මම මිනිස්සුන්ට වඩා දෙවියන්ට බයයි – Denzel Washington
දශක හතරකට අධික සිය රංගන ජීවිතය තුළ, විවිධාකාර චරිත ඔස්සේ මිනිස් ස්වභාවයේ ගැඹුරු පැතිකඩ ප්‍රේක්ෂකයා හමුවේ දිග හැරීමට ඔහු සමත් වී තිබේ. හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පීන් අතර Denzel Washington ගේ නාමය ඉහළින්ම තිබෙනුයේ එනිසාය. ඇකඩමි සම්මානය ඇතුළුව තම දිගුකාලීන රංගන ජීවිතය තුළ ඔහු පිදුම් ලැබූ සම්මාන ගණන අතිමහත් ය. ඔහු ජීවමාන පුරාවෘත්තයකි. හොලිවුඩ් තිරයේ ජනප්‍රිය නළුවෙකු පමණක් නොව, ලොව පුරා කලාකරුවන්ට සහ සිනමා ලෝලීන්ට ආදර්ශයක් වූ ඔහු හොලිවුඩය තුළ ගෞරවය, දක්ෂතාවය සහ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ජීවමාන සාක්ෂියකි.
මිස්ට වොෂින්ටන්, ඔබ දුෂ්ට චරිත රඟපාන්න කැමතිද?
නළුවෙක් විදිහට මම ඉගෙනගත්ත දෙයක් තමයි ඔබ කිසි විටෙකත් නරක පුද්ගලයෙක් විදිහට රඟපාන්නෙ නැහැ කියන දේ. නළුවෙක් විදිහට ඔබට කරන්න තියෙන දේට ආදරේ කරන්න ඕනෙ. ඔබට කියන්න බෑ “අනේ මම නරක චරිතයක්” කියලා. එතකොට ඔබ ඒක රඟපාන්නෙ කොහොමද?

Dark character එකක් කරනකොට ඒක ඔබට පෞද්ගලිකව බලපෑම් කරනවද?
නැහැ, මට ඒක තවත් එක සාක්කියක්. අධ්‍යාත්මික ගමනක්. මම දෙවියන් වහන්සේව විශ්වාස කරනව. මම මිනිස්සුන්ට බය නැහැ, නමුත් මම දෙවියන් වහන්සේට බයයි.
ඔබ ආගමානුකූල කෙනෙක්ද?
මම මේ කතා කරන්නෙ ආගම ගැන නෙමෙයි. අධ්‍යාත්මිකත්වය ගැන.
මොකක්ද වෙනස ?
මට ආගම කියන්නේ මනුස්සයෙක් ආධ්‍යාත්මිකත්වය ලඟා කර ගන්නා අවස්ථාවට. “මගේ දෙවියන් හරි, ඔයාගේ දෙවියන් වැරදියි.” මටනම් ආගම කියන්නේ මිනිස් හැසිරීම. “ඔයා මුස්ලිම් කෙනෙක් නම්, ඔයාට ක්‍රිස්තියානි වෙන්න බෑ.” මට නම් ඒක ආගමක්. අපි කියනකොට, “අනේ, දෙවියන් ඔයාව බේරගන්නෙ නැහැ. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ඇපල් යුෂ බොන්නේ නැති නිසා ඔයා නිරයේ පුළුස්සා දමාවි.” මොන පිස්සුවක් හරි. කොහොම වුණත්. සොරි.. මං හිතන්නෙ මට ඒ ගැන ලොකු මතයක් නැහැ. එහෙම නේද? (සිනාසෙයි).

අපි ඔබව තිරයේ මේ වගේ දකින්නේ කලාතුරකින් නිසා ඔබ සතුටින් ඉන්නව දකින එක අපූරුයි.
ඒක ඇත්තක් නෙමේ.
හොඳයි, ඔබ සහතිකවම කොමඩි චිත්‍රපටිවල රඟපාන්නෙ නැහැ.
ඒක මේ ව්‍යාපාරයේ ස්වභාවය විතරයි. මුලින්ම මම චරිතාපදාන රඟපෑවා. (සිනාසෙයි) Steve Biko? Malcolm X? Titans? Hurricane? ඊට පස්සේ එකපාරටම ඒක වෙනස්වලා මට Bad Guy ගෙ චරිතය ලැබුණා. ඉතිං මම හිතන්නෙ ඒක මේ ව්‍යාපාරයේ ස්වභාවය කියලා.
ඔවුන් ඔබව රාමු කෙරුව නිසා ඔබට බොහෝ චරිත ප්‍රතික්ෂේප කරන්න වුණාද?
ඇත්ත වශයෙන්ම. මගේ වෘත්තිය පදනම් වී ඇත්තේ නැහැ කියන එක මත. කාලෙකට කලින් සිඩ්නි පොයිටියර් මට කිව්වා ඔබ කරන පළමු චිත්‍රපට හතර හෝ පහෙන් ක්ෂේත්‍රය තුළ ඔබේ තැන තීරණය කරන බව. ඉතින් මම කළ දෙවන චිත්‍රපටය නෝමන් ජෙවිසන් සමඟ වීමත්, මම කළ තුන්වන චිත්‍රපටය සිඩ්නි ලුමෙට් සමඟ වීමත්, මම කළ සිව්වන චිත්‍රපටය රිචඩ් ඇටන්බරෝ සමඟ Cry Freedom වීමත්, ඒ සඳහා මම පළමු වරට නම් කරේ. මම තරඟ සඳහා ගියා. මට කරන්න පුළුවන්කම තිබුණ තව චිත්‍රපට තිබුණා, නමුත් මම කළේ නැහැ.

මොන වගේ ඒවාද?
මම ඒ එකකට “The N… They Couldn’t Kill” කියලා කතා කළා. ඒක භයානකයි. එයාලා කිව්වා, “ඒක කොමඩියක්!” ඔව් හරි. ඉතින් මම ඒක කළේ නැහැ. එයාලා මට ගොඩක් සල්ලි ගෙවන්න සූදානම් වුණා. මම ඇත්තටම ඒ ගැන හිතුවා, නමුත් මම ඒක කළේ නැහැ. මම බලාගෙන හිටියා, මාස හයකට පස්සේ මට Cry Freedom ලැබුණා. මම තරුණ නළුවන්ට කියන්නේ ඒකයි. “ඔයා සම්මුතියකට එන්න ඕනේ නැහැ. ගිහින් පුළුවන් දේ කරන්න.”
කවුරුහරි ඔයාට ඩොලර් මිලියන 20ක් දෙන්න සූදානම් වෙනකොට කරන්න ලේසියි.
මේ සමාජය සහ ක්ෂේත්‍රය තුළ ගොඩක් තරුණ දරුවන්ට දියුණු වෙන්න අවස්ථා නොලැබීම කණගාටුදායකයි. එයාලට පෙනුම තියෙනවා, ඒ වගේම වයස අවුරුදු 20යි, ඒගොල්ලෝ ලොකු තරු, ඒගොල්ලෝ ඇත්තටම රඟපාන්න ඉගෙනගෙන නැහැ. මම ගරු කරන නළු නිළියන් හැමෝම Theatre අය. ඔයා දන්නවද වියෝලා ඩේවිස්, මෙරිල් ස්ට්‍රීප්, ඒ දෙන්නම වේදිකාවෙන් ආව අය.

දැවැන්ත හොලිවුඩ් තරුවක් වෙන්න කලින් ඔබ රංග කලාව පිළිබඳ පුහුණුවක් ලැබුවා නේද?
හොඳයි, මම දැවැන්ත හොලිවුඩ් තරුවක් නෙවෙයි. මම නළුවෙක්. මට තරුවක් කියනවා. නමුත් ඒ මම නෙවෙයි. මුලින්ම මම මනුස්සයෙක්. මගේ වෘත්තිය රඟපෑම. මිනිස්සු ඔයාට පදවි නාම දෙනවා. එයාලා කියනවා ඔයා නැගී එන තරුවක් කියලා, ඊට පස්සේ එයාලා කියනවා ඔයා තරුවක් කියලා, ඊට පස්සේ එයාලා කියනවා ඔයා වියැකී යන තරුවක් කියලා (සිනාසෙයි). ඒ නිසා මම මිනිස්සු මාව හඳුන්වන විදිහට අහු වෙන්නේ නැහැ. මගේ රැකියාව, මගේ වෘත්තිය රංගනය. එපමණයි.
Movie star කියන වචනෙට ඔබ අකමැතිද?
මම පුහුණුව ලත් නළුවෙක්. කවුරුහරි කියන ඕනෑම දෙයක් මටත් කියනවා, ඒක හොඳයි, නමුත් මම, “හේයි! මම තරුවක්. ඔයාට මගේ කාර් එක ඩ්‍රයිව් කරන්න පුලුවන්ද ?” වගේ හැසිරෙන්නෙ නැහැ. මම entertainer කෙනෙක් විතරයි.




