Foodනාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

-

spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු – Nasi Goreng

එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. මේ රයිස් වර්ග අතරින් ලංකාවෙ ජනප්‍රියම රයිස් එකක් තමයි නාසිගුරාන් කියන්නෙ (Nasi Goreng). මේක ඉන්දුනීසියාවට ආවේණික ගොඩක් රටවල ජනප්‍රිය කෑමක්. පවුලේ හැමෝටම රසවිඳින්න, ඩිනර් එකකට වගේම විශේෂ උත්සව අවස්ථාවකටත් හොඳටම ගැළපෙනවා. නාසිගුරාන් එකක් නිවැරදිව රසට හදාගන්න විදිහ බලමු. මේකට උණු බත් වෙනුවට කලින් දවසෙ පිසූ බත් ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් වඩාත් රසවත්. 

Nasi Goreng

• අවශ්‍ය ද්‍රව්‍ය

පිසගත් බාස්මතී බත්

සිහින්ව කොටු කපාගත් කුකුල් මස් 150 g Nasi Goreng

පොතු ඉවත් කරගත් ඉස්සන් 100g

රවුමට කපාගත් දැල්ලන් 100g

කොටු කපාගත් කැරට් 100g

සිහින්ව කපාගත් ගෝවා 100g

සිහින්ව කපාගත් ළූණු කොළ 100g

ලොකු ළූණු ගෙඩියක්

රතු මිරිස් කරල් දෙකක් හෝ බෙල් පෙපර් ගෙඩි භාගයක්

ඉඟුරු-සුදුළූණු පේස්ට් තේ හැඳි 2ක්

සෝයා සෝස් සහ ෆිෂ් සෝස් අවශ්‍ය පමණට

ලුණු

ගම්මිරිස් කුඩු

බටර් හෝ තෙල් මේස හැඳි 1ක්

බිත්තර 2ක්

චිලි පේස්ට් මේස හැඳි 1ක්

• සාදන ආකාරය

ඉස්සෙල්ලම ලොකු පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටික දාලා රත් කරගෙන කපාගත් කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් එකතු කර හොඳට බැදගන්න. මේ ටික බැදීගෙන එනකොට කැරට්, ලොකු ළූණු සහ කපාගත් රතු මිරිස් හෝ බෙල් පෙපර් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

Nasi Goreng

දැන් පෑන් එකේ මැදින් පොඩියට ඉඩක් හදාගෙන ගසාගත් බිත්තර දෙක එකතු කරලා ස්ක්‍රැම්බල් කරගෙන අනිත් දේවල් එක්ක ආයෙම කලවම් කර ගන්න. ඊළඟට හීනියට කපාගත් ගෝවා එකතු කරලා තව ටික වේලාවක් බැදගන්න. දැන් චිලි පේස්ට් චිලි පේස්ට් එකතු කරගෙන හොඳට කවලම් කරලා බත් ටික එකතු කර ගන්න. හැන්දෙන් ගොඩක් පොඩි කර ගන්නෙ නැතුව බත් මිශ්‍ර කරමින් විනාඩි පහක් විතර බැදගන්න.

අන්තිමට රස අනුව සෝයා සෝස්, ෆිෂ් සෝස්, ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කර රස බලන්න. කැමති නම් සීනි ස්වල්පයක් එකතු කරන්නත් පුළුවන්. දැන් ලිප ඕෆ් කරලා ළූණු කොළ ටික එකතු කරලා හොඳට කවලම් කරන්න. සාමාන්‍යයෙන් නාසිගුරාන් එක බැදගත්ත බිත්තරයක් එක්ක පිළිගන්වනවා. මේකට බැදගත් ඉස්සන්, චිකන් හෝ අන්නාසි, තක්කාලි, පිපිඤ්ඤා පෙති එකතු කරගෙන සරසගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you