Featuresකොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

-

spot_img

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

නකල්ස් වනාන්තරයේ ගල් ගුහාවකදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැවිරිදි දැරිය සහ ඇයගේ බිළිඳා වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දක්වන අසීමිත සංවේදීතාව මේ වන විට මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. මවක ලෙස තමන් එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වූ බව පවසමින් විශේෂ නිවේදන නිකුත් කිරීමටත්, දැරිය බැලීමට යෑමටත් ඇය කඩිනමින් පියවර ගෙන ඇත.

එහෙත්, ඇයගේ මෙම “ක්ෂණික මානුෂීය මැදිහත්වීම” දෙස බලන අපට අසන්නට සරල නමුත් තියුණු ප්‍රශ්නයක් තිබේ. ඒ, මීට මාස කිහිපයකට පෙර රටම හඬවමින් මියගිය කොටහේනේ 15 හැවිරිදි දෙමළ සිසුවියගේ සිදුවීමේදීත්, අටමස්ථානය ආශ්‍රිතව අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ සිදුවීමේදීත් ඇයගේ මේ “මව් සෙනෙහස” කොහේ සැඟවී තිබුණේද යන්නයි.

saroja savithri paulraj

කොටහේනේදී පෙත්සම් ඉල්ලූ නිලධාරිවාදය

2025 අප්‍රේල් මාසයේදී පාසල් ගුරුවරයෙකුගේ අපයෝජනයට සහ ටියුෂන් ගුරුවරයෙකුගේ ප්‍රසිද්ධ අවමානයට ලක්වීම නිසා කොටහේනේ 15 හැවිරිදි දිල්ෂි අම්ෂිකා සිසුවිය සියදිවි නසා ගත්තාය. දරුවා අහිමි වූ ශෝකයෙන් මුළු පවුලම වැලපෙද්දී, පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රශ්න කළ විට අමාත්‍ය පෝල්රාජ් කියුවේ කුමක්ද? “දැරියගේ දෙමාපියන් තමන් වෙත පැමිණ ලිඛිත පැමිණිල්ලක් හෝ පෙත්සමක් භාර දී නැති” බවයි. එපමණක් නොව, “සමාජ මාධ්‍ය හරහා යුක්තිය ඉටු කළ නොහැක” යනුවෙන් ඇය කළ ප්‍රකාශය දැඩි දෝෂදර්ශනයට ලක් විය. එදා චෝදනාවට ලක්වූ ටියුෂන් ගුරුවරයාට පාලක පක්ෂයේ දේශපාලන සම්බන්ධතා ඇති බවට පාර්ලිමේන්තුවේදීම චෝදනා එල්ල විය. දෙමළ සිසුවියකගේ ජීවිතය අහිමි වූ ඒ ඛේදවාචකයේදී, දෙමාපියන් තමන් ළඟට පෙත්සම් ගෙන එන තුරු බලා සිටි අමාත්‍යවරිය, නකල්ස් දැරිය වෙනුවෙන් කිසිදු පෙත්සමක් නොමැතිවම සංවේදී වී තිබේ.

අටමස්ථානයේ බලය ඉදිරියේ ගොළු වූ හැටි

කොටහේන සිදුවීමෙන් මසකට පසු, එනම් 2025 මැයි මාසයේදී අනුරාධපුර අටමස්ථානය ආශ්‍රිතව තවත් 15 හැවිරිදි දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක්වීමේ සිදුවීම කරළියට ආවේය. එහි ප්‍රධාන සැකකරු වූයේ මෙරට බෞද්ධ සංස්ථාවේ ඉහළම සහ බලවත්ම තනතුරක් දරන අටමස්ථානාධිපතිය. සැකකරු අත්අඩංගුවට ගැනීමට දින 28ක් ප්‍රමාද වෙද්දී, විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් තිස් ගණනක් පෙනී සිටිද්දී, වින්දිත දැරියගේ මව පවා බන්ධනාගාරගත වී දැරිය තනි වෙද්දී, අමාත්‍ය පෝල්රාජ්ගේ හඬක් ඇසුණේම නැත. බලවත් ආගමික හා සමාජ බලවේග ඉදිරියේ දේශපාලන අවදානමක් ගැනීමට ඇය මැලි වූ බව එදා පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.

Pallegama Hemarathana

තෝරාගත් සංවේදීතාව

මෙම සිදුවීම් තුනම එකට තබා බලන විට පෙනී යන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ “තෝරාගත් සංවේදීතාව” පිළිබඳ නිරුවතයි. කොටහේනේදී චූදිතයන්ට දේශපාලන රැකවරණ ඇති බවට චෝදනා එල්ල වෙද්දී ඇය නීතියේ සහ ලිඛිත පෙත්සම්වල සීමාවන් පෙන්වා මග හැරියාය. අටමස්ථානයේදී චූදිතයා බලවත් ආගමික නායකයෙකු වූ විට ඇය සම්පූර්ණයෙන්ම නිහඬ වූවාය. නමුත් නකල්ස් සිදුවීමේදී ඇයට ගැටෙන්නට ප්‍රබල දේශපාලන හෝ ආගමික බලවේගයක් නැත. එය හුදෙක් දරිද්‍රතාව සහ හුදෙකලාව මත සිදුවූ ඛේදවාචකයක් පමණි. කිසිදු බලවතෙකු අමනාප කර නොගෙන, “මවකගේ සංවේදීතාව” මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කර ලකුණු දමා ගැනීමට නකල්ස් සිදුවීම ඇයට ඉතාම ආරක්ෂිත වේදිකාවක් වී ඇත.

දරුවන්ගේ අයිතිවාසිකම් රැකීම යනු බලවතුන් ඉදිරියේ නිහඬ වී අසරණයන් ඉදිරියේ කඳුළු සැලීම නොවේ. 15 හැවිරිදි දැරියක් කොටහේනේ වුවත්, අනුරාධපුරයේ වුවත්, නකල්ස් කඳුකරයේ වුවත් ඇය දරුවෙකි. චූදිතයාගේ තරාතිරම, ජාතිය හෝ දේශපාලන හයිය මත අමාත්‍යවරියගේ “මව් සෙනෙහස” තීරණය වන්නේ නම්, එය ළමා ආරක්ෂාව පිළිබඳ බරපතළ ඛේදවාචකයකි. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ පෝල්රාජ් ඔයත් දක්ෂ නිළියක්.

✍️තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක් Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල...

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...
- Advertisement -spot_img

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you