Newsපාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

-

spot_img

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

සරුංගල් යැවීම දරුවන් අතර ජනප්‍රිය වුවද, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම හේතුවෙන් බරපතළ තුවාල මෙන්ම දරුවන්ට ජීවිත අවදානම් පවා ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් උස් ස්ථානවල සිට සරුංගල් යැවීමේදී ඇදවැටීම් සිදුවීමත්, කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී ගැටීම් හා වැටීම් හේතුවෙන්ද අනතුරු සිදුවිය හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි.

Dr. Pradeep Rathnasekara
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර

එමෙන්ම අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීම ඉතා අවදානම් බවත්, සරුංගල් නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය විය හැකි බවත් පෙන්වාදෙන වෛද්‍යවරයා, එවැනි විදුලි සැර වැදීම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි හානි සිදුවිය හැකි අතර, ඇතැම් අවස්ථාවල හානි වූ ශරීරාංග ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට පවා සිදුවන බව අවධාරණය කරයි. එබැවින් විදුලි රැහැන් පවතින ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට මවුපියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you