117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්
ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක් ලැබී ඇතැයි එම මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ පවසයි. එමෙන්ම 117 ක්ෂණික දුරකථන අංකයට රාත්රි කාලයේ බීමත් පුද්ගලයන් අසභ්ය ආකාරයෙන් ඇමතුම් ලබාදෙන බවට එම මධ්යස්ථානය පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය එම ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.
ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයට ආපදා සම්බන්ධ දුරකථන ඇමතුම් 458ක් ආපදා, කාලගුණ තොරතුරු ආදිය සම්බන්ධව විමසා ඇමතුම් 123,585ක් ලැබී තිබෙන බව පැවසු සහකාර අධ්යක්ෂවරයා, මේ වසරේදී වැඩිම ඇමතුම් සංඛ්යාවක් ලැබී ඇත්තේ ඉකුත් අප්රේල් මාසයේදී බවත් ලැබී ඇති ඇමතුම් සංඛ්යාව 18,530 ක් බවත් පැවසීය.117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්රියාත්මක අතර දුරකථන 25ක් ඊට සම්බන්ධ බවද සහකාර අධ්යක්ෂවරයා පවසයි.



