මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ – Henry Cavill
ඔහු කඩවසම්බවේ අපූරුම සංකේතයකි. සුපර්මෑන් ලෙසින් ලොව පුරා ප්රේක්ෂයින්ගේ ආදරය දිනාගත් බ්රිතාන්ය රංගන ශිල්පී හෙන්රි කැවිල් එකිනෙකට වෙනස් චරිත ඔස්සේ සිය රංගන හැකියාව ප්රේක්ෂකයින්ට තහවුරු කළේය. The Count of Monte Cristo (Immortals, Man of Steel Batman v Superman: Dawn of Justice, The Man from U.N.C.L.E., Mission: Impossible – Fallout සහ Enola Holmes වැනි චිත්රපටව රාශියක රඟපෑ ඔහු ක්රියාදාම, ෆැන්ටසි, විද්යා ප්රබන්ධ සහ රහස් පරීක්ෂක කතා පදනම් කරගත් නිර්මාණවලට වැඩිපුර දායකත්වය ලබා දුන්නේය. මේ The Talks සමගින් ඔහු සිදුකළ කතාබහකි.
• මිස්ට කැවිල්, ඔබ අවුරුදු 20 කට අධික කාලයක් රඟපානවා. ඒ කාලය තුළ ඔබ දියුණු කරගත් දේවල් තියෙනවද?
හොඳයි, මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මට වර්ධනය වෙන්න, මම ඉන්න පරිසරයන් ගැන වඩා හොඳ අවබෝධයක් ගන්න වගේම මගේ හීන ඉටු කර ගන්න. මම හිතන්නේ ඒ උත්සාහයෙන් අපි වර්ධනය වෙනවා. ඒ නිසා මම ස්වයං වර්ධනය වෙනුවෙන් ලොකු කාලයක් ගත කරලා තියෙනවා. සෘණාත්මක හැඟීම් දැනෙන එක ලේසියෙන් වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කළොත් ඔබට ධනාත්මක වෙන්න පුළුවන්.

• සෘණාත්මක තත්වයන්ට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?
මම හිතන්නේ ඒක ජීවිතේ එක කාරණාවක් විතරයි. සමහර විට දේවල් හරියට වෙන්නෙ නැහැ. සමහරවිට වෙනවා. මම හිතන්නේ ඔබ යම් දෙයක් ගැන ගැඹුරින් සැලකිලිමත් වෙනකොට සහ ඒක ඔබේ කැමැත්තට පටහැනිව වෙනකොට මානසික බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒත් මම හැම වෙලාවෙම ඉස්සරහට යන්න සහ මගේ උපරිමය කරන්න දක්ෂයි .
• දුෂ්කර කාලවලදී පවුල කොතරම් වැදගත්ද?
මට විශාල පවුලක් ඉන්නවා. අපි හැමෝම ගොඩක් සමීපයි. එකිනෙකා මත කෙලින්ම රඳා නොසිටියත්, උපදෙස් නොගත්තත් ඔවුන් අපි එක්ක බව අපි හැමෝම දන්නවා. ඒක හැමෝටම අනිවාර්ය නැහැ. මොකද හැමෝම එකම විදිහට උස් මහත් වෙන්නෙ නැහැනේ. නමුත් ඒ විදිහට හැදුණට පස්සෙ අනිවාර්යයෙන්ම මම මගේ පවුල මත රඳා පවතිනවා. ඔවුන් එක්ක කාලය ගෙවීමෙන් සතුටු වෙනවා. ඔබ ගැන දන්න පවුලක් ඉන්න එක සතුටක්. ඔබට වැරදි කරන්න පුළුවන්. එහෙම නොකර ඉන්න පුළුවන්. නමුත්, කවුරුත් ඒක ඔබේ චරිතයේ අඩුපාඩුවක් කියලා හිතන්නෑ. එයාලා එක්ක කාලය ගතකරන එක සැනසිල්ලක්.
• ඔබ පහුගිය කාලෙ සෙට් එකේදි අනතුරකට මුහුණ දුන්නා? කලවා වල සිද්ධ වුණ ඒ තුවාලෙට ඔබේ රඟපෑම් අවසන් කරන්න වුණත් පුළුවන්කම තිබුණා?
ඒක හරිම නරකයි. සමහරවිට කකුල කැඩෙන්නත් ඉඩ තිබුණා. ඒකෙන් මගෙ ජීවිතේ, රස්සාව වෙනස් වෙන්න තිබුණා. ඔබ හරි. ඉතින් කනස්සල්ලක් තිබුණා. නමුත් මම දේවල් ගැන ඕනෑවට වඩා කරදර නොවී ඉන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ තුවාලයට ප්රතිකාර ලබා දීම ගැන හිතුවා. වෛද්යවරු කිව්වා දවසකට පැය පහකට වඩා කකුල බිම තියන්න එපා කියලා. හොඳ වුණාට පස්සෙ පැය පහකට වඩා වැඩ කරන්න වුණ නිසා අපි කොහොමහරි පැය පහක ඉලක්කයක් තියා ගන්නවා. හය හෝ හත හෝ ඊට වැඩි කාලයක් වැඩ කරන්න වුණා. ඒක වේදනාකාරියි.

• ඒක භයානකයි. ඔබ එය හරියට නොකරොත් චිත්රපටය අසාර්ථකයි. වැඩියෙන් මහන්සි වුණොත් ඔබට දුක් විඳින්න වෙනවා.
මම හිතුවා, මම තවදුරටත් මටම තුවාල කරගන්නේ නැහැ ඒත් මම මේක කරනවා කියලා. ඒ නිසා ඒ සෞඛ්යය බැලන්ස් කරගෙන වැඩ කරා.
• ඔබේ කීර්තිමත් සුපර්මෑන් චරිතයට අමතරව, ඔබ UNCLE හි The Man සහ Mission: Impossible — Fallout චිත්රපටවලත් රඟපෑවා. දැන් ඔබ අඩුවෙන් ක්රියාශීලී වෙන්න, සමහරවිට බුද්ධිමත් අයෙක් වගේ මේසයක් ළඟ ඉඳගෙන ඉන්න චරිතයක් කරන්න කැමතිද?
ඒක අපූරුයි වගේ! (සිනාසෙයි) ඒ කියන්නේ පැය ගණනින් ගොඩක් අඩුයි. සටන් අඩුයි. මම ඇක්ෂන් ෆිල්ම්ස්වලට කැමතියි, මම සටන් කරන්න කැමතියි. නිවැරදිව කරොත් ඒක කතාව කියන්න සහ මතක හිටින චරිතයක් මවන්න අපූරුම ක්රමයක් කියලා මම හිතනවා. නමුත් මට ඒක කරන්න ඕනෙ විදිහට කරන එක හරි අමාරුයි. එහෙම නොකරන්න, නැතිනං චිත්රපටයකට හෝ චරිතයකට ඒක අවශ්ය නැතිවෙන එකත් අපූරු අත්දැකීමක් වේවි. පැහැදිලිවම.
• තවමත් ඔබ ක්රියාදාමවලට කැමතියි. ඔබට සැමවිටම එවැනි දේවල් සඳහා ආචාර ධර්ම තියෙනවද?
ඔයා මගේ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන් අහන්න ඕනේ! (සිනාසෙයි) නමුත් වෘත්තිකයෙක් විදිහට මම හැම වෙලාවෙන විනයගරුක වෙන්න උත්සාහ කරනවා. ඇත්තටම අපි කවුරුත් පරිපූර්ණ නැහැ. මම හිතන්නේ මම ඒක මගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරයන්ගෙන් ඉගෙන ගත්තා. මට හිතෙන්නෙ මගේ මිතුරන් කිහිප දෙනෙක් ඇවිත් විනය, ඉදිරි දර්ශනය සහ දුෂ්කරතා පිළිබඳ මට විශිෂ්ට පාඩම් කියලා දුන්නා.




