Travelනිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

-

spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් – සීතාවක උද්භිද උද්‍යානය

මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය යි. පසුව 1861 දී හක්ගල, 1876 දී හෙනරත්ගොඩ, 2013 දී වියළි කලාපීය උද්භිද උද්‍යානයක් වශයෙන් මිරිජ්ජවිල උද්භිද උද්‍යාන නිර්මාණ කෙරේ. සීතාවක උද්භිද උද්‍යානය අවිස්සාවේල්ලේ දී විවෘත වන්නේ 2014දීය. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති මෙම උද්භිත උද්‍යානය ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකිය හැකිය. මෙම උද්‍යානය ස්ථාපනය කිරීමේ මූලික අරමුණ හා පරමාර්ථය වී ඇත්තේ අභියෝගයට ලක්වී ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමේ (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමය. 

Seethawaka Botanical Garden

 

සීතාවක උද්භිද උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 106ක්. උද්‍යානයට පිවිසෙන ඔබට වෙනත් උද්‍යානයක නොලද අත්දැකීමක් විඳ ගැනීමට හැකිවෙනවා නොඅනුමානය. උද්‍යානයට පිවිසුමේ සිට උද්‍යානය කොටස් කිීපයකට වෙන්කර ඇත. පිවිසුමෙන් පසු කුඹුක් කොටස, පුෂ්ප උයන, මීමන උයන, ඖෂධ උයන, රෝස උයන, තාල ශාක, පැළ තවාන ඉන් කීපයකි. ඉතාමත් ක්‍රමානුකූලව සිත් ඇදගන්නා ලෙස උද්‍යානය නිර්මාණය කර තිබෙන අතර කඳු ගැටයක් මත නැරඹුම් ස්ථානයක් ද නිර්මාණය කර තිබේ. එහි සිට උද්‍යානයේ විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගැනීමට හැකි ය.

Seethawaka Botanical GardenSeethawaka Botanical Garden

සීතාවක උද්භිත උද්‍යානය සංචාරය කරන ඔබට උද්‍යාන සංකල්පය මැනවින් විඳ ගැනීමට හැකියාව ලැබේ. පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් හංස බෝට්ටු සවාරියක් යාමටද හැකි ය. මෙම උද්‍යානය තවත් බොහෝ සේවා සඳහා වෙන්කර ගැනීමට හැකිය. විවාහ මංගල උත්සව සඳහා ඡායාරූප – වීඩියෝගත කිරීම, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, චිත්‍රපට ගීත පසුතල දර්ශන ඒ අතර වේ. එපමණක් නොව උද්‍යානය පර්යේෂණ සංචාරක මධ්‍යස්ථානයක් ලෙසත් අධ්‍යාපනික ලෙස පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පරිසරවේදීන් විසින් කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සඳහාත් යොදාගන්නා ස්ථානයක් ද වේ. මෙහි අධ්‍යාපන ප්‍රදර්ශන අංශයක් ද ඒ සඳහා පවතී.

Seethawaka Botanical GardenSeethawaka Botanical Garden

සීතාවක උද්භිද උද්‍යානය සැබැවින්ම ආකර්ශනීය වූත් සිත්ගන්නා වූත් සුන්දර භූමියකි. මෙහි ප්‍රාදේශීය ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ද වනු ඇත. එසේම දිගුකාලීන වැඩි ප්‍රසිද්ධියක් නොමැති ඌන උපයෝජිත ශාක කර්මාන්තය වර්ධනය සඳහාත් තෙත් කලාපය තුළ උද්භිද විද්‍යා හා මල් වගාව පිළිබඳ අධ්‍යාපන හා පුහුණුව ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ලෙසත් එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාසල් නිවාඩුවට සති අන්ත නිවාඩුවට පවුලේ හැමෝටම අපූරු අත්දැකීමක් විඳ ගැනීමට සීතාවක උද්භිද උද්‍යානය කදිමය. අවිස්සාවේල්ල නගරයට පෙර හමුවන තුම්මෝදර හන්දියෙන් හැරී කිලෝමීටර් 06 ක් ගිය පසු මෙම ස්ථානය හමු වේ. අවිස්සාවේල්ල නගරයේ සිට කිලෝමීටර් 10 ක් දුරින් මෙය පිහිටා ඇත.

Shan Bandu Weerasinghe
සටහන/ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

හදවත් රෝගවලට ඖෂධයක්

හදවත් රෝගවලට ඖෂධයක් - නෙළුම් අල කරිය නෙළුම් අල කියන්නෙ රස වගේම පෝෂණ ගුණයෙන් ඉහළ කෑමක්. විටමින් C, B, තන්තු,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you