පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්
ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඇය අද (ඔක්තෝබර් 26 වැනි සඳුදා) සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

ශ්රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්රය තුළ කතාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී, කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සහ අතිශය දුර්ලභ ‘කෲඩියා සෙලනිකා’ (පණු කරඳ ගහ) ශාකය රැකගැනීම වෙනුවෙන් කළ සටන එකළ දැඩි කතාබහට ලක්විය. ඇය නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා දේශපාලන අධිකාරිය සමඟ ගැටුණු එක් ප්රසිද්ධ සිදුවීමක් ලෙස සනත් නිශාන්ත මන්ත්රීවරයා “ඔක්සිජන් කන්නදැයි?” ඇසු අවස්ථාව එකළ ජනප්රිය මාතෘකාවක් විය.




