Featuresසිරස ආණ්ඩුවෙන් කප්පම් ගනී

සිරස ආණ්ඩුවෙන් කප්පම් ගනී

-

spot_img

සිරස ආණ්ඩුවෙන් කප්පම් ගනී

වත්මන් රජය විසින් සිරස මාධ්‍ය ජාලයට (MTV Channel Pvt Ltd) රුපියල් කෝටි 10.46 ක (මිලියන 104.6) අනුග්‍රාහක මුදලක් ලබා දීමට ගෙන ඇති කැබිනට් අනුමැතිය මේ වන විට දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් සහ කතාබහක් නිර්මාණය කර තිබේ. මහජන බදු මුදල් පුද්ගලික මාධ්‍ය සමාගමක කටයුත්තක් වෙනුවෙන් මෙලෙස විශාල වශයෙන් වෙන් කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව සහ ඊට හිලව් වුණු මාධ්‍ය මෙහෙයුම කුමක්ද යන්න පිළිබඳව සමාජය පුරා ප්‍රශ්නාර්ථ මතු වෙමින් පවතී.

දේශපාලන කළගුණ සැලකීමේ චෝදනාව

විවේචකයන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම මුදල් වෙන් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තීන්ට පටහැනි මෙන්ම, පසුගිය කාල වකවානුව පුරා රජයට පක්ෂපාතීව කටයුතු කිරීම වෙනුවෙන් සිදු කරන ලද “දේශපාලන කළගුණ සැලකීමක්” බවයි. මැතිවරණ සමයන්හිදී සහ ඉන් පසුවත් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙන යෑමට සහාය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෝටි ප්‍රකෝටි ගණනක ප්‍රදානයන් හිමි වී ඇති බවට දැඩි චෝදනා එල්ල වේ. මෙරට ප්‍රධාන පෙළේ ධනපති ව්‍යාපාරිකයන් සතු, ස්වාධීන යැයි කියාගන්නා පුද්ගලික මාධ්‍ය ආයතනයකට මෙවැනි මහජන මුදල් සම්භාරයක් පිරිනැමීම හරහා දේශපාලන ඩීල් සහ මාධ්‍ය හැසිරවීම් පිළිබඳ සැකය තවදුරටත් තහවුරු වන බව පොදු මහජන මතය වී තිබේ.

Sirasa extorts money

සිරසේ “කැත” මාධ්‍ය භාවිතාව සහ විපක්ෂය බාල්දු කිරීම

සිරස මාධ්‍ය ජාලය මෑත කාලීනව කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතාවේ පවතින පක්ෂපාතීත්වය සහ සදාචාර විරෝධී ස්වභාවය මැනවින් පැහැදිලි වෙයි. ආණ්ඩුවේ වැරදි, අසාර්ථකත්වයන් සහ අර්බුද සඟවමින්, සමාජය හමුවේ ආණ්ඩුව “සුදනා” කිරීමට ඔවුන් දැරූ උත්සාහය ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම, ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින සැබෑ විපක්ෂය සහ විකල්ප දේශපාලන හඬවල් ක්‍රමානුකූලව යටපත් කිරීම, විකෘති කිරීම සහ බාල්දු කිරීම සිරසේ ප්‍රධාන මාධ්‍ය උපක්‍රමයක් බවට පත්ව තිබුණි. ජනතාව මුලා කරමින්, විපක්ෂයේ දේශපාලන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් ජනතාව හමුවේ හෑල්ලුවට ලක් කරමින් ඔවුන් සිදු කළ “කඩේ යෑමේ” උපරිම ආනිසංසය දැන් ඔවුන්ට කෝටි 10ක මහජන මුදල් තෑගි ලෙස කැබිනට් මණ්ඩලය හරහාම ලැබී තිබේ.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ආණ්ඩුවේ මැදිහත්වීම

ආසියා – පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා මණ්ඩල සැසිය මෙරට පැවැත්වීම සඳහා MTV චැනල් පුද්ගලික සමාගමට සහාය දැක්වීම මෙම මුදල් වෙන් කිරීමේ නිල අරමුණ ලෙස රජය දක්වා ඇත. මෙය ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයක් වුවද, මහා ධනපති ව්‍යාපාරිකයන් සතු පුද්ගලික සමාගමක් විසින් මෙහෙයවනු ලබන උත්සවයකට, රටේ ආර්ථික අපහසුතා පවතින පසුබිමක රජය සෘජුවම මැදිහත් වී මෙතරම් විශාල අරමුදලක් සැපයීම සදාචාරාත්මකද යන්න බරපතළ ගැටලුවකි.

Sirasa extorts money

ආණ්ඩුව සිරසට කඩේ යෑම

පටු දේශපාලන වාසි තකා රාජ්‍ය අරමුදල් පරිහරණය කිරීම පිළිබඳව විවිධ පාර්ශව නිරන්තරයෙන් හඬ නැඟුවද, බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම මෙවැනි මහා ධනපති මාධ්‍ය ජාලයන් සමඟ පවත්වන සමීප සබඳතා මෙමගින් නැවත වරක් ප්‍රදර්ශනය වන බව මොනවට පැහැදිලිය. මෙම ගනුදෙනුව හුදෙක් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක්ද, නැතහොත් තිරය පිටුපස විපක්ෂය දඩයම් කරමින් ආණ්ඩුව රැකීමට කළ කැපවීමට ලැබුණු ප්‍රතිලාභයක්ද යන්න අමුතුවෙන් කල්පනා කළ යුතු නැත. කල්පනා කළ යුතු වනුයේ සිරස ආණ්ඩුවට කඩේ යනවාද?, නැතහොත් ආණ්ඩුව සිරසට කඩේ යනවාද? යන්නය. එසේ නොවන්නට ආණ්ඩුව මෙලෙස මහජන මුදලින් සූදු කෙළිනු ඇත්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

උද්ධමනය චුට්ටක් ඉස්සිලා

උද්ධමනය චුට්ටක් ඉස්සිලා - ජනපති කියයි  දේශපාලනයේ ඇති ලස්සනම දේ නම්, ඔබ සිටින වේදිකාවේ හැටියට එකම දේ එකිනෙකට වෙනස් මුහුණුවරින්...

සංගාගේ තරු ගැලවු වර්ගවාදය

සංගාගේ තරු ගැලවු වර්ගවාදය - Kumar Sangakkara  ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අභිමානය ලෝකය හමුවේ තැබූ සලකුණක් වන කුමාර සංගක්කාර වැනි ගෝලීය...

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන ආණ්ඩුවේ සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයකට...

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...
- Advertisement -spot_img

උද්ධමනය චුට්ටක් ඉස්සිලා

උද්ධමනය චුට්ටක් ඉස්සිලා - ජනපති කියයි  දේශපාලනයේ ඇති ලස්සනම දේ නම්, ඔබ සිටින වේදිකාවේ හැටියට එකම දේ එකිනෙකට වෙනස් මුහුණුවරින්...

පාපන්දු සම්මේලනයේ දොළ පිදේනි ගිලින බලධාරීන්

පාපන්දු සම්මේලනයේ දොළ පිදේනී ගිලින බලධාරීන්  එකළ මෙරට ජනප්‍රියම සහ දුප්පත් ජනතාව බහුලවම ආදරය කළ ක්‍රීඩාවක් වුයේනම් ඒ පාපන්දු ක්‍රීඩාවයි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you