වැඩිහිටි නිවාස නියාමන නීති
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම නියෝග හා මාර්ගෝපදේශ සකස් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලෙ සඳහන් කළේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දත්ත අනුව ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය සියයට 18 ඉක්මවා ඇති අතර එම ප්‍රතිශතය ඉදිරියේදී සියයට 24 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කළ හැකි බවය. රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවද හෙතෙම පැවසීය.




