Foodපැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

-

spot_img

පැණි රසට කැමති අයට හකුරු පුඩිං – Jaggery Pudding

පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම රසට සුවඳට හකුරු පුඩිං එකක් හදාගන්න විදිහ බලමු. 

Jaggery Pudding

• අවශ්‍ය ද්‍රව්‍ය

කිතුල් හකුරු 200g

පොල් කිරි 400 ml

බිත්තර 4 ක්

වැනිලා තේ හැන්දක්

ලුණු ස්වල්පයක්

එනසාල් කුඩු ස්වල්පයක්

Jaggery Pudding

• සාදන ආකාරය

ඉස්සෙල්ලම කිතුල් හකුරු පොඩි කෑලිවලට කපාගන්න. භාජනයකට හකුරු ටික දාලා පොල් කිරි ටිකකුත් එකතු කරලා අඩු ගින්දරේ රත් කරමින් හකුරු ටික දිය කරගන්න. හකුරු ටික සම්පූර්ණයෙන් දියවුණාට පස්සෙ මිශ්‍රණය පෙරලා නිවෙන්න තියන්න.

ඊළඟට වෙනම භාජනයකට බිත්තර හතර දාලා කහමදය සහ සුදුමදය හොඳට මිශ්‍ර වෙනකං හිමීට බීට් කරගන්න. ඊට පස්සෙ නිවාගත්ත හකුරු මිශ්‍රණයට ඉතිරි පොල් කිරි ටිකත් එකතු කරන්න.මේකටම බීට් කරගත්ත බිත්තරත් හෙමීට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් වැනිලා, ලුණු සහ එනසාල් කුඩු ටිකත් එකතු කරන්න. ඊට පස්සෙ මිශ්‍රණය සිහින් පෙරනයකින් පෙරාගන්න. එතකොට පුඩිං එක සොෆ්ට් වෙනවා.

Jaggery Pudding

දැන්, මිශ්‍රණය බටර් ස්වල්පයක් ආලේප කෙරුව භාජනයකට දාලා ඇලුමිනියම් ෆොයිල්වලින් ආවරණය කරගන්න. ඊට පස්සෙ ස්ටීමරයක තියලා මද ගින්දරේ විනාඩි 35–50 ක් වගේ තම්බගන්න. පුඩිං එකේ මැදට ඉරටුවක් ඇතුළු කරාම නොඇලෙන ගතියට එනවනං පුඩිං එක සූදානම්. පුඩිං එක නිවුණට පස්සෙ පැය දෙකක් තුනක් අතර කාලයක් ෆ්‍රිජ් එකේ තියන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...
- Advertisement -spot_img

හුවාගේ නුඩ්ල්ස් අවන්හල

හුවාගේ නුඩ්ල්ස් අවන්හල - A Bowl of Noodles කපුටෝ ලයිට් කණුව මතට එක්කාසු විය. ඔවුන්ගේ බර දැරිය නොහැකිව වයර් තරමක්...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you