Newsඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

-

spot_img

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක් 

මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ගාස්තු සමාලෝචනය සම්බන්ධ ලේඛනය ප්‍රකාශයට පත්කර ඇතත්, මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණද කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මූලික සමාලෝචනයකින් අනතුරුව එම ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 1.46% ක් දක්වා අඩුකිරීමට හැකියාව තිබෙන බව හඳුනාගත් බව පැවසේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ පවසා සිටියේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමෙ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර ඉල්ලා ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙන බවත් ය.

මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට එළැඹෙන නොවැම්බර් මස 05 වැනිදා තෙක් අවස්ථාව ලැබෙන බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා විද්‍යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...
- Advertisement -spot_img

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි?

ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි? - Childhood vaccination වර්තමානය වනවිට ⁣විවිධ ලෙඩ රෝගාදිය ගැන අප කොතෙකුත් අසා ඇති....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you