මෝදිගේ මුව පැටියා
“අපේ ආණ්ඩුවට වසර දෙකයිි – රටට සුබයි” වෙනත් ආණ්ඩු ප්‍රචාරණ කටයුතු කළේ ඡන්ද කිට්ටුව තබාගෙනය. එහෙත් මාලිමා ආණ්ඩුව පත් වූ දවසේ සිට පවත්වාගෙන යනුයේම ප්රචාරණය් පිහිටෙනිි. එයට හේතුව සැබැවින්ම වැඩක් නොකිරීමය. කොටින්ම වැඩ බැරිවීමය. මේ පුංචි දේටත් ලොකුවට අඬ බෙර ගහන ආණ්ඩුවකි. තේරෙන සිංහලෙන් කියන්නේ නම් පඩේ වෙඩිල්ල කරන ජාතියේ බඩුය. එහෙත් මෙහිදී වඩා වැදගත් වනුයේ කෙසේ හෝ තම ජාමේ බේරා ගැනීමට මේ ආණ්ඩුව සමත් වීමය. මේ ගෙවුණු දෙවසර තුළ කළ හැකි වූ කෙංගෙඩියක් නැති වුවත් කළේ නැත්තේමත් නෑ පන්නයේ රංගනයක් කිරීමට මොවුුුන් සමතුන්ය. ප්රචාරණයේ කප් ගැසීමට හපනුන්ය. අද නොව අරගලය නම් කේවට්ටලාගේ තීයරියෙන් පසු මෙරට දුවන්නේම රුවිතටය. ක්ෂණික මෝචනකාරයන් සමගය. අන්න ඒ පිරිස හයි ජැක් කළ මාලිමාව රටේ රජ කළේය. දැන් සිද්ධවනුයේ එලෙස හයිජැක් කර ගත් වාහනය නීත්‍යානුකූලව, විනීතව ගෙන යන්නට ගන්නා වෙහෙසය. තැටමිල්ලය.
ජනපති අනුර මෑතකදී කීවේ පුංචි කාලේ ළමුන් හොරා පොලිස් සෙල්ලමක් කළ පරිදි මෙරට ආණ්ඩු ක්‍රියා කළ බවත් එක් කාලයක් පොලිස් වන අය පරාජයෙන් පසු හොරාා වුවත් නැවත එකල හොරු ඉන්පසු පොලිස් වී ඇති නිසා හීනියට ජාමේ බේරා ගත් බවය. එනම් හොරු වන්නේත්, පොලිස් වන්නේත් එකම කණ්ඩායමක් බවය. ඔන්න දැන් ඇත්තටම පොලිස් කාරයා ඇවිල්ලා හොරු බය වෙලා ඉන්නේ යන්නය. කවුද මේ පොලිසිය මාලිමාවුන්ය. හොරු පොදුවේ විපක්ෂයය. මේ කතා හිනා යන කතාද ? මාලිමා රැළිවලට එන අය මේ කතා වලට බඩ අල්ලාගෙන හිනා වෙති. ගැහැණු අනුරගේ කතාවලට කිති කැවුණු ගානට නලියති. අනුර ද පොඩි උන්ට විහිළු කතා කියන අන්දරේ ගානට හොරු ඇල්ලීම ජෝක් එකක් කරගෙන තලු මරමින් සිටින්නේය හොරු ඇල්ලීම එළය. එළ පව්සිය. මරුය. එහෙත් ප්රශ්නය ඒ කතා අසා හිනා වී ගෙදර යන අය ඉන්පසු කාලය ගෙවනුවේ හූල්ලමින් වීමය.

අපේ පර්ස් එක පික් පොකට් ගසන හොරා ඇල්ලීම සතුටුය. පොලිසිය හොරා ඇල්ලුවා කී කළ අපි පොලිසියට දුවනුයේ විදුලි වේගයෙනි. එහෙත් හොඳට නෙලා ඇති හොරා පෙන්නා “හැබැයි පර්ස් එක නම් නෑ. මේකා සල්ලි අරගෙන ඒක විසිකරලා” යැයි කී කළ දැනෙන හැඟීම කෙබඳුද ? ඇත්තටම ඒ මගේ පසුම්බිය ගත්ත හොරාමද ? ඒ හොරාම වුවත් මට සිදුවූ යහපත කුමක්ද ? “හොරා ඇල්ලුවනේ මොනා නැතත්” කියා පොලිසියේ උඩ පැන පැන ප්‍රීතිය වන්නට මට හැකිනම් මම මාලිමාකාරයෙක් විය යුතුය. එහෙත් මට සිදුව ඇත්තේ පර්ස් එකත් නැතුව හොරා බලන්නට ගොස් තිබුණු තුට්ටුවත් නැති කරගන්නට නම් මම පට්ට මෝඩ විපක්ෂයේ එකෙක් බව මට හැඟෙන්නේ නම්, කුමක් කරමුද ? රාජපක්ෂලා නොව කවුරු වුව හොරා කෑවේ නම් යහපාලන ෆයිල් ටිකෙන් වුව ඔවුන් ඇතුළට දමා ඔවුන්ගෙන් අයවිය යුතු හැම සතයක්ම රජයට ලබා ගැනීම යහපතකි. උගන්ඩා මුදල් ගෙනා පරිදි ඒවා ද විධිමත් ලෙස අය කර ගත යුතුය. රාජපක්ෂලාගේ සේප්පුව විනා ඔහුට හිත ඇති ලේකම්ලාගේ සේප්පු පෙන්නා ජනතාව චූන් නොකළ යුතුය. ඒ වැඩ බැරි දාසලාගේ වැඩය.
නැවත ජනපති අනුර ජනතාව කුල්මත් කළ රැළි කතාවට එන්නේ නම් හොරා පොලිස් සෙල්ලම කරන කාලේ ඔවුන් සිටියේ කොහෙද ? මේ හොරා පොලිස් කල්ලි වලම නොවේද ? පාතාල කෙරුමන්ගේ භයානකකම කීවද ඇත්ත ඝාතකයෝ අප්‍රසිද්ධ අයය. ඔහු කුලියට මිනිමරති. ගාන ගෙන පැත්තකට වෙති. එහෙත් පාතාල තෙරුවන්ගේ නම ඉහළින්ම වැජබෙති. සරල සිද්ධාන්තය එයය. චන්ද්‍රිකා රජ කරන්නට දරදිය ඇද්දෝ කවුද ? මහින්ද රජ කරන්නට කැඹුරුවේ කවුද ? රනිල් ළඟ හුරතල් වූයේ කවුද ? යහපාලනයේ ෆයිල් ඔසවාගෙන හතර වටේ ගියේ කවුද ? මේ අහිංසකයෝද ? මේ හොරා පොලිස් කට්ටිය ළඟ වැඩ තහනම්ව සිවිල් පිට හිඳි අයය. ඉහත සෙල්ලමේ හැමදාම සිවිල් පොලිස් කාරයෝය. වැඩ තහනම් වුවද පොලිස් වෙසින්ම සිටී අය ය. uniform එක නොඇදී නිසා ඔවුන් හොරාද පොලිස් ද යන්න සොයාගැනීමට නොහැකි විය. ඒ නිසා ඒ අය පොලිස් අය ළඟ පොලිස් ලෙසද හොරු ළඟ හොරු වෙසද ගත්තෝය. අද හොරා පොලිස් දෙකම ඔවුන්ය. සෙල්ලම දරුණු වී ඇත්තේ එබැවිනි. ඔවුන් දැන් යුනිෆෝම් ඇඳ අපි පොලිස් කියන තැනට තල්ලු වී ඇත. හැම පොලිස් කාරයෙක්ම ඕනෑම කෙනෙක් දිහා බලනුයේ හොරුන් ලෙසය. ඒ පුරුදුවී ඇති අයුරුය. පොලිසියේ අති බහුතරය පගා ගන්නෝ වෙති. හොරු වෙති. එහෙත් ඉන් අසුවන්නේ ඉතා ස්වල්පයකි. මේ දේශපාලන සෙල්ලමත් එබදුය.

ජවිපෙට තනිව ගමනක් නැති නිසා මාලිමාවක් අටවා ගත්තතේය. එය හරියට අමුඩයයි, පුකයි වගේය. ජවිපේ නිරුවත් කෑල්ල වැසී මාලිමාව නම් පුුක එළියේය. සියල්ල සිදුවන්නේ ජවිපෙ මතයටය. ජවිපෙ විදිහටය. ජවිපේ හැඩයටය. එහෙත් එළිය දකිනුයේ මාලිමාව ලෙසය. මාලිමාකාරයෝත් ජවිපෙ අමුඩය ඇතුලේ උජාරුවෙන් තට්ටම් දෙක ප්‍රදර්ශනය කරමින් සිටිති. මාලිමා වහල්ලු පිටුපස නොදකිති. හොරු අල්ලන්නේ නම් අවංක පොලිස් කාරයෙක් නම් මුලින්ම කන්ටේනර් 323 පැන්නූ කළ අනුර බැරි නම් ඊට ගෑවුණු බිමල් හෝ ඇල්ලිය යුතුව තිබුණි. බාල ගල් අඟුරු කෑ ජයකොඩි නොඅල්ලා ඊට පෙර කාපු එවුන් සෙවීම වාතය ගිය පසු පශ්චාත් භාගය ඉඹ බලන්නා සේ වැඩකි. වසන්ත, රන්ජන් ජයලාල්ගේ ඉඩම් කොල්ලය ගැනත් සෙවිය යුතුය. හොරාගේ අම්මාගෙන් පේන අහන්නා සේ ඒ අයගෙන්ම මේවා ඇත්තදැයි අහන සංදර්ශන තුළ අපිට දැක ගත හැකි වනුයේ ජනපති අනුර කට උල් කොට ඇඟිලිි පුට්ටු කර “මේ අපේ බිමල් හොරෙක් ඔයාලා හිතනවද?” පන්නයේ කතාය. මාලිමාකාරයෝ වනාහි ශුද්ධවන්තයෝ ය. කා සමඟ ලැග්ගද කන්‍යා පටලය ආරක්ෂා කර ගත්තෝය. ගණිකාවක වුවද කන්‍යාපටලය රැකගෙන ඇත්නම් ඉන් මත්තට කවර කතාද ?
මේ දෙවසර තුළ සුබ දෙයකට දැක ගත හැකි වුයේ ඒ සුදු රෙදි කඩ සොයාගැනීම පමණය. මාලිමා ආණ්ඩුවේ පළමු වසර අවසානයේ මේ හිඟන වෙස් ගෙන ජනතාවට කැඹුරුවේ සැබෑ කෝටිපතියෝ බව රටටම දැකගත හැකි වූහ. අනුර, වසන්ත, ලාල්, හෑවගේ, සමන්ත, හඳුන් යන සෙසු සියල්ලම කෝටිපතියෝ බව වත්කම් බැරකම් ප්‍රකාශ වලින් තහවුරු කළෝය. ඒවා උපයාගත් හැටි ගැන කප්පරක් සුරංගනා කතා අසන්නට ලැබුණෝය. ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතා ඒ හමුවේ ළාමකය. අවසානයේ “අපි හිඟන විදියට හිටියට කෝටිපතියෝ තමයි ඇයි මොකද?” අහන ලාල්ගේ සමාජ ප්‍රාග්ධන තියරිය මාක්ස්ගේ ප්රාග්ධනය ද අභිබවා ගියේය. ඒ තියරියට අනුව සැවොම ජයගත්තෝය. කොටින්ම අවසන ඊළඟ වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ නොකරන තැනට වැඩේ විසඳා ගන්නට විය. ගිය වසරේ උපයාගත් ධනස්කන්දය මේ වසරේ මහජනතාව වෙනුවෙන් වියදම් කොට ඇති නිසා අනිවාර්යයෙන්ම මේ පිරිස අද වන විට බංකොලොත්, හිඟන තත්ත්වයට පත් වී ඇතිබව නියතය. ඒ හෙළිදරව්වව වුවහොත් එය දැක ජනතාව සියදිවි නසා ගණිතැයි බියෙන් මෙවර වත්කම් බැරකම් ඉදිරිපත් නොකළා විය හැකිය. ජනතාවගේ ආණ්ඩු ක්‍රියා කරනුයේ ඒ අයුරුනි. කොටින්ම ජනතාවට දුක හිතෙන දේ නොකරති. ඕනෑම දුකක් ඒ අයම වළඳති. ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා යැයි එකල කී හඳුන්නෙත්ති අද ජීවත් වනුයේ ජීවත්වන්නම් වාලේය. ෆුට් සයිකලයේ සමාජ වැඩවලට යන ලාල්කාන්තට සයිකලේ පැද මහන්සි නිසා ඉන් බැස ටික දුරක් විසි නොවී යෑමට පවා නොහැකිය. කොටහළුවෙන් ධනපතියෙකු වූ හෑවගේ දැන් ලොකු මිනිහෙකි. සමන්තගේ ගම්බිරිස් වලින් උමා ඔයේ හිල වුව වසා දැමිය හැකිය.

මේ දෙවසරම ඇත්තටම ආණ්ඩුවේ අයට සුබය. ජනපති වූ සැනින් අනුර ඉන්දියාවට ගොස් ගිවිසුම් හතක් අත්සන් කළේය. දෙවසරක් ගෙවන තැන වුව ඒ ගිවිසුම් මොනවාදැයි ප්‍රසිද්ධ නොකරති. එහෙත් ඒවායේ වැඩ ඉතා අපූරුවට ක්‍රියාත්මක වන බව අනුරාධපුර ඉන්දියාවට දීමෙන් හෙළිවෙයි. ජනපති අනුර අනුරාධපුර පුජා භූමියේ නොඉවසිල්ලෙන් දුවමින් කාලය ගෙවනුවේ මීන් මතු ඒවා මෝදිගේ දේපළ වන නිසා විය හැකිය. කච්චතිව් දූපත අල්ලා ගන්නවා යැයි හාහුවක් ගිය සැණින් ලොකු රඟපෑමක් කළ අනුර මතකද? මුලින් අනුරාධපුර සංචාරයකදී උතුරු කොරියානු නායකයා සේ තම වාහනය දෙපසින් ආ රක්ෂකයින්ට දුවන්නට සැලැස්වූ අනුර මතකද? අද සිය රථවාහන පසු පසින් එන විට මළුව වටේ දුවන අනුර ඔබ දුටුවාද? මේ දිවිල්ලේ කෙළවර කොතැනද? ඉන්දීය පිඹුරා අපිව ටික ටික වෙලා ගනිමින් ඇටකටු කුඩු කරන බව පෙනේ. ඉදිරි කාලයේදී පහසුවෙන්ම ඌ අපිව ගිල දමණු ඇත. එදා අශෝකට දේවානම්පියතිස්ස හමුවූ මුත්, අද මෝදිට හමුව ඇත්තේ මුව පැටියෙකි. එදා මිහිඳු හිමි නිසා තිස්සට මගහැරුණු මුවා සොයමින් ඉන්දියාව කල් ගෙවූ මුත්, මෝදී ඒ මුවාව අල්ලා ගත්තේය. දැන් ඒ මුවා මෝදිගේ හුරතලයකි, හුරතලෙකි. ඌ දැන් සිටිනුයේ මෝදිගේ සත්තු වත්තේය. අපි සැමද ඒ සත්තු වත්තේ සතුන් වන දිනය වැඩි ඈතක නැති බව පෙනෙන්නට ඇත.




