NovelsShort Storiesලියම් සහ සොෆී

ලියම් සහ සොෆී

-

spot_img

ලියම් සහ සොෆී – EASTBOUND

මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි.

“ඩෝනට් එක්ක කෝපි තියෙනවා.”

පුවරුවේ කාඩ්පත ඔබන විට පිටුපස සිටින කෙනාගේ බෑගය මගේ අතේ හැප්පෙයි.

“ස්තූතියි, කැරොල්. මම එනවා.”

මම අනෙක් අය මෙන්ම පෝලිමට එකතු වෙමි. හිසට ඉහළින් අවුල් සහගත හඬක් ඇසෙයි.

“‘නැගෙනහිර දෙසට යන සියලුම දුම්රිය මිනිත්තු 10 ක් දක්වා ප්‍රමාද වෙනු ඇත. සමාවෙන්න…”

නියමයි.! අවම වශයෙන් එය මට කාලය ලබා දෙනු ඇත. ලොක්කා නගරයෙන් බැහැරව සිටින විට, මම රැස්වීම මෙහෙයවන්නෙමි. සඳුදා උදෑසන රැස්වීම් නරකය. සති අන්තයේ නැවුම්ව සිටියවුන්ට සඳුදා දිනය වෙහෙසකාරී දිගු එකකි. ඔවුන් මට වෛර කරනු ඇත. බදාදා යහපත්‍ ය. සතියේ අඩක් ගෙවී ගොස් ඉක්මනින් අලුත් සති අන්තය එනු ඇත. නමුත් සඳුදා එලෙස නොවේ. සඳුදා ගැන කිසිවෙකු තැකීමක් කරන්නේ නැත. දුම්රිය වේදිකාවේදි සැමදා හුරු පුරුදු ඒකාකාරී නිවේදන ඇසේ. දුම්රිය ළඟා වෙන අතර සිටගෙන සිටීමට පමණක් ඉඩ ඉතිරිව තිබේ. ගමන ආරම්භ කරන්නේ කම්පනයකිනි. මම බෑගය ඇඟට තද කරගමි. නිල ඇඳුමින් සැරසුණු යුවතියක් හෙඩ්ෆෝන්වල එක් පැත්තක් කනෙන් ඉවතට ගෙන අවඥාවෙන් මදෙස බලයි.

EASTBOUND

“ඔයා මට ජැක් ගහනවා.”

“අයිම් සොරි…. “

මම මගේ අත අසල ආසනයෙන් තියාගත්තද ඇගේ කෝපය අඩුවුණ පාටක් නැත. වසරකට පමණ පෙර ස්කොට්ලන්තයේ සිට ෆිලඩෙල්ෆියාවල තදාසන්න ප්‍රදේශවලට ගිය විට, සමහර පුද්ගලයින්ගේ අහඹු කෝපය සහ නොසැලකිලිමත් හැසිරීම මට දැන් තේරුම් ගත හැක. තවත් මගීන් ගොඩබෑම නිසා අපි සියල්ලෝම වේදනාකාරී ලෙස තෙරපෙමින් සිටියෙමු.

“ඊළඟ නැවතුම නාර්බර්ත්..”

පටිගත කිරීම ඉහළින් කෙඳිරිගායි. කවුළුවට වැහි පොද වැටේ. මා ඉදිරිපිට සිටින මිනිසාගේ දවල් ආහාරයේ සුවඳ දැනේ. දවල්ට ස්පැගටි කන්නේ කවුද..? ඔහුගේ සහකාරිය ඔහුට තුරුළු වේ. මම අනෙක් දිශාවට නැඹුරු වෙමි. අපි ඉදිරියට ගමන් කරමු.

“ඕවර්බෲක්..!”

මිනිස්සු බැසීමට සූදානමිනි. මම අර යුවතියව දකිමි. මම මේ නගරයට පැමිණ මාස 10 යි දින 15 ක් ගත වී ඇත. ඇය කෙළවර අසුනේ ඉඳගෙන සිටියි. මම කොහේ හිටියද ඇගේ ඉරියව් හඳුනමි. ඇගේ දිගු අඳුරු කොණ්ඩය, කරපටිය, ලප කැළැල් ඇති මුහුණ, කාලය ගතව ඇති නමුදු ඈ වෙනස්ව නැත.

“සොෆී….!”

මම කෑගසමි. මිනිස්සු තිගැස්සී මදෙස බලයි. හෙඩ්ෆෝන් නිසා ඇයට මාව නෑසේ. මම නැවත කෑ ගසමි.

EASTBOUND

“සොෆී…!”

සෙනග මා දෙස බලයි. දෙයියනේ…! අසළ සිටින පූජකයා යමක් කොඳුර‍යි.

“සමාවෙන්න…!”

ඔහු සිනහවක් සමග හිස සොලවයි. මම බෑගයෙන් කොලයක් එලියට ගමි.

“කවුරුහරි ළඟ පෑනක් තියේද? “

ස්පැගටි බඳුන අතැති මිනිසාගේ බිරිඳ මට පෑනක් ලබා දෙයි.

“ස්තූතියි..!”

මම ඉක්මනින් දුරකථන අංකය ඇතුළුව සටහනක් ලියා මා ඉදිරිපිට සිටින රැලි සහිත දුඹුරු හිසකෙස් ඇති කාන්තාවගේ උරහිසට තට්ටු කරමි.

“අළු පාට ලොම් කබායක් ඇඳලා ඉන්න, ඩාක් හෙයා එකක් තියෙන, හෙඩ්ෆෝන් දාල ඉන්න කෙල්ලට මේක දෙන්න”

“කෙල්ල?”

ඇය එක් ඇහිබැම ඉහළට ඔසවා ප්‍රශ්න කරයි.

“ඔයා ස්කොට්ලන්ත ජාතිකයෙක්ද?”

“ඔව්”

මම පෑන ආපසු දෙමි. තරුණියක් මාව ප්‍රශ්න කරයි.

“ඔහේ ලොකු මිනිහෙක්නේ… ඔහේට වයිකිං ලේද තියෙන්නෙ”

“සමහරවිට..”

මම කාන්තාව දෙස ආපසු හැරී බලමි.

“ඒ කෙල්ල, සොෆී, මට එයාව අවුරුදු ගණනාවකට කලින් ට්‍රිප් එකකදි මුණගැහුණා. මම දැන් මෙහේ ඉන්නෙ”

“ඔබ ඇය වෙනුවෙන්ද ආවෙ?”

මහළු මිනිසෙක් ඉතාලි උච්චාරණයෙන් විමසයි.

EASTBOUND

“නෑ… නෑ… රස්සාවක් කරන්න…. නමුත් මම ඇයව කවදාහරි හොයා ගන්න බලාපොරොත්තු වුණා. මට එයාව අමතක වුණේ නෑ”

නාසයට මුදුවක් දැමූ යුවතියක් මා හා හිනැහේ.

“ඒක ලස්සන ට්‍රිප් එකක් වෙන්න ඇති.”

“එක දවසක් විතරයි. පැය 24ක්.”

මම හිස වැනුවෙමි.

“එයා විවාහ ගිවිසගෙන හිටියේ. එහෙම මුකුත් නෑ. අපි නගරයේ ඇවිද්දා. කෑවා, බිව්වා. කතා කළා… ජීවිතේ ගැන, අනාගතේ ගැන.”

මා වටා සිටින සෑම කෙනෙක්ම මම සුරංගනා කතාවක් කියනවාක් මෙන් ආසාවෙන් සවන් දෙති.

“එක දවසක්?”

තවත් කෙනෙක් ප්‍රශ්න කරයි.

“ඔව්, නමුත් මට කවදාවත් ඇයව නොලැබුණත්, ඒ ඇය තමයි කියලා මම දන්නවා. ඒ තමයි ආදරේ”

“නෝට් එක දෙන්න!”

කෙනෙක් කෑ ගසයි.

“ඇය බහින්න කලින්!”

“ඉක්මන් කරන්න! “

තවකෙක් පවසයි. මගේ සටහන ඔවුන්ගේ අත්වලින් ඈ කරා යන විට ඔවුන් හිනැහේ. අවසානයේ, එය සොෆී වෙත ළඟා වේ. ඇය එය කියවා මාව සොයයි.

“සොෆී!”

මම නැවතත් කතා කරමි. ඇය ප්‍රීතියෙන් ඇගේ හෙඩ්ෆෝන් ගලවයි.

“ලියම්…!”

මම ඇගේ තොල්වලින් මගේ නම කියවූ නමුත් රේල් පීලිවල ඝෝෂාවට ඈව ඇසෙන්නේ නැත. මම දුරකථනය පෙන්වමි. ඈ හිස දෙපසට සොලවයි. උමග ඔස්සේ යනවිට අඳුර අපිව වෙලාගනී. දුම්රිය හදිසියේම නතර වේ.

”කරුණාකර ඔබේ ආසනවල රැඳී සිටින්න”

“ෂිට්…!”

මම මටම මුමුණාගමි.

“මට කවුද විහිළු කරන්නේ..? මට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ, දැනුත් නැහැ.”

“මොකක්ද..?”

රැලි කොණ්ඩය ඇති කාන්තාව අසයි. මම තදින් හුස්ම ගනිමි.

EASTBOUND

“දැන් එයාට බබාලත් ඇති”

“ඔයා ඒක දන්නේ නැද්ද? ඇය විවාහ ගිවිසගෙන හිටියෙ කා එක්කද කියලවත්?

“ඇන්ඩෲ එක්ක”

ඉතාලි මිනිසා මෙසේ පවසයි.

“සමහර විට ඇය ඔබ සමඟත් ආදරයෙන් බැඳුණා වෙන්න පුළුවන්”

“මෙච්චර කාලයක් ගියාට පස්සෙත් ඔයාට අමතක කරන්න බෑ කියන්නෙ…”

තරුණිය පවසයි.

“එයා මුද්දක් දාලද ඉන්නෙ ? මට පේන්නේ නෑ…”

මම පවසමි. අනෙක් කෙළවරින් මට හිනා හඬක් ඇසේ. කවුරුන් හෝ කෑ ගසයි.

“එයා බැඳලා නැහැ! සොෆී තනිකඩයි!”

සෙනඟ ඔල්වරසන් දෙයි. මගේ හුස්ම හිරවේ. ඒ ඇය තනිකඩ නිසාද නොඑසේ නම් අවසානයේ මේ නගරයේ සුන්දරත්වය වැටහුණ නිසාදැයි මට නොවැටහේ.

“මම දැන් මොකද කරන්නේ?”

“එයාව එළියට එක්කන් යන්න. කෝපි බොන්න එළියට යන්න!. දැන්ම”

“මට බෑ. මට රැස්වීමක් තියෙනවා.”

“සඳුදා උදේ? ආපෝ ඒක අමතක කරන්න!”

මහළු ඉතාලි මිනිසා නොසැලකිල්ලෙන් පවසයි.

“මම ඒක මෙහෙයවනවා, මම ඇණවුම් කළ ඩෝනට් දැනටමත් ඇවිත් .”

“එහෙනම් වැඩිය හොඳයි. පැණි රහ කන්න හොඳ නෑ.”

තරුණිය අත්පුඩි ගසමින් පවසන්නීය. ඊළඟ නැවතුමට ළඟා වන විට තවත් මැසිවිලි නැඟේ. ආගන්තුකයෙක් මට නමින්ම කතා කරයි.

“ලියම්! දැන් එළියට යන්න!”

“දැන්?”

මම අසමි.

“ඔව්!”

සියල්ලෝම පවසති. මම වේදිකාවට ගොඩබසිමි.

“ලියම්!”

ඇගේ හඬ ඇසේ.

“සොෆී!”

මම දෑත් විහිදා ඈ අසලට යමි. ඇය මාව වැළඳ ගනී. පිටුපසින් ප්‍රීතිමත් මිමිණීම් ඇසේ.

“දෙවියනේ, මම මේ නගරයට ආදරෙයි.”

මම මටම මුමුණාගමි.

“ඒ දවසේ ඉඳන්ම මම ඔයා ගැන ගොඩක් හිතුවා.”

“ඔයා එහෙම කළාද?”

ඇය මගේ අත මිරිකයි.

“ඔව්, මම කොහොමද ඔයාව අමතක කරන්නේ?”

“ඔයාට කෝපි එකක් බොන්න ඕනද?”

“ඔව් ලියම්….”

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Jennifer Skye විසින් රචිත EASTBOUND කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you