වෙනස්ම රසයක කෑමක් දැල්ලෝ ඩෙවල් – Devilled Squid
දැල්ලෝ කියන්නේ සී ෆුඩ් අතරෙ ජනප්‍රියම කෑමක්. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ දැල්ලො කරියක් විදිහට හදා ගන්න. ඒත් මේ දැල්ලො ඩෙවල් එක කියන්නෙ වෙනස්ම රසයක් තියෙන කෑමක්. කටට රසට කන්න කැමති අයට ගැලපෙනම කෑමක්. ගෙදරදිම දැල්ලො ඩෙවල් එකක් හදා ගන්නෙ කොහොමද බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය
දැල්ලෝ 500g
ලොකු ළූණු ගෙඩි 2ක්
මාළු මිරිස් කරල් 2ක් 
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 3, 4ක්
ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1ක්
කෑලි මිරිස් මේස හැඳි 1½ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
කහ කුඩු තේ හැඳි ¼ක්
සෝයා සෝස් මේස හැඳි 1ක්
තක්කාලි සෝස් මේස හැඳි 2ක්
සීනි තේ හැඳි ½ක්
රස අනුව ලුණු
පොල්තෙල් අවශ්‍ය පමණට
කරපිංචා
රම්පේ
සාදන ආකාරය
මුලින්ම දැල්ලෝ හොඳින් පිරිසිදු කරලා සෝදාගෙන රවුමට කපාගන්න. දැල්ලෝ ටිකට කහ කුඩු, ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට විනාඩි දහයක් විතර සීසන් වෙන්න තියන්න.
දැන් තාච්චියක් ලිපේ තියලා පොල්තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්න. තෙල් රත් වුණාට පස්සෙ දැල්ලෝ ටික තාච්චියට දාලා විනාඩි 3–4ක් විතර බැදගන්න. දැල්ලො ගොඩක් වෙලා බැදගන්න එපා. එතකොට තද ගතිය වැඩි වෙනවා. බැදගත් දැල්ලො ටික වෙනම භාජනයකට අයින් කරගන්න.




