ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්රේමයක
මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක Machine Gun Kelly පෙම්වතුන් කියන ආරංචිය. Fifty Shades of Grey චිත්රපට මාලාවෙන් ලොවපුරා ජනප්රිය වූ ඩැකෝටා සහ MGK මෑතක සිට නිරතුරු එකට දකින්න ලැබෙන බව කියැවෙනවා.
මේ ඕපදූපය පැතිරුණේ පහුගිය සැප්තැම්බර් මාසයේ මේ දෙන්නව නිව්යෝර්ක්වල එකට දකින්න ලැබීමත් එක්ක. TMZ වාර්තා කියන විදිහට දෙන්නා කළු පැහැති SUV රථයකින් බැස ගායිකා Taylor Swift ට අයත් Tribeca ප්රදේශයේ මහල් නිවාසයකට ඇතුළු වෙන ආකාරය ඡායාරූපවලට හසුවෙලා තිබුණා. පසුගිය ඔක්තෝම්බර් 17 වෙනිදත් මේ දෙන්නා සංගීත පටිගත කිරීම් මැදිරියකින් එකට පිටවෙලා යනව දකින්න ලැබුණා. එහිදි Dakota මැදිරිය අසල රැඳී ඉන්නවත් MGK දුරකථන ඇමතුමක් අවසන් කර ඇය වෙත පැමිණ සිය මෝටර් රථයේ ඉදිරිපස දොර ඇයට විවෘත කරදෙන ආකාරයත් දකින්න ලැබෙනවා. ආරංචි පැතිරෙන්නේ දෙදෙනා ඇගේ නිවසේ රැය ගත කළ බවටයි. පසුදා උදෑසනත් ඔහුගේ මෝටර් රිය ඇගේ නිවස අසළ නවතා තිබුණ බව සඳහන්.

මේ හේතු නිසා දෙදෙනා පෙම්වතුන් බව රසිකයින් අනුමාන කරනවා. පසුගිය ජූනි මාසයේ ඩැකෝටා සහ Coldplay ගායක Chris Martin අතර පැවති වසර අටකට ආසන්න ප්රේම සම්බන්ධය නිම වුණා. ඉන්පසු ඇය ගායක Tucker Pillsbury සමඟ සම්බන්ධතාවයක සිටින බව සහ කෙටි කලකින්ම එම සම්බන්ධය අවසන් වූ බව පැවසුණා. තමන් ගායකයින් සමගම ප්රේම කිරීම ගැන ඩැකෝටා වරක් හාස්යයෙන් අදහස් පල කර සිටියා.




