ශීත ඍතුවේ මඟියා – Encounter
ශීත ඍතුවේ අඳුරේ ගැඹුරු නින්දෙන් මා අවදි කරන ලා පැහැති හිරු කිරණක් උදා වී තිබේ. හිම කැටි මකුළු දැල් මෙන් ජනෙල් වීදුරුවල ඇලී ඇති අතර මගේ හුස්ම වාෂ්ප දුම්රියක් සේ වීදුරුව මත දුමක් සාදයි. කාමරය හැකිතරම් උණුසුම් කර ඇත. මම ස්නානය නොකර තෙත රෙදි කඩකින් ඇඟ පිසදාගමි. ඉන්පසු උණුසුම් ඇඳුම් ඇඳ ටෝස්ට් සහ සීරියල් කෑමට ගෙන නිවසින් පිට වෙමි.
බස් නැවතුම්පොළ මගේ නිවසින් තරමක් දුරින් පිහිටා ඇති අතර, මම ඇවිදින විට මගේ පියවර හඬ දෝංකාර දෙනු ඇසේ. අළු පැහැ මහත ලේනෙක් මොනවාදෝ සපමින් සිටියි. කොහේදෝ සිට කපුටෙක් කෑගසනු ඇසේ. අබලන් වූ හිස් ගොඩනැගිලි කිහිපයක් සීතල නිසාවෙන් තවත් ගරා වැටුණ ලෙස දිස්වේ. මගේ මනස ප්රදේශය පුරා සැරිසරන විට, පදික වේදිකාවේ කොටසක් මට මග හැරෙන්නේ සපත්තුවේ කොටසක් එතුළ ගිලෙමිනි.

“අපොයි දෙවියනේ!”
මම වුවමනාවටත් වඩා හයියෙන් කෑගැසුවෙමි. මට ලැජ්ජාවක් දැණුනේය. අවසානයේ සීතලේ ගැහෙමින් බස් නැවතුමට පැමිණෙමි. අනතුරුව සීතල බංකුවක ඉඳගෙන, විකාර කවි සහ ජන කලා නිරූපණයන් කියවමින් සිටියේ බසය වේලාසනින් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
“සුබ උදෑසනක්…!”
මම හිස ඔසවා බලමි. ඒ තැනැත්තා පාර්කා ඇඳුමක් ඇඳගෙන, කහ පැහැති ව්යාජ ලොම් වලින් වට වූ තොප්පියක් සහ නූල් සහිත හිස් ඩෙනිම් කලිසමක් ඇඳ සිටී. කාන්දු වන න්යෂ්ටික ප්රතික්රියාකාරකයක් මෙන් ඔහුගෙන් දුගඳක් වහනය වේ. එය නැවුම් පොහොර සමඟ මිශ්ර කළ මුත්රා, අච්චාරු දැමූ ළූණු වැනි ගඳකි. මම මදක් හිනැහෙමි.

“අද උදේ හරිම සීතලයි.”
ඔහු මහ හඬින් පවසයි. ඔහුගේ දත් හැලී ඇත. මම උගුර පිරිසිදු කරමි.
“අහ්, ඔව්.”
“ඇති තරම්.”
ඔහු අසල බංකුවෙන් ඉඳගනියි. මම බොරුවට පාර දෙසට නෙත් යොමමි.
“කොහෙද මේ මගුලේ බස් එක?”
ඔහු මා දෙස බලා සිටින බව මට දැනුණු අතර, මම නැවතත් බස් නැවතුම තුළට මගේ අවධානය යොමු කර, හෙමින් සීරුවේ ඔහුව නිරීක්ෂණය කරමි. අනතුරුව ඔහු තමාටම මුමුණන්නට පටන් ගනී. ඔහුගේ පහත් වචන තමා සමඟම තර්ක කරනවාක් මෙනි. දෑත් සෙලවෙමින්, මුමුණන වේගය පවත්වා ගනිමින් සහ වඩාත් අවධාරණය කරන ලද හඬකින්. මම මගේ බෑගයෙන් ලතින් පොත සොයාගෙන ඔහුට පෙනෙන්නට එය කියවීම අරඹමි. මිමිණීම නැවැත්වූ බව මට පෙනේ. මම ටිකක් විවේක ගැනීමට පටන් ගනිමි.

“මරියානා නොන් අයිම් එස්ට්.”
මගේ ඇස් පිටුවට ඇලී ඇත. වචන නොපෙනේ. සීතල තවදුරටත් නොදැනේ. මම ඔහු දෙස බලමි. ඔහු කෙලින්ම මා දෙස බලයි. ඔහුගේ මුහුණේ මාංශ පේශි ලිහිල් වී ඇත.
“මොකක්ද… ඔයා දැන් කිව්වේ මොකක්ද?”
“හේයි! මම ඔයාට කතා කරන්නේ!”
ප්රතිචාරයක් නැත. මම ඔහු අසලටම ගොස් මා දෙස බලන තුරු බලා සිටිමි. ඈතින් බසය එනු පෙනේ.




