Travelතෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

-

spot_img

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට – Thulana Travel

අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ ඒ විචිත්‍රත්වය විඳගන්නයි. විදේශිකයන් මෙන්ම දේශීය සංචාරකයන්ද දැකගැනීමට, විඳගැනීමට බොහොම ප්‍රිය කරන ප්‍රදේශ ඒ අතරින් ඉහළ තැනක තිබේ. රිවස්ටන්, මාතලේ දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 12066 කින් පිහිටා තිබෙන අතර ජෛව විවිධත්වයෙන් පිරුණු සොඳුරු ඉසව්වකි. සංචාරය කරන සංචාරකයන් තම සංචාරය නිමා කරන්නේ තෙල්ගමුව ඔය අසලිනි. දිය නාමින් විනෝද වී තම ගමන් වෙහෙස නිවාගෙන සංචාරය අවසන් කරයි. එහෙත් ඔබට රිවස්ටන් සංචාරයේදී අත්විඳිය හැකි නැවුම් අත්දැකීමක් අද අප Thulana travel තුළින් හඳුන්වා දෙනවා. ඔබ සංචාරය නිමා කරන තෙල්ගමු ඔය සිට තවත් කිලෝමීටර් දෙකක් ගමන් කිරීමෙන් පසු මේ අපූරු අත්දැකීම විඳගත හැකියි. රිවස්ටන් ගොස් තෙල්ගමු ඔය අසලින් සංචාරය නිමා නොකොට එතැන් සිට තවත් කිලෝමීටර් දෙකක් පමණ ගමන් කිරීමේදී හමුවන කදිම සංචාරක අත්දැකීමකි මේ. මේ පිටවල පතන සංචාරයයි. 

Thulana Travel to Pitawalathenna

විදේශිකයන් මෙම සංචාරය හරිම අපූරුවට විඳගනියි. සංචාරක හෝටල්වලින් ඒ සඳහා සංචාර සූදානම් කර දෙයි. එහෙත් දේශීය සංචාරකයන් අතර මෙය එතරම් ජනප්‍රිය නැතත් ඔබත් මේ සංචාරයේ අත්දැකීම් විඳගන්න. සැබැවින්ම හරිම කදිම ගමනකි මේ. පිටවලපතන සංචාරය කිරීමට නම් යායුත්තේ පා ගමනින්මය. වාහන කිසිත් යා නොහැක. නගරයෙන් දුරස්ව තමන්ටම ආවේණික ජීවන රටාවක් ගෙනයන ගැමියෝ පිරිසක් මෙහි ජීවත් වෙති. මෙම ගමෙහි විශේෂත්වය වන්නේ එහි පිහිටීමේ තිබෙන අපූර්වත්වයයි.

Thulana Travel to Pitawalathenna

කඳු වැටි ගණනාවකින් වට වූ පුංචි දූපතක් වැනි චමත්කාර දසුනක් පිටවලපතන ග්‍රාමයෙහි දිස්වෙයි. මෙහි සංචාරය කිරීමට ඇති මාර්ගය ඉතාම දුෂ්කරය. මාර්ගය වැටී ඇත්තේ ඇළ, දොළ, ගල් පර්වත අතුරිනි. එපමණක් නොව කූඩැල්ලන්ගෙන් අඩුවක් නැති ගමනකි. විදේශිකයන් ළඟ කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක සපත්තු ආවරණ තිබෙන නමුත් මේ ගමේ ජීවත්වන ගැමියන්ට නම් ඒ කිසිවක් නැත. කූඩැල්ලන් ඔවුන්ට කරදරයක් හෝ හිරිහැරයක් නොවේ.

Thulana Travel to Pitawalathenna

මෙම ගමට යන මාර්ගය දෙපස ඇත්තේ දුම්කොළ වගාවන් හා කුඹුරුය. හරිම අපූරු පරිසරයක් මැදින් කිලෝමීටර් හතරක් පහක් ගමන් කළ යුතුය. එහෙත් හරිම ආශ්වාදනීයය. පරිසරයේ සිසිලස බැලූ බැලූ අත දිස්වන ස්වභාදහමේ අසිරිය කුරුල්ලන්ගේ නාද අපමණය. ගමට යන අතරතුර දර කඩාගෙන එන ගැමි කාන්තාවන් වගා බිම්වල වැඩ කරන ගොවියන් හමුවේ. ඔවුන් ගමට පැමිණෙන හැම දෙනාම පිළිගන්නේ අව්‍යාජ සිනහවකිනි. කෙතරම් දුෂ්කර ජීවිතයක් ගත කළත් ඔවුන්ගේ මුවග නිරන්තරයෙන්ම සිනහව උතුරයි.

Thulana Travel to PitawalathennaThulana Travel to Pitawalathenna

පිටවලපතන ගමෙහි ජීවත්වන ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මඩ ගොවිතැන හා ගොඩ ගොවිතැනයි. මෙයට අමතරව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ද වේ. නගරයට යෑමට බොහෝ දුරක් තිබේ. සංචාරක හෝටල්වලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මේ බව භෝග අලෙවි කර ඔවුහු මුදලක් සොයා ගනිති. පුංචි දරුවන්ගේ උඩුවත වසා ගැනීමට ඇඳුමක් පැළඳුමක් ලබාදීමට තරම්වත් ආර්ථික හයියක් නොතිබුණත් ගමට පැමිණෙන ආගන්තුකයන්ට අව්‍යාජ සිනහවෙන් මෙන්ම හැකි ආකාරයෙන් ඔවුහු සංග්‍රහ කරති. කහට උගුරක් හෝ ලබාදීම ඔවුන්ගේ සිරිතයි.

Thulana Travel to PitawalathennaThulana Travel to Pitawalathenna

 

පිටවලපතනෙහි දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා පාසල් යන්න සිදුවී ඇත්තේ කිලෝමීටර් කීපයක්ම පා පාගමනිනි. නගරයට ජීවිතයටම නොගිය ගැමියෝ ඕනෑ තරම් එහි වෙසෙති. පිටවලපතන ග්‍රාමය මේ සියලු අඩුපාඩුකම්වලින් පිරී ඉතිරී ගියද සොබා දහමේ අපූරු නිර්මාණයකි. ඒ සොඳුරු බව නිසාම දෙස් විදෙස් සංචාරකයන් අතර වර්තමානයේදී බොහෝ ජනප්‍රියව ඇත.

Thulana Travel to Pitawalathenna

මේ කදිම ග්‍රාමය පුරා ඇවිදිමින් සිරි නරඹා නැවත ආපසු පැමිණෙද්දී ඔබට හමුවන්නේ තෙල්ගමුව ඔයයි. මෙම ස්ථානය ගැමියන් මෙන්ම සංචාරකයන්ගේද විඩාව නිවීමට ඇති එකම තැනයි. මෙහි දිය නා විනෝද වී කාලය ගත කිරීමට සුරක්ෂිත බවක් ඇත. ඉන්පසු ඔබට රිවස්ටන් – වස්ගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියාව තිබේ. පිටවලපතන සංචාරය නිමවන්නේ එතැනිනි.

Thulana Travel to Pitawalathenna

අපේ රටේ මෙවැනි සොදුරු තැන් බොහොමයකි. අප නිරන්තර සංචාරය කරන්නේ ජනප්‍රිය ස්ථානවලට පමණි. එහෙත් අපට සැඟවුණු අපේ රටේ අපූර්වත්වයද විඳගත යුතුය. අනාගත පරපුරටද දැක බලා ගැනීමට ඒවා සුරක්ෂිත කළ යුතුය. මෙම සංචාරවලදී කිසිවිටකත් ඒ සුන්දරත්වය කිළිටි නොකිරීමට වග බලා ගත යුත්තේ එබැවිනි.

thulana-travel
සටහන සහ ඡායාරූප ශාන් බන්දු වීරසිංහ

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you