Newsබදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

-

spot_img

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2207 ක ඉලක්කය පසුගිය 13 වැනිදා වන විට සම්පූර්ණ කිරීමට හැකියාව ලැබි ඇති බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා පවසයි. මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ පිළිබඳව දැක්වූ සවිස්තරාත්මක පැහැදිළි කිරීම පහත දක්වා තිබේ.

“ඔක්තෝබර් 13 වන විට අපි ලැබූ සමස්ථ බදු ආදායම රුපියල් බිලියන 2208 ක්. අපි හිතුවා මෝටර් රථ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහල යයි කියලා. ඒත්, 2026 පළවෙනි මාස 06 ඇතුළත වාහන අනයනයේ පහළ යෑමක් සිදුවුණේ නෑ. 2026 ජූලි ඉඳලා වාහන ආනයන ආදායම පහල ගියා. ඒක ප්‍රධාන හේතුවක් වුණා ආදායම් ඉලක්කය වේලාසනින්ම ළඟා කරගන්න. හේතුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරය රුපියල් 310 සිට 330 පමණ වනතෙක් ඉහළ ගිහින් තියෙනවා. මේ ධන බලපෑම් හේතුවෙන් අපිට මේ ආදායම් ඉලක්කය කලින්ම ගන්න පුළුවන් වුණා.”

Chandana Punchi Hewa
ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා

“මැද පෙරදිග යුධ වාතාවරණය නිසා භාණ්ඩ මිල යම් ඉහළ යෑමක් සිදුවෙලා තියෙනවා. නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඉහළ ගියා. මේවාට අමතරව අපි හිතනවා රේගුව තුළ සිදුවෙමින් පවතින විවිධ නවීකරණ ක්‍රියාමාර්ග බලපානවා ආදායම් එක්රැස් කිරීම වේගවත්ව කාර්යක්ෂමව සිදුවීමට. ආදායම් කළමනාකරණයේ අවධානම කළමනාකරණය, ක්‍රමවේද විධිමත් කිරීම, රේගුවේ නීතිය බලාත්මක කිරීමේ අංශ විසින් වෙනදාටා වඩා වේගවත්ව සහ දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම වගේ දේවල්”

“පහුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා මිලියන ගානක් වටිනා ඩොලර් රටින් පිටකරලා තියෙනව කියලා. ආනයන කටයුතුවලට කියල කීවත් ආනයන කටයුතු වලින් තොරව කරපු අවස්ථා තිබෙනවා කියලා හොයා ගත්තා. ශ්‍රී ලංකා රේගුව අදාල අංශ වෙත ඒවා වාර්තා කළා. ශ්‍රී ලංකා රේගුවත් යම් යම් ආනයනකරුවන් ඉලක්ක කරගෙන විශේෂ විමර්ශනයක් පටන් ගත්ත. සමහර අපි දැක්කා ආනයනකරුවන් තමන් ආනයනය කරන භාණ්ඩවල වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කරනවා කියල. එතකොට ගෙවන බදු ආදායම අඩුවෙනවා. ඒ අය ඒකට පාවිච්චි කරනවා වෙනත් කෙනෙක්ගේ නමක්. බැංකු ක්‍රමය හරහා අපි මේ අවස්ථා අනාවරණය කර ගත්තු අයට අති විශාල දඩ නියම කළා. කෝටි තිහක දඩත් අපි අය කරගෙන තියෙනවා.”

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...
- Advertisement -spot_img

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you