සුපිරි Reality TV තරුවට සේවකයන් හතර දෙනෙකුගෙන් නඩු
සුප්‍රකට Reality TV පවුලක සාමාජිකාවක් මෙන්ම Kylie Cosmetics නම් රූපලාවන්‍ය සන්නාමයේ හිමිකාරිණිය වන කයිලි ජෙනර් (Kylie Jenner) ට එරෙහිව පිරිසක් නීතිමය සටනකට සැරසෙනවා. මේ පිරිස ඇගේ සේවකයින් වන අතර ඔවුන් කයිලිට එරෙහිව නඩු පැවරීමට සූදානම්ව සිටින බව වාර්තා වෙනවා. ඇයට එරෙහිව මේවන විටත් චෝදනා රැසක් එල්ලවී අවසන්.
Dinora Carolina Cabria Amaya නැමති ඇගේ හිටපු ගෘහ සේවිකාවක් පසුගිය නොවැම්බර් 5 වැනිදා ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩුවක් ගොනු කළේ කයිලිගේ නිවසක වැඩ කරමින් සිටියදී සුපවයිසර්වරයකු තමාට ඇගේ ඇඳුම් අල්මාරියට ඇතුළු වෙන්න යැයි පවසමින් රහස් අංකය ලබා දුන් බවත්, එතුළට ගිය පසු තමන් එහි සිරවුණ බවත් පවසමින්. තමා ඔහුට දුරකථනයෙන් අමතා උදව් ඉල්ලුවද ඔහු එය විහිළුවකට ගත් බවත්, පැයකට අධික කාලයක් එහි සිරව සිටීම නිසා තමා කම්පනයට පත් වූ බවත් ඇය ප්‍රකාශ කළා.

2025 සැප්තැම්බර් 4 වැනිදා Kylie ගේ නිවසක laundry room එකේ ලාච්චුවක් පිරිසිදු කරමින් සිටියදී pepper spray canister එකක් ක්‍රියාත්මක වූ බවත් ඒවා තම මුහුණට සහ ඇස්වලට වැදුණ බවත් ඈ පැවසුවා. මේ ගැන සුපවයිසර්වරයාට දැනුම් දුන් පසු ඔහු තමන්ට තවත් වැඩ පැවරූ බවයි ඇය පවසන්නේ. එමෙන්ම 2025 ඔක්තෝබර් 28 වැනිදා තමාට කයිලිගේ නිවසක doghouse එක පිරිසිදු කිරීමේ රාජකාරිය පවරා තිබුණු බව පැමිණිල්ලේ සඳහන්. එහිදී බල්ලකු ඇයව සපා කෑ බවත් ඇය පවසනවා. අවසානයේ තමන්ටම ඖෂධ මිලදීගෙන තුවාලයට ප්‍රතිකාර කිරීමට සිදුවූ බවත් පැමිණිල්ලේ සඳහන්. මේ සිදුවීම් තුනට පසු තමන්ට වැඩ වැඩි කළ බවත්, වැඩ කරන ස්ථාන වෙනස් කළ බව සහ අවසානයේ තමන්ව සේවයෙන් ඉවත් කළ බවත් ඇය පවසනවා.
එමෙන්ම කයිලිට සේවය කෙරූ ඇගේ පෞද්ගලික සූපවේදිනියක් පසුගිය ජුනි මාසයේ නඩුවක් ගොනු කළා. ඇය තම අනන්‍යතාව හෙළි නොකෙරූ ඇය Jane Doe යන නමින් නඩුව පවත්වාගෙන යන ලෙස ඉල්ලූ අතර පැමිණිල්ලේ සඳහන් වන්නේ තමන් ගැබිණියක වී සිටියදීත් දැඩි වෙහෙසක් දරා රාජකාරි කිරීමට සිදුවූ බවයි. පසුගිය පෙබරවාරියේ පැවති උපන් දින උත්සවයක් වෙනුවෙන් දිගු පැය ගණනක් වැඩ කිරීමට සිදුවූ බව ඇය කියනවා. ඊළඟ දිනයේදී දැඩි රුධිර වහනයක් ඇතිවී තමන්ගේ දරුවා ගබ්සා වූ බවයි ඇය පවසන්නේ. තවද වෛද්‍ය නිවාඩුවෙන් නැවත පැමිණීමෙන් පසුව තමන්ට නරක අන්දමින් සලකා අවසානයේ සේවයෙන් ඉවත් කළ බවටත් ඇය චෝදනා කරනවා. නොවැම්බර් 11 කයිලිගේ නීතිඥයන් මේ සූපවේදිනියගේ සැබෑ අනන්‍යතාව ප්‍රසිද්ධ කරන ලෙස කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවයි බොහෝ අය පවසන්නේ.




