Featuresආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

-

spot_img

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීම පමණක් බවත් ප්‍රකාශ කළ ද, පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ජනතාව සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මත දැඩි මූල්‍ය පීඩනයක් එල්ල කරමින් ප්‍රධාන බදු සංශෝධන 12ක් ක්‍රියාවට නංවා ඇති බව ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් හා පර්යේෂණ කේන්ද්‍රය (CHR Sri Lanka) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මඟින් මෙම බදු සංශෝධන 12 පිළිබඳ සවිස්තරාත්මක කරුණු ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs), ස්වාධීන වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයා ද දැඩි බලපෑමකට ලක්ව ඇති බව එම ආයතනය පෙන්වා දෙයි. පොදු ජනතාවගේ එදිනෙදා ජීවන වියදමට, ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ ඩිජිටල් ගනුදෙනුවලට සෘජුවම බලපාන, රජය නිල වශයෙන් අවධාරණය නොකළ එම බදු සංශෝධන 12 පහතින් දැක්වේ. 

New taxes by the government

1. මත්පැන්, දුම්කොළ සහ වාහන මත සුරාබදු ඉහළ දැමීම

මත්පැන්, සිගරට්, දුම්කොළ නිෂ්පාදන, පැණිරස බීම මෙන්ම මෝටර් රථ සඳහා පනවා තිබූ සුරාබදු (Excise Duties) 6% කින් පමණ ඉහළ නංවන ලදී.

2. විද්‍යුත් වාහන (EV) බදු දෙගුණ කිරීම

පරිසර හිතකාමී විද්‍යුත් වාහන (Electric Vehicles) ප්‍රවර්ධනය කරන බව පැවසුව ද, ඒවා සඳහා පැවති බදු අනුපාත 100% කින් (දෙගුණයකින්) වැඩි කිරීමට පියවර ගැනුණි.

3. වාහන ආනයන බදු සහන අහෝසි කිරීම

මීට පෙර පැවති රේගු බදු නිදහස් කිරීම් සහ සහන ක්‍රමවේදයන් ඉවත් කර, 20% ක ආනයන බද්දක් සහ 50% ක අධිභාරයක් (Surcharge) පැනවීම මඟින් සමස්ත බදු බර 30% සිට 45% දක්වා ඉහළ දැමීය.

4. බැංකු තැන්පතු පොලී මත රඳවා ගැනීමේ බද්ද (WHT)

සාමාන්‍ය ජනතාව බැංකුවල තැන්පත් කර ඇති ස්ථාවර තැන්පතු (Fixed Deposits) සහ ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී ආදායම මත අය කළ රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කරන ලදී.

New taxes by the government

5. මහා පරිමාණ සමාගම්වල සංස්ථාපිත ආදායම් බද්ද

මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම් සහ සූදු ව්‍යාපාරවල (Gambling) නිරත සමාගම් සඳහා වන සංස්ථාපිත ආදායම් බද්ද (Corporate Income Tax) 40% සිට 45% දක්වා ඉහළ නංවන ලදී.

6. සේවා අපනයන (Service Exports) සහ විදේශීය ආදායම් මත බදු

මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ, මෙරට සිට විදේශීය සමාගම්වලට සේවා සපයන ආයතන සහ පුද්ගලයන් විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් සඳහා 15% දක්වා ආදායම් බද්දක් හඳුන්වා දෙන ලදී.

7. නව රේගු ආනයන තීරු බදු ව්‍යුහය

පැවති රේගු බදු ක්‍රමවේදය සංශෝධනය කර 0%, 10%, 20% සහ 30% ලෙස නව තීරු බදු අනුපාත හඳුන්වා දීමට කටයුතු කර ඇත.

8. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාහනවලටත්

මෙතෙක් පැවති 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාහන ආනයනය සඳහා ද දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.

9. ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) ඉහළ දැමීම

පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර තම දේපළ හෝ වත්කම් විකිණීමේදී ලබන ලාභය මත අය කරන බද්ද 10% සිට 15% දක්වා ද, භාර (Trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සඳහා එය 30% දක්වා ද ඉහළ නංවා ඇත.

New taxes by the government

10. ස්වාධීන වෘත්තිකයන් මත 5% ක රඳවා ගැනීමේ බද්ද

ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ සමාජ මාධ්‍ය (social media) ක්‍රියාකාරීන් මාසිකව රු. 100,000 ඉක්මවා උපයන විට 5% ක රඳවා ගැනීමේ බද්දක් පැනවීය.

11. විදේශීය ඩිජිටල් සේවා මත 18% ක වැට් (VAT) බද්ද

ලංකාවේ ලියාපදිංචි නොවූ විදේශීය සමාගම් සපයන ඩිජිටල් සේවා (උදා: Netflix, Google Cloud, Facebook/YouTube Ads වැනි) සඳහා 18% ක එකතු කළ අගය මත බද්දක් (VAT) හඳුන්වා දී ඇත.

12. වැට් (VAT) සහ SSCL බදු අයකරන සීමාවන් පහත හෙළීම

බදු අය කරනු ලබන ව්‍යාපාරවල වාර්ෂික පිරිවැටුම් සීමාව (Threshold) සැලකිය යුතු ලෙස පහත හෙළීම නිසා මීට පෙර බදු දැලට හසු නොවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසකට අලුතින් වැට් බදු ගෙවීමට සිදුව ඇත.

ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විචාරකයන්ගේ මතය

රජය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි සපුරාලීමට සහ රාජ්‍ය ආදායම ස්ථාවර කර ගැනීමට මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, මෙම බදු සංශෝධන 12 මඟින් උද්ධමනය ඉහළ යෑම, මුදල් හුවමාරුව සීමා වීම, දරිද්‍රතාව ඉහළ නැංවීම සහ දේශීය ආයෝජන අධෛර්යමත් වීම වැනි අහිතකර ප්‍රතිඵල සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින බව CHR ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

✍️තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක් Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල...

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය...
- Advertisement -spot_img

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට යයි

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැරසෙයි ? මුදල් අමාත්‍යාංශය සහ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම ආර්ථික සහ සාමාජීය අර්බුද හමුවේ, රටේ උසස් අධ්‍යාපන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you