Foodගෙදරදීම විශේෂ කහ බතක්

ගෙදරදීම විශේෂ කහ බතක්

-

spot_img

ගෙදරදීම විශේෂ කහ බතක් – Special Yellow Rice

කහබත් අපෙ රටට ආවේණික ඉස්සර ඉඳලම උත්සව අවස්ථාවලට නැතුවම බැරි කෑමක්. කහබත් වල ස්පෙෂල්ම දේ තමයි ඒකට ආවේණික සුවඳ. රසට සුවඳට ගෙදරදීම කහබත් එකක් හදාගන්නෙ කොහොමද කියල බලමු.

Special Yellow Rice

• අවශ්‍ය ද්‍රව්‍ය (හතර දෙනෙකුට)

කීරි සම්බා සහල් කෝප්ප 1½

සුදුළූණු බික් 3ක්

ඉඟුරු කැබැල්ලක් Special Yellow Rice

බටර් මේස හැඳි 1ක්

කරදමුංගු කරල් 4ක්

කරාබුනැටි 4ක්

ගම්මිරිස් ඇට 10ක්

කහ කුඩු තේ හැඳි ¼ක්

කරපිංචා ඉත්තක්

රම්පේ කොළයක්

සිහින්ව කපාගත් ළූණු කෝප්ප ¼ ක්

කුකුළු මස් ස්ටොක් හෝ එළවළු ස්ටොක් කෝප්ප 2ක්

පොල් කිරි කෝප්ප ¼ ක්

රස අනුව ලුණු

• සාදන ආකාරය

සහල් හොඳට හෝදගෙන සම්පූර්ණයෙන්ම වතුර ඉවත් වෙන්න පෙරාගෙන පැත්තකින් තියන්න. (කහ බත් එකට ඇලෙන්නෙ නැති සහල් එකක් තමයි ගන්න ඕනේ. කීරි සම්බා, සූදුරු සම්බා, මුතු සම්බා වගේ සහල් හොඳයි) ඉඟුරු සහ සුදුළූණු හොඳට පේස්ට් එකක් වෙන විදිහට තලාගන්න. කරදමුංගු කරල් පිහියක පැතලි පැත්තෙන් ටිකක් තලලා විවෘත කරගන්න.

දැන් රයිස් කුකර් එක ඔන් කරලා බටර් මේස හැන්දක් එකතු කරලා මෙල්ට් කර ගන්න. මේකට කරදමුංගු, කරාබුනැටි සහ ගම්මිරිස් ඇට එකතු කරන්න. ඊළඟට රම්පේ සහ කරපිංචත් දාලා තත්පර කිහිපයක් හොඳට කලවම් කරගන්න. දැන් තලාගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක සහ කපාගත් ළූණු එකතු කරන්න.

Special Yellow Rice

ළූණු ටික ලා දුඹුරු පාට වෙනකං කලවම් කරමින් පිසගන්න. ඊළඟට සහල් ටික එකතු කරන්න. එයටම කහ කුඩු එකතු කරලා ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. දැන් කුකුළු මස් ස්ටොක් හෝ එළවළු ස්ටොක් සහ පොල් කිරි එකතු කරන්න. ඔක්කොම ආයෙමත් කවලම් කරලා කර රස අනුව ලුණු එකතු කරන්න. ඊට පස්සෙ මූඩිය වහලා සාමාන්‍ය බත් එකක් උයන ආකාරයට උයාගන්න.

බත් එක උයාගත්තට පස්සෙ කරදමුංගු, කරාබුනැටි සහ රම්පේ කොළ ඉවත් කරගන්න. ඊට පස්සෙ බත් ඇට කැඩෙන්නෙ නැති විදිහකට පොඩි හැන්දකින් හරි ෆෝක් එකකින් හරි බත් එක කවලම් කරගන්න. බැදගත් ළූණු, බැදගත් කජු සහ අවශ්‍ය නම් ග්‍රීන් පීස් ටිකක් දාලා කහබත් එක සරසා ගන්න පුළුවන්. කහ බත් එක්ක ඩෙවිල්ඩ් චිකන්, බ්ලැක් පෝක් කරි, අල කරිය, පරිප්පු කරිය, වම්බටු මෝජු, බෝංචි තෙම්පරාදුව වගේ දේවල් හොඳටම ගැළපෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...
- Advertisement -spot_img

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

කීරත්

කීරත් - Resolution කීරත් තොල් තද කරගෙන මුමුණමින් සිටියාය. හිස වමට හරවා නැවතත් දකුණට හරවා, ඉදිරිපිට ඇති කැමරාව හා ඇස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you