Artස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර...

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

-

spot_img

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල වූ ලිංගික අපරාධ නඩුව ජාත්‍යන්තර මාධ්‍යවල උණුසුම් පුවතක් වී තිබෙනවා. ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර සම්බන්ධයෙන් වරදකරුව වසර 10කට වැඩි සිරදඬුවමක් ලැබූ පසු තවත් කාන්තාවන් හයදෙනකු ඔහුට එරෙහිව ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

The Times සහ Sunday Times පුවත්පත් කළ විමර්ශනයකදී Russell Brand නිසා කාන්තාවන් හයදෙනකු මුහුණදුන් අත්දැකීම් හෙළි කර තිබෙනවා. මෙම සිදුවීම් 2000 දශකයේ මුල් කාලයේ සිට 2015 දක්වා සිදුවීම් බව පැවසෙනවා. ප්‍රසංගවලින් පසුව, රසික හමුවීම්වලදී සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයට සම්බන්ධ අවස්ථාවලදී මේ කාන්තාවන්ට ඔහු මුණ ගැසී ඇති අතර ඔවුන් සිය කතා ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබෙන්නේ Brandට එරෙහි නඩු තීන්දුවෙන් පසුවයි.

Russell Brand

Vicky නමින් හඳුන්වන කාන්තාවක් පවසන්නේ 2007 වසරේදී තමන්ට වයස අවුරුදු 19ක්ව තිබියදී Brand හමුවූ බවයි. මුලදී ඔහු සමඟ ඇති වූ සම්බන්ධතාවය තමන්ට සුරංගනා කතාවක් වැනි හැඟීමක් ඇති කළ බවත්, නමුත් පසුව ඇති වූ ලිංගික හමුවීම්වලදී තමන්ගේ කැමැත්ත නොසලකා ඔහු හැසිරුණු බවටත් ඇය චෝදනා කරනවා. එක් අවස්ථාවක ලිංගික සම්බන්ධතාවය නවත්වන ලෙස ඉල්ලා සිටියත් ඔහු ඒ ගැන තැකීමක් කර නැහැ.

Zoe නැමති කාන්තාව Brand සමඟ ඇති වූ හමුවීමක් ගැන විස්තර කර තිබෙනවා. ඇය පවසන්නේ හෝටල් කාමරයකදී තමන්ට අනවශ්‍ය ලිංගික හැසිරීමකට මුහුණ දීමට සිදුවූ බවයි. Alex නැමති කාන්තාව පවසන්නේ ඔහු සමඟ වසර කිහිපයක් අතරින් පතර පැවති සම්බන්ධතාවයකදී ඔහුගේ පාලනකාරී හැසිරීම්වලට මුහුණ දීමට සිදු වූ බවයි. ලිංගික සම්බන්ධතාවලදී ඔහු තමන්ගේ කැමැත්තට පටහැනිව හැසිරුණු බවටත් ඇය චෝදනා කරනවා. Rosie නැමති කාන්තාව ඉදිරිපත් කළ ප්‍රකාශයත් විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. ඇය පවසන්නේ ලිංගික සම්බන්ධතාවයකින් පසුව ඔහු විසින් ඉතා අවමන් සහගත ඉල්ලීමක් කළ බවයි. එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු කෝපයට පත්වූ බවත් ඇය චෝදනා කරනවා. Louise නම් කාන්තාව ලන්ඩනයේ විනෝදාස්වාද ස්ථානයකදී ඔහු තමන්ව අල්ලාගෙන බලහත්කාරයෙන් ලිංගික හමුවකට යොමු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කර තිබෙනවා. මේ කාන්තාවන්ගේ ප්‍රකාශ එකිනෙකට වෙනස් වුවත්, ඔවුන් පෙන්වා දෙන්නේ ඔහු ජනප්‍රියත්වය සහ බලය භාවිත කරමින් කාන්තාවන් සමඟ හැසිරුණු ආකාරය අශෝභන බවයි.

Russell Brand

නොවැම්බර් මාසයේ පැවැති අපරාධ නඩු විභාගයකින් පසු Brand ස්ත්‍රී දූෂණ චෝදනාවකට සහ ලිංගික අතවර චෝදනා තුනකට වරදකරු වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුට වසර 10යි මාස 6ක සිරදඬුවමක් නියම කෙරුණා. මේ අතර නව චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ නීති නියෝජිතයන්ගෙන් අදහස් ලබාගැනීමට මාධ්‍ය උත්සාහ කර තිබුණත්, ඒවාට ප්‍රතිචාරයක් ලැබී නොතිබූ බව සඳහන්.

– Los Angeles Times ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය...
- Advertisement -spot_img

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට යයි

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැරසෙයි ? මුදල් අමාත්‍යාංශය සහ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම ආර්ථික සහ සාමාජීය අර්බුද හමුවේ, රටේ උසස් අධ්‍යාපන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you