Travelපාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම - අංගම්මැඩිල්ල

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම – අංගම්මැඩිල්ල

-

spot_img

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම – අංගම්මැඩිල්ල

පොළොන්නරුව සෑම අතින්ම සංචාරකයන්ට වැදගත් ප්‍රදේශයකි. දෙස් විදෙස් හැමෝටම හිතේ හැටියට සංචාරය කළ හැකි, දැක බලා ගැනීමට හැකි, බොහෝ දෙයින් පොහොසත්, ඓතිහාසික ලෙසින් ද ප්‍රෞඩ ප්‍රදේශයකි. පොළොන්නරුව කියපු විගසම සිහියට නැගෙන්නේ හරිම අපූරු ඉසව්වක් තමයි පරාක්‍රම සමුද්‍රය. පොළොන්නරු යන හැමෝම වගේ නැරඹීමට යන විවේක සුවය විඳීමට යන ස්ථානයකි. පරාක්‍රම සමුද්‍රය මෙන්ම ඒ අවට ප්‍රදේශයද සැබැවින්ම මනස්කාන්තයි. මේ නිසාම සංචාරකයන් මෙහි නිරන්තරයෙන්ම කාලය ගත කරන අයුරු දැක බලා ගැනීමට හැකියි. 

Thulana Gamana

අද අප ඔබට හඳුන්වා දෙන්න යන්නේ පොළොන්නරුව සංචාරය කරන පරාක්‍රම සමුද්‍රයේ පහස විඳීමට කැමති ඔබට සංචාරය කිරීමට හැකි තවත් කදිම තැනක් හඳුන්වාදීමටයි. ඒ අංගම්මැඩිල්ලයි. මෙය ඔබට නුහුරු නමක් විය හැකිය. එහෙත් සොබා දහමට දැඩිව ඇලුම් කරන සංචාරයට හුරු වූ පිරිසට මෙය නුහුරු නොවනු ඇත.

Thulana Gamana

අංගම්මැඩිල්ල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව හා හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත මින්නේරිය හා වස්ගමුව ජාතික වන උද්‍යානවලට මායිම්ව හෙක්ටයාර් හත්දාස් පන්සීයක පමණ භූමි ප්‍රමාණයක විසිරී පවතින වන උද්‍යානයකි. අංගම් මැඩිල්ල මෙරට ජාතික වන උද්‍යාන අතරට පැමිණි විසි වැනි ජාතික වන උද්‍යානයයි. 2006 වසරේදී ජාතික වන උද්‍යානයක් ලෙස නම් කළ අංගම්මැඩිල්ල පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම්මානයක් ලෙස සැලකේ.

Thulana Gamana

මහා පරාක්‍රමබාහු රජු විසින් අඹන් ගඟේ සුවිශේෂී ස්ථානයක ඉදිකළ අමුණ අංගම් මැඩිල්ල ආශ්‍රිතව පිහිටා තිබීම මෙහි වැදගත්කම තවත් වැඩිවීමට හේතු වෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් තෝපා වැව, දුඹුතුළු වැව, එරමුදු වැව එක්කරමින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ආ පැරැණි ගංගාව යෝධ ඇළ ආරම්භ වූයේ අංගම්මැඩිල්ල අමුණෙනි. එසේම අංගම්මැඩිල්ල මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වන උද්‍යානවලට සමාන පාරිසරික ලක්ෂණවලින් හෙබි ජාතික වන උද්‍යානයක් ලෙස සඳහන් කළ හැකිය. වර්ෂයේ අප්‍රේල් සැප්තැම්බර් අතර කාලය වියළි දේශගුණයෙන් යුක්තය. මෙහි වෘක්ෂලතා අතර ගල් සියඹලා, වීර, පළු, කුළුමැදිරිය බුරුත, දිවුල් දැක ගත හැකිය.

Thulana Gamana

අංගම්මැඩිල්ල වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ කුරුල්ලන් නැරඹීම සඳහාය. මෙහි කුරුලු විශේෂ එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඒ අතරින් වලි කුකුළා, හබන් කුකුළා, රාජාලියා, මොණරා, අලු කෑදැත්තා, දියකාවා, සුදු කොකා වැනි පක්ෂීන් දැකගත හැකිය. මෙහිදී දැකගත හැකි සතුන් අතරින් වල් අලින් ප්‍රධාන කොට සැලකේ. එසේම ගෝනා, වල් ඌරා, වැලිමුවා, දිවියා, වලහා ආදී සතුන්ද නැරඹීමට හැකිය.

Thulana Gamana

මෙම වන උද්‍යාන ගැන බොහෝ දෙනා තවමත් දැනුවත් නොවීම නිසා ඉතාම සුළු සංචාරක පිරිසක් පමණක් දැකගැනීමට පුළුවනි. අංගම් මැඩිල්ල සතුන්, පක්ෂීන් වෘක්ෂලතා නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය ගත කළ හැකි ස්ථානයක් ලෙසත් ප්‍රසිද්ධියක් උසුලයි. අංගම් මැඩිල්ල කුඩා අතු ඔය දෙකකින් එක්වූ ජලය විශාල ලෙස ගලා බසින ස්ථානයක් මෙහි ප්‍රධාන වෙයි. රූස්ස කුඹුක් ගස්වලින් වැසී තිබෙන ඉතාම සෞමය වූ ස්ථානයකි. මෙහි දිය නෑමට විනෝදයෙන් කාලය ගත කිරීමට කදිම වූ ස්ථානයක් බැවින් සංචාරකයන් මෙහි පැමිණ දියනාමින් විනෝද වන අයුරු දැක ගත හැකිය.

Thulana Gamana

වල් අලින්ගේ ශබ්දය ඉතා හොඳින් මෙම ස්ථානයට ඇසෙන අතර ඇතැම් අවස්ථාවලදී වල් අලින් දෑස මානයට පැමිණෙන බවද ප්‍රදේශවාසීහු පවසති. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වේල්ල ඔස්සේ මෙන්ම ගිරිතලයේ බකමූණ පාර ඔස්සේ ද අංගම්මැඩිල්ලට පැමිණීමට හැකිය. රටට සම්පතක් වූ අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානය තවමත් නොකිළිටි වූ සම්පතකි. ඒ නිසා මෙහි සුවය විඳීමට සහ ඔබට එය ආරක්ෂා කිරීමටද වගකීමක් ඇත.

Shan Bandu Weerasinghe
සටහන සහ ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60 කොළඹ වරායේ රේගු භාරයේ සිරවී ඇති වියළි මිරිස් බහාලුම් (කන්ටේනර්) තොගය සහ 2027 අයවැය...

කම්කරු නීති මළගම් යැවූ “මව්බිම” අර්බුදය

කම්කරු නීති මළගම් යැවූ "මව්බිම" අර්බුදය රටේ දූෂණ, වංචා සහ අසාධාරණයන් ගැන පෑන මෙහෙයවමින් ජනතාවගේ හඬ බවට පත්වූ මාධ්‍යවේදීන්ට, අද...

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි නකල්ස් වනාන්තරයේ ගල් ගුහාවකදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැවිරිදි දැරිය...

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...
- Advertisement -spot_img

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි නකල්ස් වනාන්තරයේ ගල් ගුහාවකදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැවිරිදි දැරිය...

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you