Newsඅලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

-

spot_img

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද 

වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක, පාර්ලිමේන්තු කථානායක ධුරයේ කිසියම් වෙනසක් හෝ පුරප්පාඩුවක් සිදුවුවහොත් එම තනතුර සඳහා තම පාර්ශ්වයේ අයෙකු පත් කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය අභ්‍යන්තර විවාදයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායක ධුරයේ වෙනසක් සිදුවුවහොත් දැනට නියෝජ්‍ය කථානායක ධුරය හොබවන වෛද්‍ය රිස්වි සාලි කථානායක ලෙස පත් කළ යුතු බවට ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ශ්වයෙ ස්ථාවරය වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයේ මතය වී ඇත්තේ, මෙම තනතුර පක්ෂයේම සාමාජිකයකු වෙත හිමිවිය යුතු බවය.

 jagath-wickramaratne-

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව අතර එම යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු නීතිමය ගැටලුවලට තුඩු දෙන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර තිබේ. නීතිපති මතය ලැබීමට සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන් අදාළ විවාදය පැවැත්වීම බෙහෙවින් ප්‍රමාද වනු ඇතැයි දැනගන්නට තිබේ.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ලබන දෙසැම්බර් මාසයේ අයවැය කටයුතු අවසන් වන තෙක් කල් යනු ඇතැයි විශ්වාස කෙරෙන අතර මෙලෙස විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන දිගින් දිගටම කල් දැමීමේ උත්සාහයට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දැඩි විරෝධයක් එල්ල කරමින් සභාව තුළ දැඩි හඬක් නැගීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...
- Advertisement -spot_img

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you