ශනේක ඉන්න එකත් විහිළුවක් බවයි ඇතැමුන් කිව්වෙ. නමුත් මේක රඟපෑමක් විතරයි.




