අධ්‍යපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය
2027 අයවැය විවාදයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදු කළ ප්‍රකාශය මේ වන විට මෙරට දේශපාලන හා අධ්‍යාපන ක්ෂේත්රය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. අධ්‍යාපනයට රුපියල් බිලියන 749 ක් වෙන් කළ බවත්, එය සමස්ත රාජ්‍ය වියදමෙන් 12.12% ක් සහ ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල බවත් ඇය පාර්ලිමේන්තුවේදී උජාරුවෙන් ප්‍රකාශ කළාය. එහෙත් ආර්ථික දත්ත සහ ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ, ඇය අතීතයේ පෙනී සිටි සටන් පාඨයට සම්පූර්ණයෙන්ම පටහැනිව යමින් තාක්ෂණික වචන හරඹයකින් සැබෑ කප්පාදුව වසන් කරන සිල්ලර චරිතයක් බවයි.
“සියයට 6” සටන් පාඨය සහ “12.12%” වංචාව
2012 වසරේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර ගෙන ගිය අරගලයේ මූලික පදනම වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීමයි. එම අරගලයේ ඉදිරිපෙළ සිටි වත්මන් අග්‍රාමාත්‍යවරිය, අද බලයට පත් වූ පසු එම මිනුම් දණ්ඩ සම්පූර්ණයෙන්ම මාරු කර තිබේ.

සැබෑ ප්‍රතිශතය 1.91% දක්වා පහතට
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ කණ්ඩායම් පෙන්වා දෙන්නේ 2027 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 749 ක මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1.91% ක් පමණක් බවයි. එය 2026 වසරේ පැවති 2.04% ට වඩා 0.13% ක පහත වැටීමකි.
ජනතාව මුළා කිරීම
අතීතයේ 6% ක් ඉල්ලුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වුවද, අද 12.12% ක් ලෙස පෙන්වන්නේ සමස්ත රාජ්‍ය වියදමෙන් ප්‍රතිශතයයි. මෙම මිනුම් දඬු දෙකෙහි වෙනස සඟවා “6% වෙනුවට අපි 12% ක් දුන්නා” යන හැඟීම සමාජයට දීම සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම අවභාවිත කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ තක්කඩි ක්‍රියාව අගමැතිනිය අපූරුවට කරමින් සිටි.

“ඉතිහාසයේ වැඩිම මුදල” යන කෙප්පය
අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රුපියල් බිලියන 749 යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කළ වැඩිම මුදල බවයි. නමුත් ආර්ථික විද්‍යා මූලධර්ම සහ ඓතිහාසික වාර්තා අනුව මෙය හුදු උද්ධමනකාරී මායාවක් පමණි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු රුපියලේ අගය දැඩි ලෙස කඩා වැටීම නිසා භාණ්ඩ හා සේවා මිල ගණන් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සෑම වසරකම අයවැය ප්‍රමාණය රුපියල් බිලියන ගණනින් වැඩි වීම සාමාන්‍ය දෙයකි. පැවති සෑම ආණ්ඩුවක්ම තම අයවැය “ඉතිහාසයේ වැඩිම මුදල” ලෙස හැඳින්වූයේ මෙම නාමික රුපියල් අගය පදනම් කරගෙනය.
ඉතිහාසයේ මීට වඩා වෙන් කර තිබේ
යුනෙස්කෝ (UNESCO) සහ ලෝක බැංකු දත්තවලට අනුව ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව (GDP ප්‍රතිශතයක් ලෙස) මීට වඩා විශාල මුදලක් අතීතයේ වෙන් කර ඇත. 1996 වසරේදී 3.34% ක් ද, 1973 වසරේදී 3.32% ක් ද, මෑත ඉතිහාසයේ 2016 වසරේදී 3.23% ක් ද අධ්‍යාපනයට වෙන් කර තිබේ. හරිනි මේ අතීතය නොදන්නවා ද විය හැකිය.




