Interviewsමට ඕනෙ නම් අධ්‍යක්ෂවරයගෙ දෘෂ්ටිකෝණය විනාශ කරන්න පුළුවන්

මට ඕනෙ නම් අධ්‍යක්ෂවරයගෙ දෘෂ්ටිකෝණය විනාශ කරන්න පුළුවන්

-

spot_img

මට ඕනෙ නම් අධ්‍යක්ෂවරයගෙ දෘෂ්ටිකෝණය විනාශ කරන්න පුළුවන් – Juliette Binoche

ඇය ප්‍රංශ සිනමාවෙන් ජාත්‍යන්තර සිනමාව කරා පියමං කෙරූ ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියන් අතරින් කෙනෙකි. චිත්‍රපට හැටකට අධික ප්‍රමාණයක රඟපෑ ජුලියට් බිනෝචේ ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා චිත්‍රපට ඔස්සේ සිය සුවිශේෂී රංගන හැකියාව ප්‍රදර්ශනය කර තිබේ. කලා පසුබිමක් සහිත පවුලක හැදී වැඩුණු බිනෝචේගේ පියා අධ්‍යක්ෂවරයකු, නළුවකු සහ මූර්ති ශිල්පියකු වූ අතර මව ගුරුවරියක් අධ්‍යක්ෂවරියක් සහ නිළියක් වූවාය.

සාම්ප්‍රදායික ජනප්‍රිය සිනමාවට පමණක් සීමා නොවී, සංකීර්ණ චරිත තෝරාගත් ඇගේ විශේෂත්වය නම් විශාල වාණිජ නිෂ්පාදන මෙන්ම අර්ථවත් කලාත්මක චිත්‍රපට අතරද සාර්ථකව ගමන් කිරීමයි. සිනමාවෙන් පමණක් නොව, වේදිකා නාට්‍ය, නර්තනය, සංගීතය සහ චිත්‍ර කලාව වැනි ක්ෂේත්‍රවලටද ඇය සම්බන්ධ වී ඇත. දශක හතරකට අධික කාලයක් පුරා වෙනස් වන සිනමා ලෝකය තුළ තම කලාත්මක ස්වාධීනත්වය රැකගත් ජුලියට් බිනෝචේ, යුරෝපීය සහ ජාත්‍යන්තර සිනමාවේ සුවිශේෂීම සලකුණකි.

Juliette Binoche

• මිස් බිනෝචේ, පසුගිය අවුරුදු 20 ඇතුලෙ ඔබේ ජීවිතයේ වැඩිපුරම වෙනස් වෙලා තියෙන්නෙ මොනවද?

වෙනස් වුණේ මොනවද? මට දුවෙක් ඉන්නවා. (සිනාසෙයි) මම තව ටිකක් සිහි කල්පනාවෙන් ඉන්න තිබුණනං කියලා හිතනව. ඒ වගේම තවත් දැනුම තිබුණනං කියලා. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න අමාරුයි. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ. මම හිතන විදිහ වෙනස් කළ පොත් කිහිපයක් තියෙනවා. ඔයා දන්නවාද? සබඳතා වලදි මම ලොකු ප්‍රගතියක් ලබා ගෙන තියෙන බව. මට අවුරුදු 15 ක සම්බන්ධතාවයක් තිබුණා. අපි ඒක නැවැත්තුවා, ආයෙ පටන් ගත්තා. ආයෙ නැවැත්තුවා, ආයෙම එකතු වුණා. කොහොමහරි වෙන්වීමේ සහ නැවත එකතු වීමේ කාලය නිසා, ඒක අඩු හිමිකාරිත්වයක් ඇති කර ගැනීමට සහ වෙනස් ආකාරයකින් ආදරය කරන හැටි කියලා දෙනවා. ඉතින් සමහර විට ඒ මත මම සුළු ප්‍රගතියක් ලබා ගත්තා. ජීවිතය ගෙවිලා ගියා. මම දේවල් ඉගෙන ගත්තා. අපි වෙනස් වෙනව. නමුත් මම හිතන්නේ අපි ඇතුළතින් කවදත් එක වගේ.

• මූලික වශයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නැද්ද?

අපේ තේරීම් සහ කරන දේවල් අපි කවුද කියලා තීරණය කරනවා. මගේ ජීවිතයට වැදගත් වූ දේවල් වලට මම ඔව් කියලා තියෙනවා. නමුත් පළපුරුදු කාන්තාවක් විදිහට ඔබට කියන්න ගොඩක් කතා තියෙනවා. ඔබට ගවේෂණය කරන්න පුලුවන් විවිධ පැති ඔබ තුළම තිබෙනවා. ඔබේ වටිනාකම් වෙනස් වන නිසා වයසත් එක්ක එන නිදහසක් තියෙනවා. ඉස්සර වගේ සමහර දේවල් අල්ලගන්න බැහැ. ඒක එක්තරා ආකාරයක නිදහසක්. ඔබට ඔබම වෙන්න පුළුවන්. එක පැත්තකින් ඔබ වඩාත් බිඳෙන සුළු අයෙක් වෙමින් සහ අනෙක් අතට ශක්තිමත් වෙමින්.

Juliette Binoche

• වඩාත් බිඳෙන සුළු බව කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද ?

හොඳයි, භෞතිකව ඔයා වෙනස් වෙන නිසා ඒක ඔයාව වඩාත් බිඳෙන සුළු කරනවා. සරලයි. අනිත් දේ තමයි සමහර දේවල් අතහැරලා දාලා වෙනත් දේවලට මුහුණ දෙන්න ඕනෙ. යම් යම් දේවල් ජය ගන්න ඕනෙ. බලයේ අවශ්‍යතාවය, හිමිකමේ අවශ්‍යතාවය, විනෝදයේ අවශ්‍යතාවය. මේ දේවල් ඇත්තටම මිනිස්සුන්ට ජීවිතේ යම් අවස්ථාවක මුහුණ දෙන්න සිද්ධවෙන වැදගත්ම දේවල් තුනක්. මේවා අභියෝගාත්මකයි. හරිම අභියෝගාත්මකයි, නමුත් මම හිතන්නේ ඔයා ඇත්තටම ඒක ජය ගන්න තීරණයක් ගත්තම ඒකත් එක්ක නිදහසක් එනවා, වෙලාවකට ඒක විනෝදජනකයි. ඒක පිළිගත්තම, ඒක හරියට “වාව්! ආහ්! නිදහස! අන්තිමට!” වගේ හැඟීමක්. නමුත් ඔයාට අල්ලගෙන ඉන්න දෙයක් නැහැ. (සිනාසෙයි)

• ඔබ රඟපානකොට ගොඩක් නිදහස ඕනෙද?

මෑතකදී මම කරපු චිත්‍රපටියක, මම දොරේ බොත්තම මත අත තියපු පළමු අවස්ථාව මට මතකයි. මම අලුත් දෙයක් උත්සාහ කරමින් හිටියා. මම මොකක්ද කරන්න යන්නේ කියලා මට තේරුණේ නැහැ. මට ටිකක් ගවේෂණය කරන්න ඕන වුණා. විවිධ දේවල් ට්‍රයි කරන්න. මම බොත්තමට අත තිබ්බම අධ්‍යක්ෂවරයා කිව්වා, “නෑ, ඔයා බොත්තමට අත තියන්නේ නැහැ,” කියලා. මම පුදුම වුණා මොකද අබ්බාස් කියරොස්තාමි වගේ අධ්‍යක්ෂවරයෙක් පවා මට එහෙම කියන්නේ නැහැ. ඉතින් මම ඔහුට කිව්වා, “මම නොදන්නා, මම ගවේෂණය කරන බොහෝ දේවල් සහ ප්‍රාතිහාර්යයන් ඔයාට නැති වේවි. ඒ නිසා කරුණාකරලා මේක කරන්න දෙන්න. මම ඔයාගෙන් ඉල්ලන්නෙ මට අවස්ථා තුනක් දෙන්න කියලා. පළමු තුනේදී මුකුත් කියන්න එපා. ඊට පස්සේ අපිට 20, 40, 60 වතාවක් වුනත් ට්‍රයි කරන්න පුළුවන්.” අපි කළේ ඒකයි. ඒ නිසා අපි හොඳට ගණුදෙනු කරා. නමුත් එය අධ්‍යක්ෂවරයාගේ පළමු චිත්‍රපටය නිසා ඔහු ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ.

Juliette Binoche

• සමහර අධ්‍යක්ෂවරුන්ට ඒ පාලනයෙන් මිදෙන්න අමාරුයි කියලා මම හිතනවා. ඔයා එයාලට දෙන දේ මත එයාලට යැපෙන්න වෙනවා.

නමුත් ඒක කණ්ඩායම් හැඟීම. ඒක සහ නිර්මාණයක්. චිත්‍රපටයක් කියන්නේ අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටිකෝණය විතරයි කියලා හිතන එක මට අනුව වැරදියි. අවසානයේ ඔහු තීරණ ගත යුතුයි. නමුත් නිර්මාණයේදී සහ නිර්මාණය කිරීමේදී එය අනිවාර්යයෙන්ම නිර්මාණයක්. මට ඕනෙ නම් අධ්‍යක්ෂවරයෙකුගේ දෘෂ්ටිකෝණය විනාශ කරන්න වුණත් පුළුවන්. මොකද මම‍යි නිළිය. කොහොමද රඟපාන්නෙ කියන දේ ම මගේ තේරීමක්.

• ඒක තර්ජනයක් වගේ.…?

ඒ නිසා තමයි ඔයා බුද්ධිමත් වෙන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ. එයා මාව විශ්වාස කරන්න ඕනේ. මම එයාව විශ්වාස කරන්න ඕනේ. “මට පාලනයක් තියෙනවා. අවසාන වචනය තියෙනවා” කියලා වැඩ කරනවාට වඩා විශ්වාසයකින් වැඩ කරන එක රසවත්. නළුවෙකුට රංගනයේ යෙදෙන මොහොතේ ඇත්තටම ඔහුගේ බලය භාවිතා කරන්න පුළුවන්. අධ්‍යක්ෂවරයාට සංස්කරණයේ යෙදෙන මොහොතේ ඔහුගේ බලය පාවිච්චි කරන්න පුළුවන්. සමහර විශාල ඇමරිකානු තරු වගේ. අපි ඔවුන් නම් නොකර ඉමු. නමුත් ඔවුන්ට චිත්‍රපටයේ පාලනය තියනවා.

Juliette Binoche

• අධ්‍යක්ෂවරයාට වඩා පාලනයක් තිබෙන නළු නිළියන්?

ඔව්, එම්මානුවෙල් බියර්ට්, ටොම් කෲස් සමඟ වැඩ කරන්න ලැබුණු එක ගැන මට කිව්වා. මිෂන් ඉම්පොසිබල් අවසානයේ ඇගේ චරිතයට අනුකම්පාවක් ඇති කර ගන්න ඇයට ඕනෙ වුණා. ටොම් අධ්‍යක්ෂවරයා ළඟට ගිහින් “ඇයට මේ වගේ රඟපාන්න බැහැ!”කිව්වා. ඔහු ඒක පාලනය කරා. ඔහු තම චරිතය වඩා හොඳ පෙනුමක් දෙන්න වග බලා ගනිමින් සිටියා. ඇය වැඩකට නැති එකියක් වගේ පෙණුනා. (සිනාසෙයි)

• ඔබ මීට කලින් අබ්බාස් කියාරොස්තාමි ගැන සඳහන් කළා. ඔබ ඔබේ වෘත්තීය ජීවිතය තුළ ගොඩාර්ඩ්, ක්‍රොනන්බර්ග්, කීස්ලොව්ස්කි, මිංගෙලා සහ හනේක් වැනි තවත් බොහෝ කීර්තිමත් අධ්‍යක්ෂකවරු සමඟ වැඩ කරලා තියෙනවා. වඩාත්ම පාලනය කරන්නේ මොන අධ්‍යක්ෂවරයාද?

හනේක්. නමුත් ඔහු නළු නිළියන්ට ගොඩක් ගරු කරනවා. ඒක කොතරම් දුෂ්කරද කියලා ඔහු දන්නවා. නමුත් ඔහු දේවල් ගැන ඉතා නිරවද්‍ය වෙන්න කැමතියි. ඒක හොඳයි. මම අදහස් කළේ, ඔහු වැඩිදියුණු කරන හෝ වෙනත් දේවලට විරුද්ධ නැහැ. නමුත් නළුවෙකු ලෙස ඔබව අත්හැරීමට මේ පුද්ගලයා පාලනය කරන බව දන්නකොට ඒක හරි අමාරුයි. ඔහු කෝපයෙන් සිටියත් ඒක හරි, ඔයා දන්නවද? (සිනාසෙයි) නමුත් ඔයා ඔයාටම ඒ බව තහවුරු කර ගන්න ඕනේ. මොකද නැත්නම් ඔයා ඕනෑවට වඩා හොඳ වෙන්න උත්සාහ කරනවා. රංගනයේදී, ඔයා අධ්‍යක්ෂවරයා ඕනෑවට වඩා සතුටු කරන්න උත්සාහ කරනවා නම්, පරිපූර්ණ වීමට නම් ඔයාට ඔයාටම අවංක වෙන්න බැහැ. එය ඔයාගෙ ජීවිතේ නිදහසේ ගත කිරීම හෝ හැම තිස්සෙම පාලනය කිරීම වගේ. මේ දෙක වෙනස්.

Juliette Binoche

• ඔබට ඔබේ ජීවිතය නිදහසේ ගත කරන්න පුළුවන් වෙලා තියෙනවද?

මම හැම වෙලාවෙම මට කරන්න ඕනෙ දේවල් නිදහසේ තෝරා ගත්ත බව මට හිතෙනවා. ඔව්. මුලදී, අඩුයි, ඇත්ත වශයෙන්ම මට ජීවත් වෙන්න ඕනෙ වුණ නිසා. නමුත් ජීවිතය ඉතා ප්‍රයෝජනවත් වුණ බව ඔයා දන්නවද? ඒ වගේම දේවල් නියම වෙලාවට සිදුවන බව විශ්වාස කරන්නත් ඕනෙ. සමහර විට “හරි, ලබන අවුරුද්දේ මොනව වෙනවද කියලා මම දන්නෙ නැහැ.” කියලා හිතෙන එක නොසන්සුන්කාරී දෙයක්. විශේෂයෙන් දරුවො ඉන්නකොට, ගෙවන්න බිල් තියෙනකොට එහෙම නොහිතා ඉන්නෙ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. ජීවිතය පුදුමයන් අරන් එනවා. පුදුමයන් වගේම ඔයාටම අභියෝග කරලා විසඳුම් සොයා ගන්න පොලඹවනවා. ඉතින් ඔයා ඒක විශ්වාස කරනවනම් ජීවිතය ගැන දැක්ම වෙනස් වෙනවා. එක්තරා විදිහකට එතකොට තනිකමක් දැනෙන්නේ නැහැ.

The Talks ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you