Interviewsඋදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

-

spot_img

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න – Alia Bhatt

බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කලා පවුලකින් සිනමාවට පිවිසි ඇය, කාලයත් සමඟ ජනප්‍රියත්වය සේම දක්ෂතාවද තහවුරු කරගනිමින් බොලිවුඩය සේම හොලිවුඩයද ජය ගත්තාය. Student of the Year, Highway, 2 States, Udta Punjab, Dear Zindagi, Raazi, Gully Boy, Gangubai Kathiawadi සහ Darlings වැනි නිර්මාණ ඔස්සේ විවිධ චරිත හා සංකීර්ණ මනෝභාවයන් නිරූපණය කරමින් ඇයගේ රංගන පරාසය ප්‍රේක්ෂකයන්ට පෙන්වා දීමට ඈ සමත් වූවාය. බොලිවුඩ් නළු රන්බීර් සමග විවාහ වී සිටින ආලියාට රාහා නම් දියණියක් සිටියි. තමා හොඳ මවක් බවක් ආලියා පවසන්නේ. සුප්‍රකට අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලිගේ ද ‘Love & War’ චිත්‍රපටයෙන් ඇය ඉදිරියේදී ප්‍රේක්ෂකයින් හමුවීමට නියමිතයි. 

Alia Bhatt

“මම, මම නොවන වෙනත් කෙනෙක් වගේ මවා පාන්න උත්සාහ කරන්නේ නැහැ. ජනප්‍රිය අය විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. සමහරවිට අපි අතින් දේවල් කියවෙනවා. ඒක වරදක් නෙමේ. Time100 Impact Awards එකේදි මම කිව්ව දෙයක් මට මතක් වෙනවා. ඒ තමයි මම සම්මානයක් දිනාගත්තත්, මට මගේ අඩුපාඩුත් සමරන්න ඕනෙ කියලා. මොකද අද කාලේ කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් වෙන්න ඕන කියන දේ ලොකු ආතතියක්. මගේ ජීවිතේ හැම දෙයක්ම හරි පිළිවෙළට තියෙනවා කියන්න බැහැ වගේම තමයි මම ගාව හැම දේකටම උත්තරත් නැහැ”

ආලියා කතාබහ අරඹන්නේ එලෙසිනි.

Alia Bhatt

“කතා කරන්න දේවල් නැතිවාම නෙවෙයි, නමුත් මේ මොහොතේ මගේ අවධානය යොමුවෙලා තියෙන්නේ වැඩවලට. අපි ගොඩක් වැඩ කරමින් ඉන්නවා. නිෂ්පාදකවරියක් විදියට ඒ කටයුතු සඳහා මගේ කාලය සහ ශක්තිය ගොඩක් වැය කරනවා. ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ තීරණ ගන්න අපි පෙළඹෙන්නේ ඇයි කියලා දැනගන්න මට ලොකු කුතුහලයක් තියෙනවා. මට හිතෙන්නේ ඒ පිටිපස්සෙ ගැඹුරු යමක් තියෙනවා කියලා. ඒ වගේම ඒ දේවල්වලට අප අවට සිදුවන දේවලුත් බලපානවා. කොහොමහරි, වෙනත් කෙනෙකුගේ බලපෑම මත හෝ ස්වභාවිකවම හරි කියලා හිතෙන දේ වෙනුවට, ගණන් බැලීමක් මත තීරණයක් ගත්තොත්, ඒ තීරණය ගැන පසුතැවෙන්න වෙනවා. මට හිතෙන්නෙ එහෙම..ඒකෙන් අදහස් වෙන්නෑ මගෙ ජීවිතේ පසුතැවීම් ගොඩක් තියෙනවා කියලා”

ඇය පවසයි. තමන්ට අනාගතය ගැන දැක්මක් ඇති බැව් ආලියා පවසයි.

Alia Bhatt

“මම විකට චිත්‍රපටයකට ආස වෙනවා. මොකද මම එහෙම එකක් කරලා නැහැ. ඔබට ආශ්වාදයක් ලබා දෙන දේවල් ඔබ සොයාගන්න ඕනේ. උද්යෝගිමත් දේවල් සිද්ධවෙමින් තියෙනවා. මම චරිත දිහා බලන්නේ නැහැ, මාව උනන්දු කරන කතාවලට ආස වෙනවා. හොලිවුඩ් හෝ බොලිවුඩ් වේවා, භාෂාව මොකක් වුණත්. මට ගොඩක් දේවල් කරන්න උවමනා නැහැ. චිත්‍රපට චරිතයක් හැර ලොව පුරා සෑම තැනකම මට සම්බන්ධවෙන වෙන දේවල් නෑ. ලොව පුරා විවිධ පුද්ගලයින්ට, සංස්කෘතීන් හරහා, එකට එක්වීමට හොඳම ක්‍රමයක් තමයි ඒ. මම ගුචි සංදර්ශනයකට යනකොට හෝ කෑන්ස් රතු පලස මත ඇවිදින විට හෝ මෙට් ගාලාවලට යන එක මම ආසම දෙයක්. ඒක විනෝදජනකයි – අවුල් සහගතයි නමුත් විශිෂ්ටයි. ලොව පුරා සිටින සුන්දර කලාකරුවන් බොහෝ දෙනෙක් බෙදා ගන්න වටිනාකම්, ඔවුන් සමඟ සම්බන්ධ වීමට, ඔවුන් කරන වැඩ ගැන ඇසීමට, ඔබ ගැන ටිකක් කතා කිරීමට, ලෝකය කුඩා තැනක් කියන දේ තේරුම් කරනවා.”

ඇය බොහෝවිට සරල විලාසිතා ප්‍රිය කරයි. රැකියාවේදී සහ නිවසේදී තමාගේ හොඳම අනුවාදය වීමට උත්සාහ කරන බව ඈ පවසන්නීය.

Alia Bhatt

“හැම මාසෙකම මගේ කාලසටහන මැනේජ් කරනකොට හැමදෙයක්ම පිළිවෙලට හදා ගන්නවා. මම ඒකට ආදරෙයි. මම කතා කරන්නේ අන්ත වරප්‍රසාදිත තැනක ඉඳලා. මම ගාව ඉඳගෙන ඉන්න අම්ම කෙනෙක්ගෙ කතාවයි මගෙ කතාවයි වෙනස්. නමුත් අපේ අභිප්‍රායන් සමානයි. දරුවන් පෝෂණය කිරීම, ලොකු මහත් කිරීම.

ඊළඟ ප්‍රශ්නය ඇගේ සැමියා සමඟ වැඩ කිරීම ගැනයි.

“ඒක හරිම අමාරුයි වගේ, නමුත් මේකට කිසිම අවාසියක් නැහැ, වාසි විතරයි. ප්‍රශ්නෙ රාහාගේ වැඩ තමයි. අපි චිත්‍රපටයේ වැඩි කොටසක් රෑට හදලා තියෙනවා, ඒ නිසා දවල්ට රාහා එක්ක ඉන්නවා. රන්බීර් ෂූටිං දවස්වලට මම නතර වෙනවා. රාහා හරි බිසී. පන්ති, ක්‍රීඩා වැඩ, ආච්චිලා සීයලා බලන්න යන දවස්. මේව හැමදේම අපි එයාට මැනේජ් කරලා දෙනවා. ව්‍යායාමයකට යන එකේදි පවා මම මටම ප්‍රමුඛත්වය දෙනවා මම ව්‍යායාම කරනවා. රාහාත් එතන දුවනවා. නැත්නම් මම පොතක් කියවනවා. ආයෙමත් ඒක, වරප්‍රසාද ලත් ප්‍රශ්නයක් . ගොඩක් අයට මී ටයිම් එකක් නැහැ. සමහර විට ජීවිතයේ වේගය ඔබට ටිකක් තදින්ම බලපානවා, නමුත් මම මම වෙනුවෙන් වෙලාව ගන්නවා. මගේ තාත්තා නිතරම කියන්නේ නිවාඩුවක් අවශ්‍ය බව. ඔබ ඔබේම නිදන කාමරයේ සැපපහසු වෙන් ඉන්න ඕනෙ. මේවා ලොකු දේවල් නෙමේ. උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න එක, දුරකථනය ව්‍යායාම කිරීම, කියවීම මේව වැදගත්. හැම කෙනෙක්ම ඒ දේවල්ට කාලය හොයාගන්න ඔඉනෙ. මට ඒ කාලය තිබීම, වරප්‍රසාදය තිබීම ගැන, ඒ ආශිර්වාදය ලැබීම ගැන මම කෘතඥ වෙනවා.”

GRAZIA ඇසුරෙනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you