හැමිල්ටන් ඇළ දිගේ හලාවත සිට කොළඹ කොටුවට – Hamilton Canal
හැමිල්ටන් ඇළ පිළිබඳ විශේෂයෙන් හඳුන්වා දිය යුතු නැහැ. බොහෝ දෙනා ඒ පිළිබඳ දනිති. පෘතුගීසීන් විසින් තම වෙළඳ කටයුතු සඳහා මෙය ඉදිකර තිබෙනවා. හැමින්ටන් ඇළ පුත්තලමෙන් ආරම්භ වී මුහුද ආසන්නයෙන් හලාවතට ගලාවිත් මෝයට සම්බන්ධ වී පසුව කොළඹ කොටුව දක්වා ගලායයි. හලාවත යනු ධීවර කර්මාන්තයට වඩාත් ප්‍රසිද්ධ ප්රදේශයකි. හලාවත මෝය ධීවර කටයුතුවලට සුවිශේෂී වගේම හලාවත ධීවරයෝද හැමිල්ටන් ඇළට තම හදවත මෙන් සලකති.

හලාවත මෝය තවත් විශේෂිතය. එනම් මෝය කලපුව හා වයඹ ප්‍රධාන ජල පෝෂකය වන දැදුරු ඔය එකට හමුවන්නේ හලාවතදීය. හලාවත ජනතාව කලපුව ලෙස හඳුන්වන්නේ හැමිල්ටන් ඇළටය. මෙවන් සුවිශේෂිත වූ හැමිල්ටන් ඇළ ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද විශාල දායකත්වයක් ලබාදෙයි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමටද හැකි වූ මෙය හලාවත ජනතාවට මෙන්ම අවට ප්රදේශවලටද විශාල වටිනාකමක් ලබා දී තිබෙනවා. එපමණක් නොව සංචාරක ව්‍යාපාර සඳහාද විශාල වටිනාකමක් එකතුකර තිබෙන අයුරු දැකගත හැකියි.

හලාවත සංචාරක ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. දේශීය මෙන්ම විදේශිකයන් අතර හලාවත ඉතා ජනප්‍රියයි. හලාවත ඉපැරැණි දේවස්ථානය මුන්නේශ්වරම් කෝවිල, කුරුස පල්ලිය, තලවිල පල්ලිය මෙන්ම කල්පිටිය වැනි සංචාරක ප්‍රදේශ සහ ස්ථාන නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය ද හලාවතට හිමිවී තිබෙනවා.

හැමිල්ටන් ඇළ ධීවර ජනතාවට මෙන්ම හෝටල් හිමියන්ටද අනගි සහායක් ලබා දෙනවා. හැමිල්ටන් ඇළ දෙපස ඉදිකර ඇති හෝටල් වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්හට නවමු අත්දැකීමක් ලබා දීමට හෝටල් හිමියන් කටයුතු කර ඇත. ඒ හැමිල්ටන් ඇළේ බෝට්ටු සවාරිියක් සංවිධානය කර තිබීමයි. මෙය සංචාරකයන්ටද වෙනස්ම වූ අත්දැකීමක් ගෙන දෙනවා. පසුගිය දිනක අපටද හැමිල්ටන් ඇළේ සංචාරක අත්දැකීම විඳගැනීමට අවස්ථාව උදා වුණා. මෙම සංචාරය සංවිධානය කරනු ලැබුවේ හලාවත පිහිටි ඉතාම ජනප්‍රිය සංචාරක හෝටලයක් වන Mikayla Resort හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුජීව විජේතුංග විසිනි.

අපේ මෙම සංචාරය පැය දෙකකට පමණ සීමා විණි. ඔබට අවශ්‍ය නම් ඊට වඩා කාලයක් ගත කිරීමට ඒ සඳහාද අවස්ථාව උදාකර ගැනීමට පුළුවනි. හැමිල්ටන් ඇළ සංචාරයේදී වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවන්නේ කඩොලාන ශාකයි. කඩොලාන සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන පම්බල කඩොලාන කලාපය මෙම සංචාරයේදී දැකගැනීමට හැකි ප්‍රධානම ස්ථානයකි. හෙක්ටයාර 189ක පමණ භූමි ප්‍රමාණයක විසිරී ඇති මෙහිදී කඩොලාන වර්ග 22 ක් පමණ නැරැඹීමේ හැකියාව පවතිනවා.

මෙයට අමතරව ඇළ දෙපස කුරුලු විශේෂ බොහොමයක් දැක ගත හැකියි. මෙහි විශේෂිතම පක්ෂියා වන්නේ උකුස්සායි. වසරේ අගෝස්තු, සැප්තැම්බර්, දෙසැම්බර් හා ජනවාරි කාලවලදී උකුස්සන් රංචු වශයෙන් දැක ගැනීමට හැකි බව පැවසෙනවා. මෙම සංචාරයේ අපූරුතම අත්දැකීම වන්නේ හලාවත මෝයයි. මුහුද හා කලපුව අතර වෙරළ තීරය ඉතා ආකර්ෂණීයයි. රිසිසේ විනෝද වීමට කදිම වූ ස්ථානයකි. මෙහිදී දිය නෑමටද හැකි වීම නිසා සංචාරකයන් මෝයෙහි කාලය ගත කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවත් සුජීව විජේතුංග සඳහන් කර සිටියා.

හැමිල්ටන් සංචාරයේ ඇස ගැටෙන ස්ථාන බොහොමයකි. දුම්රිය ස්ථානය, ලන්දේසි දේවස්ථානය මෙන්ම ධීවර බෝට්ටු එක දිගට ගොඩ ගසා තිබෙන අයුරුද අපූරු දසුනකි. මෙම ඇළ ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන අතර ඉස්සා, කකුළුවා, තබලයා, මෝද්දා වැනි මසුන් බහුලව සිටින බවයි සඳහන් වන්නේ. ඇළ දිගටම ඉස්සන් සහ මෝද්දෝ කොටු සාදා තිබෙනවා. එමෙන්ම කලපු කකුළුවෝ අල්ලන ධීවරයන්ද ඇළ දිගේ අපට දැක ගත හැකියි. මෙම සංචාරය විදේශිකයන් අතර හරිම ජනප්‍රිය බවත් හෝටලයට පැමිණෙන දේශීය සංචාරකයන් මෙම සංචාරයට යොමු කිරීම තම උත්සාහය බවත් සුජීව විජේතුංග වැඩිදුරටත් අප හා සඳහන් කර සිටියා.

“හලාවත කියන්නේ ආර්ථික අතින් ඉතාම වැදගත්කම් රාශියක් තිබෙන ප්‍රදේශයක්. සංචාරය කරන්න බොහොම තැන් තියෙනවා. ඒ වගේම මෙවැනි සංචාරයන්හි වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට පුළුවන්. බොහෝ අය මුලින් සංචාරයට මැලි වුණත් සංචාරයෙන් පසු ඔවුන් වඩාත් සතුටට පත් වූ බවත් පවසනවා. හැමිල්ටන් ඇළ සොබා දහමේ අපූරු නිර්මාණයක්. එය රැක බලා ගැනීම, ආරක්ෂා කර ගැනීම අපේ මූලික අරමුණ හා වගකීමයි. එය අපි ඉටුකරනවා අනෙක මෙහි අපූර්වත්වය සංචාරකයන්ට ලබා දීමට අපි කැපවෙනවා. මෙම සංචාරයේදී සංචාරකයන්ට මාළු ඇල්ලීමට, මාළු කොටු නැරැඹීමට වගේම මෝයෙහි නැවැතී ආහාර ගැනීමට මෙන්ම BBQ පහසුකම් අවශ්‍ය නම් ඒ සඳහා ද අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබෙනවා.”

Mikayla Resort හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුජීව විජේතුංග පැහැදිලි කර සිටියේ එලෙසයි. හලාවත සංචාරය කරන ඔබ හැමිල්ටන් ඇළෙහි බෝට්ටු සංචාරයක් අත්විඳීමට අමතක නොකරන්න. එය සැබැවින්ම අපූරුතම අත්දැකීමකි. එවැනි අපුරු සංචාරයක් සංවිධානය කරගැනීමටත්, නවීන පන්නයේ සංචාරක හෝටල් අත්දැකීමක් ලබාගැනීමටත් ඔබට පහත ලිපිනය හා ඇමතුම් ඔස්සේ සම්බන්ධ විය හැකියි.
📍 Location: (click here for the web site)
No 23, Ebert silva Road,
Maikkulama, chilaw.
📞 Reservations Available:
0322222345
0742008119
0773480943
Mikayla Resort ගැන යු ටියුබ් වීඩියෝවක් මෙතැනින් බලන්න
(426) Mikayla Resorts one and only hotel without a service charge සර්විස් චාර්ජ් නැති ලංකාවේ එකම හෝටලය – YouTube





