Featuresමාලිමාවේ මර්දන පනත සම්මත වීමට සියල්ල සූදානම්!

මාලිමාවේ මර්දන පනත සම්මත වීමට සියල්ල සූදානම්!

-

spot_img

මාලිමාවේ මර්දන පනත සම්මත වීමට සියල්ල සූදානම්!

දශක හතරකට අධික කාලයක් පුරා මෙරට පුරවැසි නිදහසට සහ මානව හිමිකම්වලට දැඩි තර්ජනයක් වූ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, ඒ වෙනුවට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හඳුන්වා දීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. 2026 නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, කාරක සභා අවස්ථාවේදී සිදු කළ යුතු විශේෂ සංශෝධන හතරකට යටත්ව මෙම පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමට දැන් මග පෑදී ඇත. කෙසේ වෙතත් පනතේ නම වෙනස් වී තාක්ෂණික සංශෝධන කිහිපයක් එක් වූ පමණින්, පැරණි පනත සතුව තිබූ මර්දනකාරී සහ “රාක්ෂස” ස්වරූපය පෙරටත් වඩා තීව්‍ර වී ඇත. සැබෑ ලෙසම සිදුව ඇත්තේ එයය.

නීතියේ සීමාවන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම

මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 25ක් ගොනු කර තිබුණි. ඒවා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ කිරීමේදී පොලිස් ඉල්ලීමක් අනිවාර්ය කිරීම, ඇතැම් අධිකරණ අධීක්ෂණ බලතල අභියාචනාධිකරණය වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරීම, අනවශ්‍ය වගන්තියක් ඉවත් කිරීම සහ විධායක නියෝග අධිකරණ සමාලෝචනයට යටත් කිරීම යන සංශෝධන හතර සිදු කළ යුතු බවට නිර්දේශ කළේය. මෙම අධිකරණමය නිර්දේශ යම් සාධනීය පියවරක් ලෙස පෙනුණද, පනතේ හරය තුළ ගැබ්ව ඇති මූලික ගැටලු තවමත් නොවිසඳී පවතින බව බැලූ බැල්මට පෙනේ.

PTA and PSTA

ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට වෘත්තීය සමිති ද දැඩි ලෙස විවේචනය කළ ප්‍රධානතම කරුණ වන්නේ පනතේ 3 වන වගන්තිය යටතේ ‘ත්‍රස්තවාදය’ යන්නට ලබා දී ඇති අතිශය පුළුල් අර්ථකථනයයි. සාමකාමී විරෝධතා ත්‍රස්තවාදය ලෙස නොසලකන බවට 3(4) වගන්තියෙන් ආරක්ෂාවක් සලසා ඇති බවට තර්ක කළද, පවතින පුළුල් අර්ථකථන හරහා රජයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා, වැඩවර්ජන, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ගවේෂණාත්මක මාධ්‍යකරණය පවා ‘ත්‍රස්තවාදී ක්‍රියා’ ලෙස අර්ථ දක්වා මර්දනය කිරීමට පාලකයන්ට අවකාශය විවර වන බව සිවිල් ක්‍රියාකාරීහු පෙන්වා දුන්හ.

චෝදනා නැතිව රඳවා තබා ගැනීමේ බලය

පැරණි 1979 පනත යටතේ අමාත්‍යවරයාගේ නියෝග මත පුද්ගලයෙකු මාස 12ක් දක්වා රඳවා තබා ගැනීමට තිබූ බලය, නව පනතින් මාස 2ක් දක්වා අඩු කර තිබේ. එය කාලය අතින් අඩුවීමක් වුවද, අධිකරණයකට ඉදිරිපත් කර විධිමත් චෝදනා ගොනු කිරීමකින් තොරව විධායකයේ තනි තීරණය මත පුරවැසියෙකුගේ නිදහස අහිමි කිරීමේ මූලධර්මය තවමත් එලෙසම පවතී. නීතියේ ආධිපත්‍යය අගයන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, චෝදනා රහිතව පුද්ගලයන් රඳවා තබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් සංවිධානවල ස්ථාවරයයි.

PTA and PSTA

ආර්ථිකයට එල්ල වන අවදානම

මෙම පනත හුදෙක් නීතිමය හෝ දේශපාලනික ගැටලුවක් පමණක් නොව, රටේ ආර්ථිකයටද සෘජුව බලපාන සාධකයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන මෙවැනි මර්දනකාරී වගන්ති සහිතව පනත සම්මත කළහොත්, යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට හිමිවන GSP+ බදු සහනය අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බවට ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්ව දැනටමත් අනතුරු අඟවා තිබේ. එහෙත් ඒ අනතුරු තඹයකට මේ ආණ්ඩුව ගණන් නොගන්නා බව පෙනෙන්නට ඇත.

අවසන් බශයෙන් කිව යුත්තේ, ජාත්‍යන්තර සංවිධානවල, නීති විශාරදයන්ගේ සහ පොදු මහජනතාවගේ කොතෙකුත් විරෝධතා සහ අනතුරු ඇඟවීම් එල්ල වුවද, පාර්ලිමේන්තුව තුළ තමන් සතු බහුතර බලය උපයෝගී කර ගනිමින් කෙසේ හෝ තමන්ට අවශ්‍ය දේ සම්මත කර ගැනීම වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බවය. ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ තාක්ෂණික සංශෝධන හතර පමණක් ඇතුළත් කරමින්, විපක්ෂයේ හෝ සිවිල් සමාජයේ සැබෑ ඉල්ලීම්වලට කන් නොදී මෙම පනත සම්මත කර ගැනීමට රජය දැන් සියලු කටයුතු සූදානම් කර තිබේ. බලයට පත්වීමට පෙර මර්දන අණපනත් අහෝසි කරන බවට දුන් පොරොන්දු පසෙකලා, අලුත් මුහුණුවරකින් පැමිණෙන මෙම නීතිය හරහා පාලකයන්ගේ අභිමතය පරිදි ජනතා හඬ නිහඬ කිරීමේ අවකාශය නුදුරේදීම නීතිගත වනු ඇත. විකල්පයකට ඇත්තේ බලා හිඳීම පමණි.

✍️ තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විභාග වංචාවක්

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විභාග වංචාව කොළඹ, 2026 නොවැම්බර් 17 මෙරට රාජ්‍ය සේවයේ ඉහළම නීතිමය ආයතනය වන නීතිපති දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවා...

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද?

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද? රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති...

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය 2027 අයවැය මගින් රාජ්‍ය වියදම් සීමා කරන බවට පුරසාරම් දොඩන අතරතුර, අඛණ්ඩව රටට බරක්...

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි රටම පිරිසිදු කිරීමේ මහා සංකල්පයක් ලෙස 2025 වසරේදී මහත් ඝෝෂාවක් මැද ආරම්භ කළ...
- Advertisement -spot_img

ආදර ඇසුරුම

ආදර ඇසුරුම - What Fits in a Suitcase by Sophie De La Fuente මධ්‍යම රාත්‍රිය වන විට ලොන්ඩරිය පුරා උණුසුම්...

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි රටම පිරිසිදු කිරීමේ මහා සංකල්පයක් ලෙස 2025 වසරේදී මහත් ඝෝෂාවක් මැද ආරම්භ කළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you