Newsඑල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

-

spot_img

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය ගැඹුරු මුහුද දෙසට ඇදී යෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසීය. මාළු මිල ගණන් ඉහළ යෑමට මෙය ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා සාගරික වෙනස්කම් හමුවේ අස්වැන්න නෙළා ගැනීමේ ගැටලුද මතුව ඇති බව පෙන්වා දෙයි. මෙම ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපතිවරයා ඇතුළු පර්යේෂකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Rathna Gamage
ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

එහිදී පාරිසරික මානව හා ආර්ථික ශක්‍යතා පිළිබඳ සොයා බලා මාස තුනක් ඇතුළත විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස එම පර්යේෂකයන්ට උපදෙස් දුන් බවත් එම වාර්තාව පදනම්ව මේ ගැටලුවලට ස්ථිර විසඳුම් කඩිනමින් ලබාදෙන බවත් රත්න ගමගේ සඳහන් කළේය. මේ අවස්ථාවේදී ධීවරයන් මුහුණ දී ඇති අසීරුතා සලකා බලා සහනයක් ලෙස කෙටි කාලීන දීමනාවක් වශයෙන් සුළු පන්න ධීවරයන්ට මාසයකට රුපියල් 31, 250 බැගින් රුපියල් 93750ක සහනාධාරයක්ද, බහු දින ධීවරයන්ට එකවර රුපියල් ලක්ෂයක සහනාධාරයක් ද ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම මේ වන විට සුදුසුකම් ලැබූ ධීවරයන් අසුවකට වැඩි දෙනෙකුට සහනාධාර මුදල් ලබා දී අවසන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you