Artකාඩිගෙ මිලියන තුනක උපන්දින තෑග්ග

කාඩිගෙ මිලියන තුනක උපන්දින තෑග්ග

-

spot_img

කාඩිගෙ මිලියන තුනක උපන්දින තෑග්ග – Cardi B

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායිකා Cardi B පසුගියදා ඇගේ තිස් හතර වැනි බර්ත්ඩේ එක සැමරුවා. කාඩිගෙ බර්ත්ඩේ එක ගැන හැමෝගෙම අවධානය යොමු වුණේ ඇයට ලැබුණ අතිසුඛෝපභෝගී තෑගි එකතුව නිසා.

මේ තෑගි තමන් වෙනුවෙන් තමන්ම මිලට ගත්තා කියලයි Cardi B කියන්නෙ. තෑගි අතර තිබුණ ඩොලර් මිලියන තුනක් වටින රෝස පැහැ Rolex අත් ඔරලෝසුව ගැන හැමෝම කතා කළා. මේ ඔරලෝසුව “Barbie Rolex” කියලයි හඳුන්වන්නෙ. මෙම දුර්ලභ Rolex Daytona ඔරලෝසුව රෝස පැහැති සෆායර් මැණික්, දියමන්ති සහ රත්තරන්වලින් අලංකාර කරලා තියෙනවා.ඊට අමතරව කැරට් 7ක දියමන්ති මුද්දක් සහ රෝස පාට Hermès Mini Kelly බෑග් එකකුත් Cardi ගේ තෑගි ගොඩට අයත්. මේ බෑගය අත් ඔරලෝසුවට ගැලපෙන විදිහට bubblegum pink පැහැයෙන් රෝස පැහැ ඇලිගේටර් සම්වලින් නිමවා, palladium පැහැ ලෝහවලින් හැඩ කරලා තියෙනවා.

Cardi B

“මම මහන්සි වෙලා වැඩ කරනවා. මම මේ තෑගි ලබන්න සුදුසුයි!”

සිය අලුත් තෑගි එකතුව ගැන කාඩි ඒ විදිහට සතුට පළකරා. විලාසිතා, ආභරණ සහ හිතුමනාපෙට මුදල් වියදම් කරන celebrities ලැයිස්තුවෙ කාඩි ඉන්නෙ ඉහළම තැනකයි. මේ තෑගිවලින් ඒ බව නැවත වතාවක් ඔප්පු වෙලා තියෙනවා. කලා කටයුතු කරන ගමන්ම ඇය රූපලාවණ්‍ය සහ Hair care අංශවලත් ඇගේ ව්‍යාපාරික නාමය පුළුල් කිරීමේ බලාපොරොත්තුවෙන් වැඩ කරන බවට ආරංචි පැතිර යනවා.

අමේලියා ද සිල්වා
(People ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you