Businessශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

-

spot_img

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ ගෝලීය ආයෝජක හමුවක් පසුගිය මස ඔක්තෝබර් 10 වනදා ජපානයේ ටෝකියෝ නුවර ග්‍රෑන්ඩ් හයට් ටෝකියෝ හෝටලයේදී පැවැත්විණි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණ විය. 

Japanese-investment

මෙම අවස්ථාව සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනත් කුමාර සිංහ සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ. මෙහිදී, හෝම්ලෑන්ඩ්ස් ආයතනයේ ජාත්‍යන්තර ආයෝජන වැඩසටහන යටතේ, කොළඹ වරාය නගරය ආශ්‍රිත සුඛෝපභෝගී ජීවන රටාවක් ඉලක්ක කරගත් Central Park Boulevard ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු සිදු කෙරිණි. විශේෂයෙන්ම, විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිමේ දේපළ වෙළෙඳපළ තුළ ආයෝජනය කිරීමට ඇති අවස්ථා හඳුන්වාදීමත්, එම ආයෝජන හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමට දායක වීමත් මෙම වැඩසටහනේ වැදගත් අරමුණු අතරට එක් වේ.

Japanese-investmentඑමෙන්ම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන දිරිගැන්වීම, රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩිදියුණු කිරීම ද මෙවැනි වැඩසටහන් ඔස්සේ අපේක්ෂා කෙරේ. මෙම උත්සවයට සහභාගි වූ ආයෝජකයන් වෙනුවෙන් විශේෂ වට්ටම් ද හඳුන්වා දී තිබූ අතර, ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට ද අවස්ථාව සැලසිණි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන මව්බිම වෙත ආකර්ෂණය කරගැනීම සඳහා මෙවැනි හමුවීම් වැදගත් වේ.

තරිඳු දිල්හාන්
ජපානයේ ටෝකියෝ නුවර සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you