Newsආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

-

spot_img

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර, එතුළින් පුද්ගල ආරක්ෂාවන්, අයිතිවාසිකම් සහ ආර්ථික වාසි අහිමිවීමේ හැකියාවක් පවතින බවත්, මෙම පනත් මඟින් කම්කරු අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බවත් නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ තරුෂි ඩිෂාරා පැවසුවාය.

GSP ප්ලස් සම්මුතිය මෙරටට ගෙන ඒමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් නිති ගෙන ආ යුතු අතර, එය ජාත්‍යන්තර නීතින්ට අනුව ගෙන ආ යුතු බවත් ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාව විශාල වශයෙන් සම්මුතින් සඳහා අත්සන් තබා ඇති බවත්, නිවැරදි පනතක් නොවන බවට ජාත්‍යන්තර සංවිධාන විසින් තහවුරු කර ඇති මෙම පනත ගෙන ඒම මගින් GSP ප්ලස් පිළිබඳව යම් අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Tharushi Dishara
නීතිඥ තරුෂි ඩිෂාරා

මෙවැනි ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුව සූදානම් වන්නේ මෙරට ආර්ථිකයට යම් බලපෑමක් කිරීමටද යන්න ගැන සැකයක් පවතින බව පැවසු ඇය, රජය විසින් ගෙන ඒමට කටයුතු කරන මෙම පනත් පිළිබඳ පිටතින් නොබලා, එහි අභ්‍යන්තරය ගැන අවධානය යොමු කල යුතු බව අවධාරණය කළාය. මෙකී පනත් සම්මත කිරීම හරහා මානව හිමිකම් කඩවීමේ හැකියාව මෙන්ම වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑමක් එල්ලවන බව පෙන්වා දුන්නාය.

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...
- Advertisement -spot_img

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ - Henry Cavill ඔහු කඩවසම්බවේ අපූරුම සංකේතයකි. සුපර්මෑන් ලෙසින් ලොව පුරා ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත්...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you