Foodකොරියානු එළවළු අච්චාරුවක් - කිම්චි (Kimchi)

කොරියානු එළවළු අච්චාරුවක් – කිම්චි (Kimchi)

-

spot_img

කොරියානු එළවළු අච්චාරුවක් – කිම්චි (Kimchi)

කොරියානු කෑමවලට කැමති අයගෙ ආසම කෑමක් තමයි කිම්චි කියන්නෙ. මේක කොරියන් කෑම මේසෙක වරදින්නෙ නැති එළවළු අච්චාරු එකක්. බත්, නූඩ්ලස්, සුප් වගේ දේවල් එක්ක රස විඳින්න පුළුවන් සම්ප්‍රදායික කොරියානු කෑමක් තමයි මේ. මේ රෙසපි එක කොරියාවේ ගොඩක් ජනප්‍රිය නාපා ගෝවා වලින් හදන කිම්චි එකක්. Tongbaechu-kimchi කියලයි මේකට කියන්නෙ. මේ කිම්චි එකේ විශේෂත්වය තමයි ගෝවා පොඩි කෑලිවලට කඩන්නෙ නැතිව, ගෝවා කොළ අතරට සැර පේස්ට් එක දාලා හදන එක.

අවශ්‍ය ද්‍රව්‍ය

[ගෝවා ලුණු දැමීමට]

නාපා ගෝවා 2.7 kg

කොෂර් ලුණු 72 g

[ බත් මිශ්‍රණයට ]

වතුර කෝප්ප 2ක්

sweet rice flour මේස හැඳි 2ක්

දුඹුරු සීනි මේස හැඳි 2ක්

Kimchi

[ එළවළු මිශ්‍රණයට ]

කොරියානු රාබු හෝ ඩයිකොන් රාබු කෝප්ප 2ක්

කැරට් කෝප්ප 1ක්

ලූනු කොළ 7–8ක්

මිනරි කොළ කෝප්ප 1ක් (තිබේ නම්)

[ කිම්චි මිශ්‍රණයට ]

සුදු ළූණු, බික් 24ක්

ඉඟුරු තේ හැඳි 2ක්

ලොකු බී ළූණු ගෙඩියක්

ෆිෂ් සෝස් කෝප්ප 1/2ක්

ලුණු දැමූ ඉස්සන් (Saeujeot) කෝප්ප 1/4ක්

කොරියානු මිරිස් කුඩු (Gochugaru) කෝප්ප 2ක් ( සාමාන්‍ය මිරිස් කුඩු දැම්මොත් රස වෙනස් වෙනවා)

Kimchi

සාදාගන්නා ආකාරය

මුලින්ම නාපා ගෝවා ගෙඩිවල පිටත තියෙන වේළුණු කොළ ටික අයින් කරගන්න. ගෝවා ගෙඩිය මැදින් කපා නොගෙන, යට කොටසින් කුඩා කැපුමක් දාලා අතෙන් දෙකට වෙන් කරගන්න. ඊටපස්සෙ ආයෙත් මැදින් කුඩා කැපුමක් දාලා කොළ එකට රැඳෙන විදිහට හදා ගන්න. ඊට පස්සෙ ගෝවා ටික වතුරේ දාලා තෙමාගෙන, කොළ අතරට ලුණු ටික ටික ඉහින්න. මේ විදිහට හදාගෙන පැය 2ක් විතර තියෙන්න දෙන්න. හැම විනාඩි 30කට වරක්ම ගෝවාවල පැත්ත මාරු කරන්න. පැය දෙකකට පස්සෙ සීතල වතුරෙන් කිහිප වතාවක් හොඳට හෝදලා ලුණු ටික ඉවත් කරගෙන ගෝවා කොටස් හතරකට වෙන් කරලා වතුර බේරෙන්න තියන්න.

ඊළඟට භාජනයකට වතුර කෝප්ප 2ක් සහ sweet rice flour මේස හැඳි 2 එකතු කරලා හොඳට කලවම් කරන්න. මේක මද ගින්දරේ විනාඩි 10ක් වගේ රත් කරමින් උකු වෙන්න දෙන්න. බුබුළු මතුවෙනකොට සීනි එකතු කරලා තවත් විනාඩියක් විතර පිසගන්න. ලිපෙන් ඉවත් කරලා සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න. දැන් නිවාගත්ත බත් පිටි මිශ්‍රණය ලොකු භාජනයකට දාන්න. ඒකට හීනියට කපාගත්ත සුදු ළූණු, ඉඟුරු, බී ළූණු, ෆිෂ් සෝස්, ලුණු දැමූ ඉස්සන් සහ මිරිස් කුඩු එකතු කරගන්න. මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරලා රතු පාට සැර පේස්ට් එකක් හදාගන්න. ඊටපස්සෙ තීරු කපාගත්ත රාබු, කැරට්, මිනරි සහ ලූනු කොළ එකතු කරන්න.

Kimchi

දැන් ගෝවා කොටසක් අරන් එක් එක් කොළය අතරට අපි හදාගත්ත රතුපාට පේස්ට් එක අතෙන් තවරන්න. හැම කොළයකටම පේස්ට් එක හොඳට තැවරීම වැදගත්. ඊට පස්සෙ මේ පේස්ට් එක ගෑව ගෝවා කොටස එකට ඔතලා පොඩි පැකට්ටුවක් වගේ හදාගන්න. මේ විදිහට ඉතිරි ගෝවා කොටස් ටිකත් අතෙන් හදාගන්න. මේ ආකාරයට හදාගත්ත කිම්චි පිරිසිදු වීදුරු බෝතලයක තදින් අසුරන්න. ඉහළින් වැඩි ඉඩක් ඉතිරි නොකර, නමුත් පැසවීමේදී වායුව සහ දියර ඉහළට එන්න ඕනෙ තරමෙ ඉඩක් තියන්න. කාමර උෂ්ණත්වයේ දින 1–2ක් විතර තියලා ඊට පස්සෙ ෆ්‍රිජ් එකේ දාන්න. පැහෙන්න ගන්නකොට මේකෙන් බුබුළු මතුවීම සහ ඇඹුල් රසයක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් මේක හදපු දවසෙම රස බලන්න පුළුවන්. නමුත් දවස් කිහිපයක් ගිහින් කිම්චි එක පැහුණම තමයි රස වැඩිවෙන්නෙ.

✍️කසුනි පෙරේරා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද?

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද? රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති...

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය 2027 අයවැය මගින් රාජ්‍ය වියදම් සීමා කරන බවට පුරසාරම් දොඩන අතරතුර, අඛණ්ඩව රටට බරක්...

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි

වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි රටම පිරිසිදු කිරීමේ මහා සංකල්පයක් ලෙස 2025 වසරේදී මහත් ඝෝෂාවක් මැද ආරම්භ කළ...

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ “ඇන්ටික් බඩු” ව්‍යාපාරිකයෙක්ද?

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ "ඇන්ටික් බඩු" ව්‍යාපාරිකයෙක්ද? ශ්‍රී ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකනු...
- Advertisement -spot_img

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ “ඇන්ටික් බඩු” ව්‍යාපාරිකයෙක්ද?

දළදා මාළිගාවේ මහ කරඬුව ගත්තේ "ඇන්ටික් බඩු" ව්‍යාපාරිකයෙක්ද? ශ්‍රී ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ මෙන්ම රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකනු...

ලෙඩේ නිසා ඉස්සර තරම් මත්පැන් බොන්නෙ නෑ

ලෙඩේ නිසා ඉස්සර තරම් මත්පැන් බොන්නෙ නෑ - Daisy Edgar Jones Normal People කතාමාලාව ඔස්සේ ලොව පුරා රසික ආදරය දිනාගත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you