Travelආදිවාසීන් අයිති විජය කුවේනිටද බලංගොඩ මානවයටද?

ආදිවාසීන් අයිති විජය කුවේනිටද බලංගොඩ මානවයටද?

-

spot_img

ආදිවාසීන් අයිති විජය කුවේනිටද බලංගොඩ මානවයටද? – දඹානේ වරිග මහ ගෙදර

මේ පාසල් නිවාඩු කාලය නිසා අප උත්සාහ ගන්නේ පවුලේ සැමට සතුට, විනෝදය ලබාගත හැකි, දරුවන්ට අධ්‍යාපනික අතින්ද වැදගත් ස්ථාන හඳුන්වා දීමටයි. මෙවර අපි, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමදව ලබන දඹානට යන්න හිතුවා. 

Thulana Travel to Dambana

වෙනස්ම පරිසරයක, වෙනස්ම ජන කොටසක්. එනම් ආදිවාසී වැදි ජනතාව ජීවත්වන මෙහි ඇත්තේ බාහිර සමාජය හා සම්බන්ධතාවලින් තොරව ඔවුන්ටම ආවේනික සංස්කෘතියක ජීවන රටාවක්. දඹාන සංචාරයේදී වැදි නායක තිසාහාමිගේ බාල පුත් පොඩ්ඩා අපේ ගමනට විශාල සහයෝගයක් ලබා දුන්නා.

Thulana Travel to Dambana

විශේෂයෙන් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සජීවීව දැක ගැනීමට ඔහු දැක්වූ සහාය ඉමහත් ප්‍රශංසනීයයි. දඹාන සංචාරය සඳහා නුවර – මහියංගන මාර්ගයේ ඉදිරියට යන විට දිගන පසු කරන විට හමුවන්නේ වික්ටෝරියා ජලාශයයි. ඉන්පසු අප පසු කරන හුන්නස්ගිරිය, උඩුදුම්බර ඉතා සොඳුරු අත්දැකීමක්. බොහෝ සංචාරකයන් මෙම ප්‍රදේශවල තම රථ නවත්වා අවට සිරි නරඹන අයුරු දැක ගැනීමට පුළුවන්.

ඉන්පසු අප පිවිසෙන්නේ සුවිශේෂී ප්‍රදේශයකටයි. ඒ දහ අටවංගුව කලාපයයි. අතීතයේදී අති දුෂ්කර ගමනක් වුවත් වර්තමානයේ මාර්ගය සංවර්ධනය කර ඇති නිසා ඉතා පහසුවෙන් ආරක්ෂිතව ගමන් කළ හැකිය .

Thulana Travel to Dambana

අනතුරුව පිවිසෙන්නේ ඓතිහාසික වටිනාකමත් සහිත හසලක ප්‍රදේශයටයි. හසලක සීතා කොටුව සංචාරකයන්ගේ අවධානයට යොමු වූ තවත් ස්ථානයක්. අප මෙයට පෙර ලිපියකින් ඒ පිළිබඳ හඳුන්වා දුන්නා. මෙවන් වැදගත් හා සොබා දහමේ විචිත්‍රත්වය දැක බලා ගනිමින් ඔබ නුවර සිට කිලෝමීටර් එකසිය දොළහක් පමණ පසු කරමින් පිවිසෙන්නේ දඹානටයි. දඹානට ප්‍රධාන මාර්ගයෙන් පිවිසෙත්ම වරිග මහගෙදර නාම පුවරුවක් දැක ගැනීමට හැකියි. ඒ දඹාන වැදි ගම්මානයෙහි ප්‍රධාන සළකුණයි. එතැන් සිට කිලෝමීටරයකින් පසු දඹානට පිවිසිය හැකියි.

Thulana Travel to Dambana

ආදිවාසීන් ගැන මත කීපයක් තිබෙනවා. එක් මතයක් වන්නේ විජය – කුවේනි පුරාවෘත්තයේ දිසාලා හා ජීවහත්තගෙන් ආදිවාසී ප්‍රජාව පැවැත ගෙන එන බවයි. තවත් මතයක් වන්නේ ශ්‍රී ලංකා ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා (බලන්ගොඩ මානවයා) හා ආදි ජනතාව අතර සම්බන්ධයක් පවතින බවයි .

ආදිවාසීන් දඹාන මෙන්ම දළුකාන, හෙනානිගල, රතුගල, පොල්ලෙබැද්ද වාකරේ යන ගම්වලද ජීවත් වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ වියළි කලාපීය නිවර්තන වනාන්තර මූලාශ්‍ර කරගෙන ඔවුන් වාසය කළ බවට තමයි සාක්ෂි පවතින්නේ. මොවුන් දඩයම් කරමින් තම ජීවිත ගෙන ගියත් වර්තමානයේ කෘෂිකර්මාන්තයේද නියැළී සිටිනවා. එසේම වැදි ජනතාව එදා කොළ අතු ඇන්දත් වර්තමානයේ ඇඳුම් විලාසිතාවලට පවා යොමු වී තිබෙන අයුරු දැකගත හැකියි.

Thulana Travel to Dambana

අප සංචාරයේදී දැක ගැනීමට හැකිවූයේ නවීන පන්නයේ ඇඳුම් පමණක් නොව වෙළඳපොලේ නවීන විලාසිතා පවා ආදිවාසී තරුණ තරුණියන් අතර ජනප්‍රිය වී තිබෙන බවයි. මේ පිළිබඳ අප පොඩ්ඩාගෙන් විමසා සිටියේය.

“අපේ තරුණ පිරිස් නගරයට යන්න පුරුදු වෙලා. සමහරු රැකියාවලට ගිහින්. තරුණියන් පිටරට පවා ගිහින් තියෙනවා. දැන් තරුණ අය ගොඩක් වෙනස් වෙලා”

Thulana Travel to Dambana

පොඩ්ඩා එසේ පවසයි. ආදිවාසීන් නව තාක්ෂණ උපකරණවලට පවා හුරු වී තිබෙනවා. ඔවුන් ජංගම දුරකතනය හඳුන්වන්නේ ‘කතා දමන යමකය’ ලෙසයි . එදා එසේ හැදින්වුවත් අද තරුණ පරපුර වර්තමානයට අනුව කතා විලාසයත් වෙනස් කරගෙන තිබෙන බවද නොකියමනාය.

Thulana Travel to Dambana

දඹානට පිවිසෙන මාර්ගයේ ආදිවාසි වෙළෙන්දන්ද සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතියට ආවේණික ආභරණ, ආයුධ (විශේෂයෙන්ම දුනු, ඊතල) මෙවැනි දේ එහිදී මිලදී ගැනීමට හැකියි. ආදිවාසීන් විසින් පරිහරණය කළ උපකරණ, මෙවලම් ඇතුළු සංස්කෘතික අංග ඇතුළත් කෞතුකාගාරයක්ද එහි පිහිටුවා තිබෙනවා. දඹාන වර්තමාන නායකයා වන්නේ හිටපු නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ පුත් තිසාහාමිය. ඔහුගේ බිරිඳ පසුගිය කොරෝනා වසංගත කාලයේදී මිය ගොස් තිබෙනවා. තිසාහාමිට දරුවන් දෙදෙනෙකු සිටිනවා. කෙසේ වෙතත් මේ වන විට නව තාක්ෂණය හා වර්තමාන සමාජ රටාවට අලුත් පරපුර ඇතුළු වෙමින් සිටින නිසා තිසාහාමිටද තම වරිගය පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Thulana Travel to Dambana
සටහන හා ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you