Interviewsඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

-

spot_img

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් – Kalyani Priyadarshan

දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සුන්දරත්වය, ආකර්ෂණීය තිර පෞර්ෂය සහ රංගන හැකියාව නිසා ඇය අද වන විට මලයාලම්, දෙමළ සහ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්ව සිටී. සිනමා පවුලක සාමාජිකාවක වූ ඇය චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ කලා අධ්‍යක්ෂණයේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සිනමාවට පිවිසියාය. 2017 වසරේ Hello තෙලිඟු චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඈ සිය පළමු රංගනය උදෙසා Filmfare සම්මානයක් ඇතුළු සම්මාන කිහිපයක්ම හිමි කර ගත්තාය. Chitralahari, Hero, Varane Avashyamund, Maanaadu, Hridayam, Bro Daddy සහ Thallumaala වැනි චිත්‍රපට හරහා රසික හදවත් දිනාගත් කල්‍යාණි ප්‍රියදර්ශන් මේ වනවිට දකුණු ඉන්දියානු සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වී තිබේ.

පිටපතකට කැමති වීමේදී තමාට භාෂාව අදාළ නොවන බවත්, ඒ කතාවෙන් දැනෙන හැඟීම ගැන සලකා පිටපතට කැමති වන බවයි කල්‍යාණි පවසන්නේ. බොහෝ දෙනා පවසන පරිදි කල්‍යාණි යනු සැහැල්ලුවෙන් කල් ගෙවන, සන්සුන්, උද්‍යෝගයෙන් පිරුණු, කාරුණික තැනැත්තියකි. ඇය සිය ගමන ආරම්භ කලේ කලා අධ්‍යක්ෂකවරියක් ලෙසයි. රංගනය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවන බවයි ඇගේ අදහසයි.

Kalyani Priyadarshan

“චරිතයක් ගොඩනැගෙන්නෙ දේවල් ගොඩක එකතුවෙන්. නිෂ්පාදන නිර්මාණය, ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තර, මේකප්, ආලෝකකරණය මේ හැම දෙයක්ම හරිම වැදගත්. මම චරිතයකට චිත්තවේගීයව සහ මානසිකව සූදානම් වෙනව විතරක් නෙමේ. හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ඇඳුම් නිර්මාණ ශිල්පීන් මේ හැමෝම එක්කම. ඇඳුමකට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ආභරණ, සපත්තු, මේ දේවල්වල මනා ගැළපීම පවා චරිතයක් හොඳට කරන්න බලපානවා. රංගනය කියන්නෙ සාමූහික නිර්මාණයක්. කණ්ඩායමක් එකට එකතුවෙලා චරිතයක් ගොඩනගනවා. “

ඇය රංගනයට අවතීර්ණ වෙන්නේ 2007 වසරේදීය. තෙළිඟු, දෙමළ සහ මලයාලම් චිත්‍රපටවල රඟපෑ ඇය පවසන්නේ තමාට භාෂාව අදාළ නැති බවයි.

“මට කිසිම වෙලාවක භාෂාව තීරණාත්මක සාධකයක් වෙලා නැහැ. මම මගෙන්ම ප්‍රශ්නයක් අහගන්නවා. මේ කතාව මට දැනෙන එකක්ද, මේකෙ රඟපෑවොත් ඉගෙන ගන්න, දියුණු කරගන්න යමක් තියෙනවද කියලා. භාෂාවක් ඇතුලෙ සංස්කෘතියක් ගැබ්වෙලා තියෙනවා. වෙනත් භාෂාවකින් වැඩ කරනකොට මම උච්චාරණය ගැන විතරක් අවධානය යොමු නොකර, ඒ භාෂාවට ආවේණික රිද්මය, හැසිරීම් රටා වගේ දේවලුත් තේරුම් ගන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට මම සෙට් එකේ ඉන්න ඒ භාෂාව දන්න අයගෙන් උදව් ගන්නවා. මගේ රඟපෑම කෘතිම වගේ නම් මාව දැනුවත් කරන්න කියලා මම කියනව. ඒ අවංකකම භාෂාවල බාධක ඉක්මවා යනව. අපේ හැඟීම් අවංක නම් ඒවා ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරනවා.” 

Kalyani Priyadarshan

භාෂාමය හැකියාව ඇයගේ ප්‍රබලම අංශය නොවන බවත් ඇය පිළිගනී.

“ගොඩක් අයට හිතෙන්නෙ නැති දෙයක් තමයි, අලුත් භාෂා ඉගෙන ගන්න මම ගොඩක් දුර්වලයි කියන දේ. විෂයක් ප්‍රගුණ කරන්න විනයත් අවශ්‍ය‍යි. මම නිතරම පුහුණුවීම් කරනවා. උච්චාරණය, වචනවල තේරුම් වගේ දේවල්. ඇත්තටම ලේසි දෙයක් වගේ පෙණුනත් ඒක හිතන තරම් ලේසි නෑ..”

කල්‍යාණි සිය සහායකයින් ගැන බොහෝ සේ විශ්වාස කරයි.

“මාත් එක්ක වැඩ කරන අයව විශ්වාස කරනකොට, රඟපෑම ස්වභාවිකවම අපූරුවෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ මගේ සාර්ථකම චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නෙ එහෙම. පිටපතක් කියවලා අවසන් කළ පසුවත් එය මගේ මතකයේ තියෙනවනම් එයින් අදහස් වන්නේ මම ඒකට එකඟ වෙන්න ඕනෙ කියලා. Lokah Chapter 1: Chandra ඒ වගෙ කතාවක්. මේක සාර්ථකව කරන්න පුළුවන්ද කියලා මුලින් මට සැකයක් තිබුණා. නමුත් පිටපත කෙතරම් විශිෂ්ටද කිව්වොත් ඒක මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. Lokah චිත්‍රපටය වෙනුවෙන් සූදානම් වීම මට මම ශාරීරිකව කොතරම් ශක්තිමත්ද කියන දේ ඉගැන්නුවා. ගොඩක් ව්‍යායාම කරා. ක්‍රියාදාම සටන් පුහුණු වුණා. සමහර දවස්වල මට ලොකු මහන්සියක් දැණුනා. නමුත් මගේ ශරීරය ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. මම වඩාත් ශක්තිමත්, වේගවත් සහ ආත්ම විශ්වාසයෙන් යුතු කෙනෙක් වුණා. මටම මගේ හැකියාවන් තේරුම් ගියා. ඒක තමයි විශිෂ්ටම දේ” 

Kalyani Priyadarshan

සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියදර්ශන් සහ නිළි ලිසීගේ දියණිය ලෙස, ඇය තම පවුලේ උරුමය නිසි අවබෝධයකින් යුතුව ඉදිරියට ගෙන යන්නීය.

“මගේ දෙමාපියන් සහ ඔවුන් ගොඩනැගූ උරුමය ගැන මම හරි ආඩම්බර වෙනවා. සිනමා පවුලකින් ආවම ඔයා තැනක් හදාගන්නත් කලින් මිනිස්සු ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්නවා. අපිව අනිත් අය සමඟ සැසඳීම වළක්වන්න බැරි දෙයක්. ඒක එහෙමයි කියලා මට තේරුණා. ඉතින් මම උත්සාහ කලේ මාව ඔප්පු කරනවට වඩා මගේම දෙයක් ගොඩනගා ගන්න. මම හිතන්නෙ අපේ අනන්‍යතාව ගොඩනැගෙන්නේ අපි ගන්නා තීරණ මත කියලා.”

සිනමාව මෙන්ම සංචාරය ද ඇයගේ ජීවිතයේ වැදගත් අංගයකි. නිව් යෝර්ක් නගරයේ වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණය (architectural design) පිළිබඳව හැදෑරූ වසර හය ඇයගේ ජීවිතයේ නොමැකෙන සලකුණක් විය.

Kalyani Priyadarshan

“නැවුම් බවක් සහ මානසික සුවයක් ලබා ගන්න මම කූර්ග් (Coorg) නගරයට යනවා. එහේ තියෙන සන්සුන් පරිසරය හිතට ලොකු සහනයක්. කාලගුණය මෘදුයි. වාතය පිරිසිදුයි වගේම හිතට සැනසීමක් ගේන කෝපි සුවඳකින් පිරුණු තැනක්. බාහිර ලෝකයෙන් ඈත්වෙලා විවේකීව ඉන්න හොඳම තැනක්. කලබළයක් නැහැ. ඝෝෂාවක් නැහැ, තියෙන්නේ ඇවිදීම්, හොඳ සංවාද සහ ඉතාමත් රසවත් ආහාර විතරයි. මම ජපානෙට යන්නත් ආසයි. ඒ සංස්කෘතියට ගොඩක් කැමතියි. ඔවුන්ගේ ගොඩනැගිලි නිර්මාණ ශෛලිය, සරල බව (minimalism) මෙන්ම අවකාශයට සහ ස්වභාවධර්මයට දක්වන ගෞරවය මගේ හිත ගන්නවා. සුෂිත් එක්ක ඒ අත්දැකීම විඳින්න ආසයි. ඒක මම ආදරය කරන විදිහේ සංචාරයක්. ඒ වගේම මම කෑම ගැනත් උනන්දුයි.”

රඟපෑමට අමතරව කල්‍යාණිට විනෝදාංශ කිහිපයක්ම ඇත.

“මට තියෙන හැම කුසලතාවයක් හෝ විනෝදාංශයක්ම මොන විදිහකින් හරි රඟපෑමට උදව්වක්. බොක්සිං. ඩාන්සින්, ජිම් එකට යන එක, ක්‍රීඩාවක් කිරීම පවා.”

ඇයට ඇගේ ඊළඟ චිත්‍රපටය තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුණහොත් යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඈ පවසන්නේ ,

“ලෝකා කණ්ඩායමත් එක්කම කුඩා චිත්‍රපටයක් සඳහා ආයෙමත් එකතු වෙන්න මම කැමතියි. ඉන්දියාවෙන් පිටත කුඩා නගරයක හැදුව පුංචි කතාවක් වෙනුවෙන්.”

– Travel and Leisure Asia ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...
- Advertisement -spot_img

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you