NovelsShort Storiesරූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි

-

spot_img

රූකඩ සෙවනැලි – Shadow Puppets

මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව ඩෙනිස්ට ඇති රෝගයම වැළඳී ඇත. බැල්කනියෙන් පැනීමට පෙර, තම සෙවනැල්ල අපේ මාස 3 ක දියණිය මෙලිසාට රිදවීමට උත්සාහ කරන බව ඇය විශ්වාස කළාය. ඒ අවුරුදු හයකට පෙරය. පසුගිය සති කිහිපය තුළ, මෙලිසා ඇගේ මව සේම හැසිරුණාය.

පසුගිය සතියේ හදිසියේම මට ඇයව පාසලෙන් රැගෙන ඒමට සිදු වූයේ ඇය බාත්රූම් එකේ විනාඩි තිහක් පමණ කෑගසමින් සිටි නිසාවෙනි. ඇගේම සෙවනැල්ල සිය අත අල්ලා ගැනීමට උත්සාහ කරතැයි ඈ සිතුවාය. ඩෙනිස් සිතුවේත් එලෙසයි. අපි එහි යනවිටත් ඈ තම සෙවනැල්ල තමාට රිදවීමට උත්සාහ කරන බව පැවසූ අතර, ඇයව සන්සුන් කිරීමට මට විනාඩි දොළහක් පමණ ගත විය. සෙවනැල්ලට තනිවම චලනය විය නොහැකි බව ඇයට වටහා දීම නිෂ්ඵල විය. මම කියාදුන් කතා, පාඩම්, ඇයට නොවැටහී ඇතිබව තේරෙද්දී මට දැනුනේ කලකිරීමකි. ඩෙනිස් සමග මෙන්ම. මම මගේ දුවගේ ඇඳේ නිදා ගත්තෙමි. ඈ නින්දට යනතුරු කතා කිව්වෙමි. සෙවනැලි නිෂ්ඵල දෙයක් බව පෙන්වීමට රූකඩ හදා පෙන්නුවෙමි. ඇය ඒවාට හුරුවෙන සෙයක් පෙනෙන්න තිබුණේය. ඒ නිසා, මම සෑම දිනකම පුහුණුවීම් කළෙමි. අත් අල්ලාගෙන සතෙකුගේ හැඩය සෑදීමට ඒවා නිවැරදි ආකාරයෙන් ස්ථානගත කිරීම. ඒ හැමදේම.

Shadow Puppets

මම ඇයවත් නැති කරනොගන්නා බවට දැඩි අධිෂ්ඨානයක පසුවූයෙමි. ඇගේ අම්මා ඩෙනිස්ට උදව් කිරීමට මා දැන සිටියේ නැත. එකළ මම විශ්වාස කළේ ඇගේ මායාවන් පසු ප්‍රසව රෝග ලක්ෂණ වශයෙනි. මම ඇයව මනෝචිකිත්සකයින්, වෛද්‍යවරුන්, පූජකවරුන් වෙත ගෙන ගිය නමුත් ඒ කිසිවකින් ඇයව බේරා ගත නොහැකි විය. නමුත් මට මෙලිසාව බේරා ගත හැකිය.

දිනක් ඇය පාසල හමාරවී ආ පසු මම ඇයට ඇසෙන්නට පීටර් පෑන් කියවමින් කතාවට මගේම ශබ්ද සහ ප්‍රයෝග එකතු කරමින් සිටියෙමි. පීටර් පෑන්ගේ සෙවනැල්ල තනිවම චලනය වන බව මා සඳහන් කළ විට ඇය තිගැස්සෙනු මට පෙනුණි. එය ගොතපු කතාවක් විතරයි කියලා මම ඇයට සහතික කෙරුවද ඇගේ බිය පහව ගියේ නැත. එක්වරම ඇගේ දෑස්වල බලාපොරොත්තුවක් දැල්වුණි.

“තාත්තේ!”

ඇය කෑ ගැසුවාය. මම මගේ දකුණු දබරැඟිල්ල ඇතුළට නමා අනෙක් ඇඟිලි ඉහළට දිගු කර හාවෙක් හැදුවෙමි. ඈ හිනැහුණාය.

“ඔයාට තව එකක් කරන්න පුළුවන්ද තාත්තේ?”

“මට සමාවෙන්න පැටියෝ, ඒත් දැන් ඔයා නිදියන වෙලාව.”

“නරක සෙවනැලි ආපහු එයිද?”

“නෑ පැටියෝ, සෙවනැලි වලට තනියම මුකුත් කරන්න බෑ. ලයිට් ඕෆ් කරාම සෙවනැලි නැහැ. හරිද?”

“හරි…”

“ගුඩ් නයිට් පැටියෝ. මම ඔයාට ආදරෙයි.”

“ඔයාටත් ආදරෙයි.”

Shadow Puppets

මම මගේ කාමරයට ගොස්, ඇඟ සෝදාගෙන ඇඳේ වාඩි වුණෙමි. ඊළඟ රංගනය සඳහා විවිධ හැඩයන් පුහුණු වීමට හැකි වන පරිදි ලාම්පුව බිත්තියට මුහුණලා ස්ථානගත කළෙමි. කකුළුවෙකු සෑදීමට උත්සාහ කළ නමුත් අවසානයේ මට ලැබුණේ මෝඩ පෙනුමැති කුරුල්ලෙකි. ඉන්පසු මම ලාම්පුව නිවා දමා නින්දට ගියෙමි.

මා අවදි වුණේ ලාම්පුවේ ක්ලික් හඬත් සමගයි. හදිසියේම බිත්තිය මත සෙවනැල්ලක් වැටී තිබුණේය. කිසිවක් සිතා ගත නොහැකිව මම කාමරය පුරා බැලුවෙමි. මගේ සෙවනැල්ල බිම පුරා විහිදී, බිත්තිය දෙසට කෙලින්ම යොමු විය. ආලෝකය නිවා දැමීමට හැරෙද්දීම මගේ ඇසට යමක්හසු විය.

සෙලවීම..!

සෙලවෙන දේ අල්ලා ගැනීමට මම හැරුණෙමි. නමුත් මට පෙණුනේ මගේම සෙවනැල්ල පමණි. ඒ මගේම සෙවනැල්ලයි. එය පාලනයකින් තොරව තනිවම චලනය වෙනු පෙනේ. මෙය ඇත්තක්දැයි තහවුරු කරගැනීමට මම දෑස් පිසදමා බැලුවෙමි. පැහැදිලිවම එය චලනය වූ අතර මොහොතකින් එය කාන්තාවක් වැනි තවත් සෙවනැල්ලක් සමග මා සමීපයට එනු පෙනුණි.

“තාත්තේ?”

මට ඉහළින් හඬක් ආවේය. මම උඩ බැලුවෙමි. මගේ දුව එහි සිටිනු පෙනුනි. ඇගේ ඇස්වල ඇස්වල කිරි සුදු පැහැය මගේ ලේ සීතල කළේ බැල්කනියෙන් පැනීමට පෙර ඩෙනිස්ගේ දෑස්ද එලෙසම පැවති නිසාය.

“පැටියෝ?… පැටියෝ? ඔයා කොහොමද එතනට ආවේ?”

හදවත වේගයෙන් ගැහෙද්දී මා වචන ගළපා ගත්තෙමි.

Shadow Puppets

“සෙවනැල්ල, තාත්තේ, එයා කිව්වා මාව අම්මා ළඟට ගෙනියන්න පුළුවන් කියලා. පීටර් පෑන්ගේ සෙවනැල්ල වගේ.. මට අම්මව බලන්න ඕන.”

“හරි…, හරි… ඔතනම ඉන්න, මම ඔයාට උදව් කරන්නම්,”

“ඇයි ඔයා එයාට උදව් කළේ නැත්තේ? අම්මා ඔයාට සෙවනැලි ගැන කිව්වම ඔයා එයා කියන දේ ඇහුවේ නැත්තේ ඇයි?”

ඇය අසා සිටියාය. ඒ මම ඈට කවදාවත් නොකී දෙයකි. ඈ ඒ බව දැනගත්තේ කෙසේද?

“පැටියෝ, ඔතන ඉන්න. මම එනවා.”

“තාත්තේ?”

“ඔව්, දුවේ?”

“මම අම්මව බලන්න යනවා.”

ඇය සිවිලිමෙන් බිමට පැන්නේය. කරකියා ගත හැකි දෙයක් නොවූ තැන මම තදින් දෑස් වසා ගත්තෙමි. ඇගේ ගෙල ලී බිම මත වදින හඬින් මම තිගැස්සුණෙමි. විදුලි ලාම්පුවේ නාදය කාමරය පුරා දෝංකාර දුන්නේය. මෙය බියකරු සිහිනයක් පමණක්ම නම්..? මගේ දුව තවමත් එතැන සිටියාය. මට ඇගේ හඬ ඇසුණි. මම ලාම්පුව දෙසට හැරුණ පසු සෙවනැල්ල මා හා සිනාසී මාවෙත අත දිගු කළේය. මම මගේ සෙවනැල්ල දෙස බැලූවිට ඒ සමීපයේ තවත් අලුත් සෙවනැල්ලක් සිටිනු දැකිය හැකි විය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Kenan Jackson විසින් රචිත Shadow Puppets කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you