පුංචි අය කන්න ආස ස්නැක් එකක් – රස්ක්ස් (Rusks)
රස්ක් කියන්නෙ පුංචි කාලෙ ඉඳලම ගොඩක් අය කන්න ආස ස්නැක් එකක්. හවසට තේ එකක් එක්ක රස්ක්ස් කන්න ගොඩක් අය කැමතියි. කඩේ වගේම රසට, ක්‍රිස්පි ගතියට ගෙදරදීම රස්ක්ස් හදාගන්නෙ කොහොමද බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 3ක්
සීනි මේස හැඳි 4ක්
යීස්ට් තේ හැඳි 2ක්
මඳ උණුසුම් කිරි කෝප්ප ¾ක්
බටර් මේස හැඳි 3ක්
බිත්තර 1ක්
ලුණු තේ හැඳි ½ක්
වැනිලා තේ හැඳි 1ක්

• සාදාගන්නා ආකාරය
ඉස්සෙල්ලම මඳ උණුසුම් කිරිවලට සීනි ටිකක් සහ යීස්ට් එකතු කරලා විනාඩි 5–10ක් තියෙන්න දෙන්න. ඊළඟට පාන් පිටි, ඉතිරි සීනි ටික සහ ලුණු එකට මිශ්‍ර කර ගන්න. ඒකටම බිත්තරය, බටර්, වැනිලා සහ යීස්ට් මිශ්‍රණයත් එකතු කරන්න. මෘදු සහ ඇදෙන සුළු ඩෝ එකක් ලැබෙන තුරු විනාඩි 8–10ක් විතර හොඳට අනාගන්න. ඊට පස්සෙ ඩෝ එක වහලා පැයක් විතර පිපෙන්න තියන්න. ඩෝ එකේ ප්‍රමාණය දෙගුණයක් වෙනකං පිපෙන්න ඕනෙ.




