සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද
නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික ජනතාවටද ඉතා වැදගත්කම් බොහොමයකි. නැගෙනහිර පළාත බොහෝ දෙනාගේ අවධානය යොමුවන ස්ථාන අතර ආරුගම්බේ හා පාසිකුඩා ප්‍රමුඛයි. විශේෂයෙන්ම විනෝද චාරිකා හා පවුලේ නිවාඩුව ගත කිරීමට තෝරාගන්නා ස්ථාන අතර නැගෙනහිර පළාත් ඉහත සඳහන් කළ ස්ථාන වෙත කාගෙත් අවධානය යොමුවෙයි.

එසේම විදේශීය සංචාරකයන්ද වැඩි වශයෙන් එකී ප්‍රදේශවලට පැමිණෙති. පාසිකුඩා මුහුදු තීරයත් ආරුගම්බේ මුහුදු තීරයත් ලොව ප්‍රචලිත රළ මත ලිස්සා යෑම ක්‍රීඩාව (surfing) සඳහා ප්‍රසිද්ධ වෙයි. ජාත්‍යන්තර surfing තරග සඳහා ද මෙකී ස්ථාන ප්‍රචලිතය. මෙම සුන්දර මුහුදු තීරයන් මෙන්ම තවත් බොහෝ වැදගත් ප්‍රසිද්ධ හා බොහෝ දෙනා නොදකින වැදගත් ස්ථාන රාශියක් නැගෙනහිර පළාතේදී හමුවෙනවා. නැගෙනහිර පළාත් කුමන ජාතික උද්‍යානය, කුඩුම්බිගල, පානම දීඝවාපිය, මුහුදු මහා විහාරය ඇතුළු ප්‍රසිද්ධ බොහෝ ස්ථාන පවතිනවා. මේ අතර තරමක නුහුරු හෝ නොදන්නා ඉතා වැදගත් ස්ථානද ඇති බව සඳහන් කළ යුතුයි.
ඒ අතරින් පාසිකුඩා සිට වාකරේ යන අතරතුර හමුවන කායන්කාලී පාලම, පනිච්චන්කර්ති කලපුව, සල්ලනිම් මුහුදු වෙරළ, වාකරේ මුහුදු තීරය එසේම ආරුගම්බේ පානම මුහුදු තීරය, පානම වැලි කඳු වගේම පානම කිඹුලන් ගහන වූ වැව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. දිවයිනේ දිගම ලෙස හමුවන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව මෙන්ම පළල ලෙස සැලකෙන කොළඹ හා නැගෙනහිරින් සංගමන් කන්දයි.

මෙවන් බොහෝ ස්ථාන දැකබලා ගැනීමට නැගෙනහිර යන ඔබට හැකියි. ඔබ පාසිකුඩා සංචාරය කිරීමේදී වාකරේ ප්‍රදේශය දැක බලා ගැනීම ඉතා වැදගත් වේවි. වඩාත් වැදගත් වන්නේ නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය ඇති රමණීය මුහුදු තීරණයක් පැවතීමයි. ඒ අතරින් සල්ලනිච් හා වාකරේ මුහුදු තීරය අති සුන්දර මුහුදු තීරයක් ලෙස හඳුන්වාදීමට පුළුවන.
පාසිකුඩා මුහුදු තීරය ද මනස්කාන්ත මුහුදු තීරයකි. සංචාරක ආකර්ෂණය ලද මෙරට විදේශිකයන් පැමිණීමට මෙම මුහුදු තීරය ඉතා වැදගත් වී තිබෙනවා. කොරල්පර තීරයක් සහිත ස්වභාවධර්මයේ අපූරු දායාදයක් ලෙස පාසිකුඩා මුහුදු තීරය හැඳින්විය හැක. ආරුගම්බේ සංචාරය කරන ඔබ පානම යා යුතුම ස්ථානයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. නැගෙනහිර පළාතේ වැඩිම සිංහල ජනතාව ජීවත් වන ගම පානම යි.
පානම මුහුදු තීරය වර්තමානයේ ඉතාම ජනප්‍රියව තිබෙන අයුරු දැක ගත හැකියි . රමණීය මුහුදු තීරයකි. දිය නෑමට ආරක්ෂිත කලාපයක් සහිතයි. පානම යන ඔබට කුමන කුඩුම්බිගල (කුඩා කැබලිත්ත) දැකබලා ගැනීමට හැකියි. මෙම සංචාරක ප්‍රදේශ මෙන්ම සුවිශේෂිත වූ ස්ථාන බොහොමයකි. ඉහත සඳහන් කළ සංගමන්කන්ද මෙය ආරුගම්බේ සිට කිලෝමීටර් දහඅටක් පමණ සංචාරය කළ පසුව හමු වෙනවා. උතුරෙහි නාන්ඩියම් මුහුදු වෙරළ හා කෝමාරි කලපුව එහිදී හමුවෙයි. මෙම ස්ථාන ද ඉතා ආකර්ශනීයයි.




