විදුලිය නැතිවුණු ප්රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ
රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්රශ්නයක් හේතුවෙන් බව විදුලිබල අමාත්යවරයා පැවසුවද එය මුසාවක් බවත්, විදුලි විසන්ධියට හේතුව නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජිව පවසයි.
ඉහල කොත්මලේ බලාගාරයේ ඇත්තේ ටර්බයින දෙකක් බවත් ඉන් එකක ධාරිතාවය මෙගා වොට් 75 ක් වන අතර අමාත්යවරයා සඳහන් කරන ආකාරයට ඉන් එකක් අක්රීය වීමෙන් ජාතික පද්ධතියම බිඳ වැටෙන්නේ කෙසේදැයි ඔහු ප්රශ්න කර සිටියේය. සැබෑවටම සිදුව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටීම බවත් ඊට හේතුව බාල අඟුරු බවත් පැවසු ධම්මික සංජිව සැබෑ ප්රශ්නය යට නොගසා ජනතාවට සත්යය පවසන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.




