Featuresබය බිරාන්ත වීම

බය බිරාන්ත වීම

-

spot_img

බය බිරාන්ත වීම

බයවීම හෝ නොවීම පිළිබඳව කතාබහේදී මතකයට නැඟෙන කියමන් කිහිපයක් තිබේ. ඉන්, “යකෙක්ටවත් බය නෑ” සහ “යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෑ” යන්න එඩිතර බව හඟවන ප්‍රකාශයන් ය. එමෙන්ම බියෙන් කම්පනයට හා තිගැස්මට පත්වීම සඳහා යෙදෙන යෙදුම් අතර “කකුල් පණ නැතිවීම”, පපුව ගැහීම”, “මල මුත්‍ර පිටවීම” වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. ඉහත ප්‍රකශ සහ යෙදුම් සලකා බැලීමේදී මතුවන ප්‍රධාන කාරණය වනුයේ බිය හෝ අභීත බව සමාජය විසින් තක්සේරු කරනු ලබන දෙයක් බවය. බිය සමාජය විසින් සමච්චලයට ලක් කරන අතර, අභීත භාවය නොහොත් “බය නැතිකම” සමාජයේ ගෞරවයට, පිළිගැනීමට හෝ පැසසුමට හේතුවක් බව පෙනේ. 

terribly afraid

බොහෝ කලකට පෙරාතුව යමෙකුට තවත් පුද්ගලයකු කෙරේ බියක් (ගෞරවයක් හෝ පිළිගැනීමක් ලෙස සිතමු) ඇතිවීමට හේතුවූයේ ඔහුගේ හෝ ඇයගේ යහපත් දිවි පැවැත්මයි. එකී පුද්ගලයා සමාජයට හෝ එහි යහ පැවැත්මට බාධාවක් නොවී, සාමකාමී, නිරවුල් දිවි පෙවෙතක් ගතකරන්නකු වුයේ නම්, නිරායාසයෙන් සමාජය ඔහුට ගරු, බුහුමන් මුසු බියක් දැක්වූහ. එහෙත් ක්‍රමයෙන් පරිහානියට පත්වී, වඳ බැස, කණාටු වූ සමාජය, තමන් කෙරෙහි බිය උපද්දවා ගැනීම සඳහා ප්‍රධානතම අවිය කරගෙන ඇත්තේ බලය යි. මෙම බලයද විධිමත් සහ අවිධිමත් ලෙස කොටස් දෙකකට බෙදේ. ජනප්‍රිය බස් වහරෙන් සඳහන් කරන්නේ නම් “චණ්ඩි සහ ලයිසන් චණ්ඩි” ය. එහි බයෙන් බිරාන්තම අවස්ථාව වන්නේ මේ විධිමත් සහ අවිධිමත් ක්‍රම දෙක එකට එක්වී ගොඬනඟන බලයයි. එනම්, චණ්ඩින්ගේ සහ ලයිසන් චණ්ඩින්ගේ හවුලයි.

Bakusuwatha

“වඩාත් බියසුලු සුනඛයෝ ඉතා තදින් බුරති” යනුවෙන් කියමනක් තිබේ. තම අභීත භාවය ගැන පමණ ඉක්මවා පුරාජේරු සහ කයිවාරු ගසනුයේ ඉහත කියමනට සමපාත පුද්ගලයන් බවට වත්මන් සමාජ වපසරිය පුරාම එමට උදාහරණ තිබේ. යකුන් කිසිදාක දැක නැතත්, ප්‍රේත, භූත, අමනුස්ස දෝෂ, හදි, හූනියම් කෙරෙහි බියෙන් පසුවන අප, බලි, තොවිල්, යන්තර, මන්තර, නූල් සූත්තර වලින් ඒවාට ආරක්ෂාව සොයති. ජීවත්ව සිටින මිනිස්සුන්ට වඩා මියගිය මිනිසුන් කෙරෙහි බියෙන් පසුවන අප, සොහොන් බිම්වල ගෙවල් හැදීම කෙසේ වෙතත්, බිම් කළුවර වැටුණු පසු සොහොන් කොතක් පසුකර යන්නේද නැත. තොරතුරු තාක්ෂණය අතැඹුලක් වී තිබුණත්, විද්‍යාවට, යථාවට වඩා අප බියක් දක්වන්නේ මිත්‍යාවට සහ මායාවටයි. බිය ගැන සරලම විග්‍රහය වන්නේ එය පෙනෙනෙ හෝ පෙන්වන දෙය නොව ඇතුලතින් තිගැස්සීමට සහ කම්පනයට පත්වීම යන්නයි.

Bakusuwatha

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් මොහොතේ ඔහුට මාංචු ලෑම සහ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සහයෝගය දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඇති සෙව්වන්දි නැමැත්තිය උසාවි රැගෙන ඒමේදී මාංචු නොදැමීම සම්බන්ධව කතිකාවතක් පවතී. ආණ්ඩු හිතවාදී පිරිසක් මෙය “දන්නෙ නැද්ද ගෑණු අයට මාංචු දාන්නෙ නැති බව” යන ඉතා සිල්ලර කොනකින් ඔසවාගෙන සිටිනු පෙණිනි. ලාබාල ගැහැණු දරුවකුට අමානුෂික ලෙස පහර දී මහමඟ දමා ගියේ යැයි චෝදනා ලද මවක සහ පියකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුයේ මේ මොහොතේදී ය. එහි මවට මාංචු ලා රැගෙන යන අයුරු අපුරුවට දිස්වූ අතර ඊටද “මේ පොලිසියේ අර බන්ධනාගාරේ” යන මෙලෝ හසරක් නොදන්නා “කැලෑ නීති තර්ක” දමා තිබිණි. වරදකරුවෙකුට හෝ සැකකරුවෙකුට මාංචු දමන්නේ ඇයි? කියා සරලව සොයා බැලිය යුතුය. බොහෝ අය සිතන්නේ එසේ කරනුයේ ඔහු හෝ ඇය පැන යා හැකි නිසා බවය. එය ඉතා කුඩා අවශේෂ කාරණයකි. ප්‍රධාන කාරණය පොලිස් අත්අඩංගුවේ සිටියදී යම් පුද්ගලයකු සිය ජිවිතයට හානියක් කරගතහොත් එහි වගකීම පොලීසිය සතු නිසා මාංචු යනු අදාළ සැකකරුවා හෝ වරදකරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කරනු ලබන දෙයකි. කෙටියෙන්ම එය බියකි. රනිල්ට මාංචු දමා සෙව්වන්දියට නොදැමීම සේම ගැහැණියක වුවද දරුවාට පහර දීමට අනුබල දුන්නේ යැයි කියන මවට මාංචු ලෑම බය සහ බිරාන්ත වීම ගැන අන්ත තුනක කතාවකි.

Bakusuwatha

එක්තරා සජීව සංගීත ප්‍රසංග වේදිකාවකදී ජනප්‍රිය ගායිකාවකගේ උඩුකය ඇඳුම ලිහිල්වී ලැම නිරාවරණය වීමේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යය උණුසුම් කර තිබිණි. එය නැරඹු ඇත්තෝ ගායිකාවගේ ලැමෙහි වර්ගඵලයත්, ගීතයේ සහ සංගීතයේ සදාචාර සිමාවනුත් කිරනු, මනිනු දක්නට ලැබිණි. අනෙක් පසින් ගායිකාව ෆේස්බුක් සටහනකින් නිදහසට කරුණු දක්වා, නිරාවරණය වුයේ ලැම නොවන බවත් පැළඳි “ටේප්” පටයක් බවත් “වීව්ස්” වලට පහත් වැඩ නොකරන ලෙසත්, “අසහන ඇන්ටිලාගේ ලස්සන දුවරු” ගැන පරෙස්සම් වන ලෙසත් ඉල්ලා තිබිණි. මේ, එන්රික්ලාගේ සජීව ප්‍රසංග වලට අපේ ගැහැණු තනපට ගලවා විසිකළ රටකි. එසේ විසිකළ අයට මඬු වලිගෙන් තැලිය යුතු බව කී ජනාධිපතිවරු සිටි රටකි. අප, හෙලුව ගැන මහා ලොකුවට වැනුවාට හෙළුවට “පට්ට” බය රටකි. බයෙන් බිරාන්ත වීම බලයට, සේම ජනප්‍රියත්වයටද පොදු වන්නේ එසේ ය.

terribly afraid

යම් කණ්ඩායමකට රටක බලය ලබාගැනීම වෙනුවෙන් වුවද “බය” පාවිච්ව් කළ හැකිය. ඒ සඳහා මෑතකාලීන වසර කිහිපයක අත්දැකීම් සළකා බැලීම වටී. මෙරට ජනයා රාජපක්ෂලාට බියෙන් මෛත්‍රීපාලත්, ISIS ත්‍රස්තවාදයට බියෙන් ගෝඨාභයත් ගෙනාවේ එහෙමය. “යහපාලනයක්” සහ “එක රටක් – එක නීතීයක්” යන සිහින බලා සිටියදීම බොඳවු පසු ‘”ලස්සන රටක්” හදන්නට වේදිකා ගැලවෙන්නට “කයිය” ගසාගෙන ආවේ මාලිමා ආණ්ඩුවයි. දේශපාලකයා බලය ලබාගැනීම වෙනුවෙන් ”බොරු කීම” අපට ‘මැජික්” මෙන් වුවාට ලෝකයට නම් අරුමයක් නොවේ. එහෙත් අරුමය උරුමයක් වුයේ “අල්ලේ පැලවෙන සහ ගල් පැලෙන බොරු” වගකීමෙන් කියූ එකම පක්ෂය වූ ජාතික ජන බලවේගයට යි. එය කෙතරම් වගකීමෙන් කළේද යත්, අද ඔවුන් කියූ බොරු ඔවුන්ටවත් මතක නැත. ජන්දය දුන් ඇත්තෝ මෙන්ම නොදුන් ඇත්තෝද අද, ඒ දක්ෂතාවය කෙරෙහි බය බිරාන්තව ඇත්තේ එහෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...
- Advertisement -spot_img

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික මවුකිරි දීමේ සතියක් පසුගිය පළමුවැනි දා සිට නම් කර තිබිණි....

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you