Artසමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා

-

spot_img

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා – The Last House

ගෙදර තරම් සැනසිල්ලක් වෙන කොතැනකවත් නැතිබව පැවසෙනවා. ගෙදර තියෙන සැනසීම එතනටම අනන්‍ය විදිහේ එකක්. අසීරු දවසක් ඉවර කරලා අපි හැමෝම ගෙදර දුවගෙන එන්නෙ ආදරණීයයන්ව, හොයාගෙන. ගෙදර ඒ තරම්ම නිදහස්. ආරක්ෂිතයි. සුවපහසුයි. පහුගිය කොවිඩ් සමයේදී අපි කවුරුත් ගෙදරටම වෙලා ජීවත්වුණා. ඒ කොහොම වුණත් ගෙදර මොන තරම් සුවපහසු වුණත්, සුරක්ෂිත වුනත් දාහක් ඕනෑ එපාකම් වැඩ රාජකාරි තියෙන මිනිස්සු විදිහට වැඩි කාලයක් එළියට නොගිහින් ගෙදරටම වෙලා ඉන්න බැරිබව කවුරුත් දන්නව. කවදාවත් ගෙදරින් එළියට යන්න බැරි විදිහට ඔබ ඒ තුළ සිරවුණොත්? 

The Last House

ජේසන් සහ ඈන් ඔවුන්ගෙ කුඩා දරුවො දෙන්නත් එක්ක බොහොම සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකරා. හැමදේම වෙනස් වුණේ කුණාටු සහිත වැසි දිනයක. වැස්ස ඇරඹීමත් එක්ක නිවසේ දොර ජනෙල් කිසිවක් විවෘත කරන්න බැරි බව ඔවුන්ට වැටහෙනව. මොනතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඊට පස්සෙයි ඔවුන් දැනගන්නෙ මුළු නගරෙටම මේ දේ සිද්ධ වෙලා වග. මෙහෙම වුණේ ඇයි කියලා හේතුවක් නොදැන වුණත් හැමෝම මේක තාවකාලික සිද්ධියක් බව හිතුවා. මොනව වුණත් ඔවුන් හිටියෙ තමන්ගෙ නිවසේ.

The Last House

මාසයකට දෙකකට සෑහෙන්න කෑම බීමත් තිබුණා. නමුත් දිනෙන් දින, වසරින් වසර ගතවුණත් ඔවුන්ට එළියට යෑමට දොර විවර වුණේ නැහැ. මිනිස්සු කුසගින්නෙන් පිපාසයෙන් මියයමින් තිබියදී නිවසට කොටුවෙලා ජීවත්වෙන්න, කෑම ටිකක් වතුර ටිකක් හොයාගන්න ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. මානසික පීඩනය, දුක, කේන්තිය, අසරණකම දවසින් දවස වැඩි වෙමින් තිබුණා. එළිමහනට යන්න නොහැකිව, එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරන්න නොහැකි වුණාම මිනිස්සු පුදුමාකාර නොසන්සුන් බවටත් අසරණ බවටත් පත් වෙනවා. ඔවුන්ට දැණුනෙ තමන් ටැංකිවල දාලා ඉන්න මාළු වගේ හිරවෙලා කියලා. මිනිස්සු හිරකාරයො වුණාම ටිකෙන් ටික හොඳ නරක අමතක වෙන්න ගන්නවා. අනෙකාට හානිකරලා හරි තම පැවැත්ම තහවුරු කර ගැනීම මූලික අරමුණ වෙන්නෙ නිරායාසයෙන්මයි.

The Last House

පෘථිවියේ හිමිකරුවන් ඔවුන් පමණක්ම වග මිනිස්සු සිතාගෙන ඉන්නවා. පෘථිවිය කියන්නෙ එහි හුස්ම ගන්නා ලොකු කුඩා සෑම ජීවියෙකුගේම නිවහන බව ඔවුන්ට අමතකයි. දරුණු විනාශ හමුවේ පවා ඔවුන් තව තවත් තමා වෙසෙන ලෝකයට හානි පමුණුවනවා. අපගේත්, මතු පරපුරේත් ජීවිත රැකගත හැක්කේ සතා සීපාවන්ට ගහකොළට ආදරය කිරීමෙන් බව මිනිස්සු කෙදිනකම හෝ වටහා ගනු ඇතිද?

The Last House

සමහරවිට එකතැනක හිරවෙලා ඉඳගෙන අපි ලෝකය දිහා බලන්නෙ කවදාවත් පා තබන්න බැරි තැනක් විදිහට. නිවස කියන හිරකූඩුවෙන් එළියට ඒමක් ගැන හිතාගැනීම අසීරු වෙන්නෙ තමන්ගෙ ආදරණීයයන් ගැන සැළකිලිමත් වෙන නිසා. සමහරවෙලාවට ආදරේ මිනිස්සුන්ව බයගුල්ලො කරනවා. අයිතිය, හිමිකාරීත්වය නිසා ඇතිවන බිය, සැකය, වේදනාව මිනිස්සුන්ව තව තවත් හිරකාරයො කරනවා. ඒ බිය, සැකය, අවිනිශ්චිතබව මදකට හෝ සිතෙන් අයින් කෙරුවොත් කූඩුවෙන් එළියට එන මග විවර වේවි.

The Last House

මේ වසරේ අගෝස්තු මස තිරගත වූ The Last House චිත්‍රපටය විද්‍යාප්‍රබන්ධ, ත්‍රාසජනක වර්ගයේ කතාවක්. අධ්‍යක්ෂණය Louis Leterrier විසින්. Greta Lee, Wagner Moura ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු එකසිය දොලහක් පුරා දිවෙන මෙම කතාව අපූරු සිනමා අත්දැකීමක්.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you