Foodබර්ත්ඩේ එකකට හොඳම තේරීමක්

බර්ත්ඩේ එකකට හොඳම තේරීමක්

-

spot_img

බර්ත්ඩේ එකකට හොඳම තේරීමක් – Red Velvet Cake

මේ දවස්වල ජනප්‍රියම කේක් වර්ගයක් තමයි රෙඩ් වෙල්වට් කේක්. රස වගේම ලස්සන පෙනුමකුත් තියෙන රෙඩ් වෙල්වට් කේක් තේ වෙලාවට, උත්සව අවස්ථාවලට, බර්ත්ඩේ එකකට හොඳම තේරීමක්. ගෙදරදීම හරියටම රසට රෙඩ් වෙල්වට් කේක් හදාගන්නෙ කොහොමද බලමු. මේ කේක් එක 12 දෙනෙක් සඳහා ප්‍රමාණවත්.

• අවශ්‍ය ද්‍රව්‍ය

Cake flour 360 g

Baking soda තේ හැඳි 1ක්

කොකෝවා පවුඩර් 10g ක්

ලුණු තේ හැඳි ½ක්

බටර් ග්‍රෑම් 113g

සුදු සීනි 400g

එළවළු තෙල් 240 ml

බිත්තර 4ක්

වැනිලා මේස හැඳි 1ක්

සුදු විනාකිරි තේ හැඳි 1ක්

රතු පාට Food coloring

බටර් මිල්ක් 240ml

Red Velvet Cake

• Cream Cheese Frosting එකට

ක්‍රීම් චීස් 452g

බටර් 170 g

අයිසිං සීනි 600 g ක්

වැනිලා තේ හැඳි 1½ක්

ලුණු ස්වල්පයක්

• සාදාගන්නා ආකාරය

ඉස්සෙල්ලම අවන් 177°Cට ප්‍රී හීට් කරගන්න. අඟල් 9ක රවුම් කේක් ට්‍රේ දෙකක බටර් ගාලා ඒවගෙ පතුලට රවුම් හැඩයට කපාගත් Parchment paper අතුරන්න. පේපර් එකෙත් බටර් ටිකක් ගාගන්න.

දැන් ලොකු භාජනයකට Cake flour, බේකින් සෝඩා, කොකෝවා පවුඩර් සහ ලුණු දාලා හොඳට හලාගෙන කවලම් කරගන්න. වෙනත් භාජනයකට කාමර උෂ්ණත්වයේ තියෙන බටර් සහ සීනි දාලා විනාඩියක් විතර බීට් කරගන්න. ඊටපස්සෙ බිත්තර කහමද, තෙල්, වැනිලා සහ විනාකිරි එකතු කරලා තවත් විනාඩි දෙකක් විතර බීට් කරන්න. බිත්තර සුදුමද ටික වෙනම තියාගන්න.

Red Velvet Cake

 

දැන් ඉස්සෙල්ලා හදාගත්ත පිටි මිශ්‍රණය කොටස් දෙක තුනකට බෙදලා, බටර් මිල්ක් එක්ක මාරුවෙන් මාරුවට බැටර් එකට එකතු කරන්න. අඩු වේගයෙන් මේ ඔක්කොම බීට් කරගෙන ඔක්කොම මිශ්‍ර වුණාට පස්සෙ රතුපාට ෆුඩ් කලරින් එකතු කරන්න.

ඊළඟට වෙනම භාජනයක බිත්තර සුදුමද හතරම ඉහළ වේගයෙන් විනාඩි 3ක් බීට් කරන්න. ඒක කේක් බැටර් එකට එකතු කරලා මෘදුව කලවම් කරන්න. මේකෙන් කේක් එකට සොෆ්ට් ගතියක් ලැබෙනවා. දැන් බැටර් එක ට්‍රේ දෙකට සමානව දාලා විනාඩි 30–32ක් බේක් කරගන්න. කේක් එකේ මැදට ටූත්පික් එකක් ඇතුලු කරලා එළියට ගන්නකොට බැටර් එක තෙත ගතියට නොඇලී තියෙනවද කියලා බලන්න. අවශ්‍ය නම් තවත් මිනිත්තු කිහිපයක් බේක් කරන්න. (වැඩිපුර බේක් කිරීමෙන් කේක් එක වේලෙන්න පුළුවන්.) බේක් කළ කේක් දෙක ට්‍රේ එක තුළම සම්පූර්ණයෙන් සිසිල් කරගන්න.

Red Velvet Cake

• Cream Cheese Frosting එක හදාගන්න

භාජනයකට ක්‍රීම් චීස් සහ බටර් දාලා විනාඩි 2ක් සොෆ්ට් වෙනකං බීට් කරන්න. ඒකට අයිසිං සීනි, වැනිලා සහ ලුණු එකතු කරන්න. පළමුව අඩු වේගයෙන් තත්පර 30ක් බීට් කර පසුව ඉහළ වේගයෙන් විනාඩි 3ක් බීට් කරන්න. අයිසිං එක ක්‍රීම් වගේ සොෆ්ට් එකට තියෙන්න ඕන.

ඊළඟට සිසිල් වූ කේක් දෙකේ උඩ අසමාන කොටස් තුනීව කපලා ඉවත් කරන්න. පළමු කේක් තට්ටුව පිඟානක තියලා උඩින් Frosting තට්ටුවක් ආලේප කරන්න. දෙවන කේක් තට්ටුව ඒකට උඩින් තියලා ඉතිරි Frosting ටික කේක් එකේ උඩ සහ පැතිවල ආලේප කරගන්න. කේක් එක කපන්න කලින් විනාඩි 30–60 ක් අතර කාලයක් ෆ්‍රිජ් එකේ තියන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...
- Advertisement -spot_img

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you