NovelsShort Storiesඋතුරු තාරකාව

උතුරු තාරකාව

-

spot_img

උතුරු තාරකාව – Chocolate and Nietzsche at the end of the world

ඉතිහාසය නැවත නැවත කියවීම පහත පරිදි වේ, එය සාක්ෂිකරුවන්ට පමණක් පැවසිය හැක.  මෙම රටවල මිනිසුන් කුණු වී ගොස් රංචු පිටින් මිය ගියහ. වෛද්‍යවරුන් මෙම සුවිශේෂී රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වූ අතර රෝගී පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් දින කිහිපයක් ඇතුළත මිය ගියේය. සමහරු හේතුවක් නොමැතිව දිවි ගලවා ගත්තෝය. මිනිස්සු “ලේ ගැලීමේ රෝගය” නැමති තත්වයට ගොදුරු විය. ඔවුන්ගේ සිරුරු වටා ලප ඇති වූ අතර ඒවා කැටි ගැසීමකින් තොරව පුපුරා ගොස් ලේ ගැලීම සිදු වීම නිසා ඔවුන් රුධිරය අහිමි වීමෙන් මිය ගියහ. සතුන් ඈතකට පලා ගියෝය. මෙම කාල පරිච්ඡේදය ලේ ගැලීමේ අවධිය ලෙස හැඳින්විණි. මෙම අද්භූත, රෝගයෙන් බලධාරීන් මිය ගිය අතර ආණ්ඩු බිඳ වැටුණි. රට පුරා අරාජිකත්වයක් ඇති වූ අතර මිනීමැරුම් සාමාන්‍ය දෙයක් බවට පත් විය. තදාසන්න ප්‍රදේශ කොල්ලකෑමට ලක් වූ අගර නගර අපරාධකරුවන්ගෙන් පිරී ගියේය. නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගර ගිනිබත් විය.

“දෙවියන් වහන්සේ අපිව දාලා ගිහින්. නීට්ෂේ හරි,”

යනුවෙන් කිසිවෙකු හෝ දැන්වීම් පුවරු මත ලියා තිබෙනු දක්නට ලැබුණි. ඒ බිඳවැටීමෙන් වසර තුනකට පසු ඇලිස්ගේ වයස අවුරුදු 35 ක් විය . ඇය එම වසර තුන සිය පැවැත්මෙන් ඔබ්බට අරමුණක් නොමැතිව ජීවත් වූවාය. තෑග්ගක් ලෙස, අයිසැක් චොකලට් දවටනයක පිටුපස නීට්ෂේගේ “පිස්සෙකුගේ උපමාව” ලියා එවා තිබූ අතර ඈ එය හැමතැනකම රැගෙන ගියාය. ඔවුන් වනාන්තරයේ ගිනි මැලයක් සමීපයේ සිටිමින්, අත් පා උණුසුම් කර ගනිමින් චොකලට් බෙදාගෙන තිබූ අතර ඒ මිහිරි බෙදාගැනීමෙන් පසු, පෘථිවියේ තවත් චොකලට් ඉතිරිව නොමැති බව ඔවුන්ට වැටහුණ. දිවි ගලවා ගත් ඔවුන්ගේ පිරිසෙන් වෙන් වූ පසු කුමන තත්වයක සිටියාද යන්න දෙදෙනාම දැන නොසිටි අතර, රාත්‍රියේ තරු ටෙක්සාස් හෝ මේන් වලද යන්න පිළිබඳ හැඟීමක් නොවුණි, මන්ද ඇලිස්ට හෝ අයිසැක්ට තරු කියවිය නොහැකිය.

Chocolate and Nietzsche

“උතුරු තාරකාව කොහෙද?”

ඇය අයිසැක්ගෙන් ඇසුවාය.

“අරක. මම හිතන්නේ…,”

අයිසැක් තරු පොකුරක් පෙන්වමින් කීවේය.

ඇලිස් ඇස් ලොකු කළාය.

“ඔයාට විශ්වාසද, අයිසැක්?”

අයිසැක් සුසුමක් හෙළුවේය.

“මම හිතන්නේ එහෙමයි…”

ඇලිස් උරහිස් හකුලා ඔහුගේ උරහිසට බර වූවාය.

“එහෙම වෙන්න ඇති,”

ඇය මිමිණුවාය.

“අපි යමු.”

ඔවුන් අභයභූමි නගරයක් සොයා යන ගමනක යෙදී සිටි අතර, ඔවුන්ගේ පෙර කැරවෑනයේ සාමාජිකයන් ඒදන් උයන ගැන ඔවුන්ට පැවසුවෝය. ඒ කැරවෑනය තුළ මිනීමැරුම් ඇරඹී තිබූ බැවින් එතුළ යථාර්ථයට වඩා මිථ්‍යාව රජ කළේය. සති ගණනක් ඉබාගාතේ ගිය පසු, ඇලිස් සහ අයිසැක් අපූරු තැනක් සොයා ගත්තෝය. එහි විල්, පුළුල් වනාන්තර සහ පැහැදිලි නිල් අහසක් තිබුණි.

“ඒක සුදු පයින් ගහක්,”

ගසක් පෙන්වා කීවේය.

ඇලිස් ගස දෙස බැලුවාය. ඔහු සමග ගමන් කිරීම රසවත් අත්දැකීමකි. අයිසැක් ගසේ කටු ටිකක් කඩා ගත්තේය.

“මේව තම්බලා බොන්න පුළුවන්. ඔයාගෙ කැස්සට හොඳයි පැටියෝ” 

Chocolate and Nietzsche

ඇලිස් සිනාසුණාය.

“මට කැස්සක් නැහැ.”

“නැත්තෙ මොකද? ”

ඔහු කටු ස්වල්පය සාක්කුවට දමමින් කීවේය.

“ඔයා නින්දෙදි කහිනවා.”

“ඇත්තටම? ”

“ඔව්.”

ඇලිස් ඇගේ නාසය අතගෑවාය. ඇගේ උගුර වියළීයන්නාක් මෙන් දැනුනි. .

“අපි ඇවිදිනවද නැත්නම් කඳවුරු බැඳගන්නවද?”

ඇය ඇසුවාය.

“අපි කඳවුරු බැඳගන්න ඕනේ.”

“කැලේ මැද?”

ඇලිස් ඇසුවේ වඩාත් අඳුරු ලෙස පෙනෙන මේ තැන දෙස බලමිනි. මග දෙපස ඇති ගස් ඒවායේ මුදුන්වල ඇතුළට රැලි වී වියනක් නිර්මාණය කරන ආකාරය ඇය දුටුවාය. එම මංපෙත්වල වසර ගණනාවක් ගමන් කළ මාර්ගවල ඇති වූ බෑවුම්, පෘථිවිය උඩු යටිකුරු වී සෙලවීමට පෙර, මෑත අතීතය සිහිපත් කළේය.

“මම ඉන්නවනේ ඔයාට”

ඔහු ඇගේ නිකට ස්පර්ශ කරමින් පැවසීය.

“අපි ආපු තැනට වඩා කැලේ ගොඩක් පරිස්සම් ඩාලිං.”

ඇය සිනාසුණ නමුත් නොදැනීම සුසුම් ලෑවාය.

“මම ඔයාව බලා ගන්නම්”

අයිසැක් නැවතත් පැවසුවේ බෑගයේ පටි ඉවත් කරමිනි. ඔවුන් කඳවුරු බැඳ ගත්හ. ඉන්පසු කැරවෑනයෙන් සොරකම් කළ භාජනයක වතුර උණුකරගෙන, ලේනෙකු අල්ලා කෑමට සකසා ගත්හ.

“අයිසැක්, ඔයාට ගොඩක් මතක් වෙන්නෙ මොන කෑමද?

ඇලිස් ඇසුවාය. ගින්නෙන් ලැබෙන ආලෝකය ඔහුගේ මුහුණ ආලෝකමත් කළේය.

“මම අතීතය ගැන හිතන්නේ නැහැ,ඒක තවදුරටත් වැදගත් නැහැ.”

ඇලිස් මුහුණ හකුලා ගත්තාය.

“මට හැම්බර්ගර් නැතුව පාලුයි,”

ඇය තමාටම පැවසුවාය.

“අභයභූමි නගරයේ හැම්බර්ගර් ඇති කියලා ඔයා හිතනවද?”

අයිසැක් සිනාසෙමින් ලේනාගේ ඉතුරු ටික ගින්නට විසි කර දණහිස් වටා දෑත් ඔතා ගත්තේය.

Chocolate and Nietzsche

“ඔයා වෙනුවෙන් හැම්බර්ගර් ගොඩවල් ඇති කියලා මම විශ්වාස කරනවා පැටියෝ.”

ඇය සිනාසුණාය. ගිනිදැල් දීප්තිමත්ව ඇවිළුණි.

“මම කෙට්ටු වෙලා නේද, අයිසැක්?”

“ඔයාව දැක්ක දවසෙ වගේම ඔයා ලස්සනයි.”

ඇලිස් ඇගේ සිහින් කම්මුල් පිරිමැද්දාය.

“ඔයාට සුවඳ දැනෙනවා නේද?”

අයිසැක් හිස පිටුපසට විසි කර හිනැහුණි.

“හිනා වෙන්න එපා!”

ඇලිස් කෑ ගැසුවාය.

“අපි දෙන්නම ඌරන්ට වඩා ගඳයි අනේ !”

ඔවුන් හිනැහුණි. අයිසැක් පයින් ගසේ කටු උතුරන වතුරට ඉස, සෙමින් කලවම් කරමින් ගීයක් මිමුණුවේය. හිරු බොහෝ කලකට පෙර මේ යුවළ හැර ගොස් තිබූ අතර රාත්‍රියට සඳු ඔවුන් හා සිටියේය. හදිසියේම ඔහු කලවම් කිරීම නතර කළ අතර ඔහුගේ මුහුණේ දීප්තිය මැකී ගියේය.

“ඔයා මොනවද හිතන්නේ?”

ඇය ඇසුවාය.

“ඔයාට මාව කියවන්න පුළුවන්ද?”

ඇලිස් හිස වනමින් ඇගේ බෑගයෙන් චොකලට් දවටනය එළියට ගත්තාය.

“අපි එයාව මරලා දැම්මා – ඔයයි මමයි,”

ඇය කියෙව්වා.

“අපි හැමෝම එයාගේ මිනීමරුවන්. නමුත් අපි මේක කළේ කොහොමද? “

හදිසියේම චොක්ලට් දවටනය ඈ අතින් ගිලිහුණි.

“නැහැ!”

ඇය එය සොයමින් ඉදිරියට දිව ගියාය. කැලය ගැන ඇගේ බිය නැතිවී තිබුණි.

“ඇලිස්, නවත්වන්න! අයිසැක් කෑගැසුවාය.

ඔහු උතුරන වතුර බඳුනට කෝටුව දමා ඈව ලුහුබැන්දේය. දෙදෙනා ඝන වනාන්තරය හරහා දවටනය ලුහුබැඳ ගිය අතර, මුල්, පඳුරු සහ දිරාපත් වන ලී මත දෙපා පැකිලී ගියේය. පාසිවල සුවඳ දැනුන අතර, අයිසැක් විශ්වාස කළේ ඔහුට ඇලිස් සමඟ දරුවෙකු ලැබීමට අවශ්‍ය බවයි.

“නමුත් ඇය දුවන එක නතර කරන්න ඕනේ,”

ඔහු දුවමින් සිතුවේය. ඇලිස් ගසක කඳ වටා එතෙමින් රාත්‍රියේ කළුවරට එය නොපෙනී යන ආකාරය බලා සිටියාය.

“අනේ!”

ඇය දණින් වැටී කෑගැසුවාය. එය එහි නොතිබුණි.

“ඒක ගිහින්, අයිසැක්!”

ඇය කෑගැසුවාය. ඇය වැළපුණි. ඇය අහස දෙස බලා දෙවියන්ට ශාප කළාය.

“ඔයා අපිට මොනවද කළේ!”

අවසානයේ අයිසැක් ඇය වෙත පැමිණ ඇගේ උරහිස් වලින් අල්ලා ගත්තේය.

“ඩාලිං, ඒක චොක්ලට් කොලයක් විතරනේ.අපි ආපහු යමු”

“මට ඒක නැති වුණා, අයිසැක්,”

ඇය හිසකෙස් හරහා ඇඟිලි යවමින් කෑගැසුවාය.

Chocolate and Nietzsche

“මම ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්.”

“මුකුත් ඉතුරුවෙලා නෑ “

ඇලිස් මුමුණමින් කීවාය.

“ඔක්කොම කුණු වෙලා. අශ්වාරෝහකයො නං ඉන්නව..”

“අශ්වයෝ?”

අයිසැක් ඇසුවේ, ඇලිස්ගේ කකුල් යටට දෑත් තබමිනි.

“බයිබලය, අයිසැක්!”

“බයිබලය?”

ඔහු ඇසුවේය.

“මම විශ්වාස කරන්නේ නැහැ”

ඇලිස් ඇගේ අතේ පිටුපසින් අයිසැක්ට පහර දී විලාප දුන්නේය.

“අපි මැරිලා!”

“නවත්වන්න, ඇලිස්!”

ඔහු කෑ ගැසුවේ, ඇයව ඉහළට ඇදගෙන රූකඩයක් මෙන් ඇයව අදිමිනි.

“ඒක ගිහින්, අයිසැක්…”

ඇය කෑගැසුවාය.

“ඩාලිං,”

අයිසැක් පැවසුවේ වේදනාවෙනි.

“අපි ජීවතුන් අතර හොඳට ඉන්නවා.”

සෙමින් නමුත් නිසැකවම, ඔවුන් කඳවුරට ආපසු ගියහ.

“අපි ගිනි මැලය ගාවට යමු,”

අයිසැක් පැවසුවේ අන්ධකාරය ඇලිස් සහ ඔහු වෙත සමීප වන බව දැනෙමිනි. අවසානයේ ඔහු ඇයව නැවත කඳවුරට ගෙන ගියේය. ගින්න සමීපයේ ඔහු ඇයව තම දෝතට තුරුළු කරගෙන සිටියේය.

“ඒක ගිහින්,”

ඇලිස් කතා කරන අතරතුර කෙළ ගසමින් පැවසුවාය.

“ඒ ඔක්කොම ගිහින්…”

“නිදාගන්න,”

අයිසැක් මුමුණමින් පැවසුවාය.

“උදේට හැමදේම හරියාවි.”

“මෙහෙම වුණේ ඇයි? අභයභූමි නගරයක් නැත්තම් අපි මොකද කරන්නෙ?”

අයිසැක් සුසුම්ලමින් ඇගේ කඳුළු පිස දැමීය.

“අපි උතුරට යමු,”

ඔහු දුර්වල ලෙස පැවසීය. ඇලිස් ඇගේ නළල අයිසැක්ගේ පපුවට හේත්තු කරගෙන යාච්ඤා කළාය.

“දෙවියන් වහන්සේ අපිව දාලා ගියත් මගේ යාච්ඤා තවම අහන් ඉන්නව ඇතිද??”

ඇය තම පෙම්වතාගෙන් ඇසුවාය. ඔහු ඈව තුරුලට ගත්තේය.

“ඔහු ඔයාට ඇහුම්කන් දෙන්නෙ නැත්තං ඒ හැම එකක්ම මට කියන්න.”

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Kayla Wikaryasz විසින් රචිත Chocolate and Nietzsche at the end of the world කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

Previous article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...
- Advertisement -spot_img

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ - Kay Kay Menon ඔහු ඉන්දියානු සිනමාව තුළ සුවිශේෂී අනන්‍යතාවයක්...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you